IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විෂමාචාරවලට ඇල්ලූ පාර්ලිමේන්තු සේවකයන් දෙන්නාගේ වැඩ තහනම්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු  පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු මූලික පරීක්ෂණයකින් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට දුන් වාර්තාවක් අනුව  ඔහුගේ උපදෙස් මත  එම සේවකයන් දෙදෙනා මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

සේවකයන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භවී ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සැකකාර සේවකයන් දෙදෙනාගෙන් අයකු පාර්ලිමේන්තු නිලධාරින් විසින් අල්ලා ගනු ලැබුවේ ටින්කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය පිට කරන ලදැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙනි. අනෙක් සේවකයා හෙරොයින් මිලිග්‍රෑම් සියයක්ද සමඟ තලංගම පොලිසිය විසින්  බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සිද්ධීන් දෙකම සිදුවී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 5 වැනිදාය.

මේ අතර පාර්ලිමේන්තුවට සේවකයන් පැමිණෙන අවස්ථාවේදී මෙන්ම පිට වන අවස්ථාවේදීද  ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙලෙස උපදෙස්දී  ඇත්තේ  පාර්ලිමේන්තුවේ භාණ්ඩ පිට කිරීමේ සිද්ධීන් වැඩිවීම සැලකිල්ලට ගෙනය.

ඇතැම් සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල මුදලක් අහිමි වන බව ගණන් බලා ඇත.



අදහස් (2)

විෂමාචාරවලට ඇල්ලූ පාර්ලිමේන්තු සේවකයන් දෙන්නාගේ වැඩ තහනම්

sharm warn Friday, 07 October 2022 05:15 PM

රාජ්‍ය දේපළ අවභාවිතා කරන මන්ත්‍රීලාව මේ වගේ අල්ලන්නේ නැද්ද එතකොට...?

:       1       10

Bunny Preena Saturday, 08 October 2022 10:38 AM

ප්‍රමාද වෙලා හරි කවුන්සිලේ ලොක්කන්ට මෙවැනි අදහසක් පහළ වෙච්චි එක ලොකු දෙයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 560 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 8 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 484 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 832 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1493 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 83 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21560 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site