IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘වෙසක් එකට එපා නම් නත්තලටත් එපා‘‘

(ඩයනා උදයංගනී)

වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ.

ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.

කාදිනල්තුමෝ එහිදී මෙසේ ද කීහ.

“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.

2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්‍රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ.

 



අදහස් (31)

‘‘වෙසක් එකට එපා නම් නත්තලටත් එපා‘‘

ගමේඑකාලා Sunday, 12 December 2021 08:00 PM

බොන අය මේ කාලෙට කොහොමටත් බොනවා. හුගක් මිනිස්සු කල්තියාම බෝතල් එකතු කරලා තියාගන්නවා. ඒක ඒ අයගේ හැටි.

:       8       62

Demuni Uduwara Sunday, 12 December 2021 08:03 PM

හරියටම හරි. අපිත් කාදිනල්තුමාට එකඟයි!

:       17       89

යෝගා Sunday, 12 December 2021 08:40 PM

නත්තලට බාර් වහනවනම් අනේ කලින් කියන්න. වේලපහින් ස්ටොක් කරගහන්න ඕන.

:       29       46

Mila Sunday, 12 December 2021 08:46 PM

මොකද මේ හදිස්සියේ. කලින් නත්තල් තිබුනේ නැද්ද? ඕක කලින්ම කිව්වනම් හරිනේ

:       46       45

Fernando Sunday, 12 December 2021 09:32 PM

මොනා කියනවද මන්දා

:       34       36

Rohan Sunday, 12 December 2021 10:21 PM

හෙටක් ගැන බලාපොරොත්තු නැති අපිට චුට්ටක් ගත්තට වරදක් නැහැ

:       18       52

බද්රානි Monday, 13 December 2021 12:30 AM

මම මේ නොදන්නා නිසයි අහන්නේ කාදිනල් තුමෙනී, දැන් ඔය වතිකානුව තියන ඉතාලියේත් නත්තලට බාර් වහනවද? යුරෝපයේ කතෝලික මිනිස්සු නත්තලට වයින් බොන්නෙම නැද්ද? ඔබ තුමා මේ උත්සහ කරන්නේ කතෝලිකයින්වත් බෞද්ධ හා මුස්ලිම් කරන්නද? කතෝලිකයින්ට තමයි කාල බීලා ඇඳලා ඉන්නවත් පින තියෙන්නේ. බලාගෙන ගියාම දිනපතා පුජාවෙදී වයින් බොන අයනේ මේ වැදි බන අපට දෙසන්න එන්නේ? සමහරවිට බාර් අයිතිකාරයින්ට දෙගුණයක් මුදල් හම්බකර ගැනීමේ කොන්තරත්තුවක් කාදිනල් තුමා ක්‍රියාත්මක කරනවද කියල මට නම් සැකයි??

:       7       11

සිසිර Monday, 13 December 2021 12:53 AM

ඌරු මස් කැල්ලක් කාලා අරක්කු ටිකක් බිව්වෙ නැත්නම් රෝමානුවෙක් වෙනවාද??????

:       5       13

Wakkumbura Monday, 13 December 2021 01:12 AM

මම නම් බොන්නේ රජයට බදු ගෙවන්න ඕන නිසයි

:       1       5

Perera Monday, 13 December 2021 01:59 AM

කාදිනල්තුමෝ..! නත්තලට ඉතාලියේ බාර් වහලාද?

:       3       13

Bamunuarachchi Monday, 13 December 2021 07:12 AM

බෞද්ධ ආගමේ මත්වතුර බීමෙන් වළකින ලෙසත් ඉස්ලාම් ආගමේ මත්වතුර පාවිච්චිය තහනම් ලෙසත් ප්‍රකාශ වෙනවා. මෙරටට මත්වතුර ගෙනාවේ ක්‍රිස්තියානි කාරයින්. ජේසුස් වහන්සේ වයින් පාවිච්චිකළ බව බයිබලයේ සඳහන් වෙනවා. මෙතෙක් කල් නත්තලත් මත්වතුරත් බොහෝම සම්බන්ධව තිබුණා. වෙසක්වලට, පොහොය දිනවලට මේ බෞද්ධ රටේ මත්පැන් තහනම් කරන්නේ ආගමෙන් කියා තිබෙන නිසා. නමුත් ක්‍රිස්තියානි ආගමේ මත්පැන් තහනම් කර නැහැ නේද? ඔබවහන්සේගේ අදහසට ගරු කරනවා. නමුත් ක්‍රිස්තියානි කාරයින් කැමති වේවිද? තහනම් කළත් සිදුවෙන්න නත්තලට කලින් බඩු ස්ටොක් කර ගැනීමයි. ස්ටොක් කර ගත්ත බඩු වැඩිමිලට විකිණීමේ අලුත් ජාවාරමක් ඇතිවීමයි. බණ කියන අවස්ථාවල, පන්සිල් ගන්න අවස්ථාවල මත්පැනින් වලකින ලෙස කියනවා. නමුත් පල්ලියේ දේශනාවල මත්වතුරින් වළකින්න කියා දේශනා කරන්නේ නැහැ නේද? ඇයි මේ එකපාරටම අලුත් ජරමරයක්? කව්ද මහාමොළ කාරයා? පල්ලියේ දේශනාවලින් මේ සටන ආරම්භ කරන්න. නත්තල් දවසට පමණක් බොