IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්‍රාගාර දෙකටම බලපෑම්

විනීතා එම් ගමගේ

කැලණි ගඟට මීටර් 100 ආසන්නයේ කඩුවෙල වෙලේ හන්දියේ පහත් බිමක දමා ඇති වැසිකිලි අපද්‍රව්‍ය බවුසර් කිහිපයක් නිසා බියගම හා අඹතලේ ජල පවිත‍්‍රාගාර දෙකට සැපයෙන ජලය දුෂණය වීමේ අවදානමක් පවතිතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.


පෞද්ගලික සමාගමකට අයත් මෙම ඉඩමට ඉකුත් 16 වැනිදා ගලි බවුසර් තිහක පමණ ප‍්‍රමාණයක් ගෙනැවිත් දමනු  ලැබ ඇත්තේ එකී සමාගමේ අනුබද්ධ තවත් සමාගමක් විසිනි.
 
ඉදිරි දිනවල දී මහවැසි ඇද හැලූනහොත් මෙම අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් ඊට පෙර මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට සියලූ පියවර ගත් නමුත් මෙතෙක් එය සිදුව නැති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම ඉඩමට කිසිදු අපද්‍රව්‍යක් මුදා හැරිම තහනම් කරමින් අධිකරණය මගින් ලබා දී ඇති නියෝගයක් ක‍්‍රියාත්මක වෙමින් පවතිද්දි මෙම අපද්‍රව්‍ය තොග ගෙනැවිත් දමා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරියට එවැනි අවස්ථාවක අපද්‍රව්‍ය ඉවත් කිරීමට බලතල නැති බැවින් සිද්ධිය අධිකරණයට වාර්තා කළ බව ද ඔහු සදහන් කළේය.

මේ වනවිට ප‍්‍රදේශයේ දුඟද හමන බවත් පොලිසිය මගින් මේ සම්බන්ධව අධිකරණය වෙත වාර්තා කර ඇති අතර අධිකරණය මේ පිළිබද අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගන්නැයි පළාත් පාලන කොමසාරිසවරයා වෙත නියෝග කර ඇතැයි ද සභාපතිවරයා කීය.  

එසේ වුවත් දින 22 ක් ගතවන තුරුත් ඒ සම්බන්ධ නිසි ක‍්‍රියාමාර්ග ගෙන නැති බව කී අමරසිංහ මහතා පවතින තත්ත්වය යටතේ කැලණි ගඟේ පානීය ජලය පිළිබද ප‍්‍රශ්නයක් ඇති වීමෙන් වැළැක්වීමට යෙදිය හැකි උපක‍්‍රම පිළිබදව සොයමින් සිටින බවත් කියා සිටියේය.
 



අදහස් (15)

වැසිකිළි අපද්‍රව්‍ය හේතුවෙන් බියගම – අඹතලේ ජල පවිත්‍රාගාර දෙකටම බලපෑම්

dewa Monday, 06 April 2020 09:11 AM

මහත්තයෝ මේවා ගැන මෙ වෙලාවෙ ප‍්‍රකාශ නිකුත් කර කර ඉදලා වැඩක් නැහැ. වුවමනා පියවරවල් නොපමාව ගන්න. අපි මැරෙන්නේ කොරෝනාව නිසා නොවෙ... පාචනය හැදිලා...

:       0       13

ShanthaTuesday, 07 April 2020 03:16 AM

මේ දෙපොලේම ජල සම්පාදන මණ්ඩලය පැය 24 පුරා ජලයේ තත්වය නියම ආකාරයෙන් පරීක්ෂා කරනවා.නොබියව බොන්න

:       0       1

namal Monday, 06 April 2020 09:32 AM

රජය අපහසුවට පත් කිරීමේ සැලසුමේ කොටසක්...

:       35       107

KumarMonday, 06 April 2020 04:20 PM

රජයේ ලොකු ලොක්කෝ මේවගේ පුවත්පත් කියවන්නේ නැද්ද? අපහසුවක් වෙනවනම් ඉක්මණින් ක්‍රියාකරන්න ඕනෙනේ. තමන්ගේ මන්දිරවලට වෙලා ඉන්න අය බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන් වගේ අය ඒගොල්ලන්ගේ කැලිකසල අදී කියලයි.

:       30       8

Mahee Monday, 06 April 2020 09:47 AM

පරිසර අධිකාරියට බලයක් නැහැ, අධිකරණය නියෝගයක් දීල, පලාත්පාලන කොමසාරිස් අක්‍රියයි. මොනවටද මේ රාජ්‍ය ආයතන තිබිල ඇති පලේ, මෙච්චර හානියක් කරලා තියෙන කොම්පැනි කාරයෙකුට කියල මේ ජරාව අස්කරවන්න බැරි නම්? හදිසි නීතිය යටතේ හමුදාවටවත් කියමුද?

:       0       23

රවින් Monday, 06 April 2020 10:38 AM

මෙම ක්‍රියාව පිටිපස කාලකන්නි දේශපාලුවෙක්ගේ හස්තයක් තිබෙන හැඩයි. මොන රටේ වුවත් දේශපාලුවෝ ලෝකයේ තිබෙන සදහටම තුරන් කලයුතු භයානකම වසංගතයකි. ගරු අධිකරණ නියෝග පවා නොතකා හැසිරෙන මෙම අයාතනයේ සියලු අධ්‍යක්ෂකවරු එකිනෙකා හා පොදුවේ සමුල ඝාතනයක් සැලසුම්කිරීම පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට ඉදිරිපත් කලයුතුවේ. .

:       0       11

Thush Monday, 06 April 2020 10:40 AM

මෙම අපවහන දේවල් සදහාත් වහාම බැහැර කිරීමේ නීති අත්‍යාවශ්‍ය වේ. මල සිරුරු මුලුමනිම්ම ආදාහනය කරන්න නම් මෙයටද එම නීති යෙදීමට බැරි කිමද? මෙම ඉඩමට ගලි බවුසර් තිහක පමණ ප‍්‍රමාණයක් ගෙනැවිත් දමනු ලැබ ඇත්තේ ඒවා (dumping) ලෙස සලකාය.. එම නිසා ඊවා පොලිස් බාරයට ගැනීම හැකි විය යුතුය...

:       0       10

abeyrathna Monday, 06 April 2020 10:58 AM

වහාම මෙම සමාගමේ හා අනුබද්ධ සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ ඔවුනගේ පවුලේ අය ගෙනවිත් මෙම ඉඩම අසල තාවකාලික කූඩාරමක රඳවන්න. එවිට යසට අපද්‍රව්‍ය ටික රැගෙන යාමට ඔවුන්ම පිලිවෙලක් යොදාවි.

:       0       20

lalithm Monday, 06 April 2020 12:03 PM

රටේ නීතියක් කියා දෙයක් නැතිද? අනික මෙවැනි දෙයකට මොන නීතිද? වගකිවයුතු අය දන්නව නම් පොලිසිය තියෙන්නේ පොල් ගාන්න නොවෙයි කියා අපිට නම් තේරෙනවා. දශ ලක්ෂ කීයකට බොන්න දෙන වතුරටද මේ වින කරන්නේ? ආයුධ හොයන්න යන්නත් ඕනේ නැතිවෙයි.

:       0       21

දසුන් Monday, 06 April 2020 05:12 PM

මේ හැමදෙයින්ම පෙනීයන්නේ ඇමතිවරු, මන්ත්‍රීවරු යනු තවදුරටත් මේ රටට අවශ්‍ය පිරිසක් නොවන බවයි. ජනපති සමග හමුදාව පමණක් රට ගෙනයාමට ප්‍රමාණවත්.

:       107       4

lalithmTuesday, 07 April 2020 02:12 AM

සිවිල් සමාජය ගැන දැනීමක් නැති අන්ධයෙක් හෝ හමුදාවකට බැඳෙන්න බැරිව ලතවෙන්නෙක්.

:       0       1

thushTuesday, 07 April 2020 06:51 AM

ඔව්. නමුත් මුලින්ම පියවරක් පටන් ගත යුතුය. මෙම වාහන පාවිච්චි කළ නොහැකි ලෙස අලාභ කර දැමිය යුතුය. අවට වාසීන්ට බැරිනම් අපගේත් සහය පතන්න.

:       0       1

amarasinha Monday, 06 April 2020 08:38 PM

ලංකාවෙන්ම වැඩියෙන්ම පෝසතාගේ තවත් වික්‍රමයක්ද?

:       0       0

kamal Tuesday, 07 April 2020 02:30 AM

අගෙයි අගෙයි.කොරෝනාවත් එක්ක කොළරාවත් ආවම තමා වැඩේ සම්පුර්ණ.

:       0       1

wasantha lal Tuesday, 07 April 2020 02:44 AM

මේ වගේ වැඩ වලට ආයතන ප්‍රධානීන්ට පුද්ගලික අපරාධ නඩු පවරන්න ඇමෙරිකාවේ නීති ගෙනත් තිබුනා.ලංකාවටත් එම නීති ගෙන ආ යුතුයි. හදිසි පරිසර දුෂණයට හමුදාව සම්බන්ධ කර ගත යුතුයි. වියදම ආයතනයෙන් අයකර ගැනීමට.........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 495 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 253 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 431 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 343 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 389 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1429 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site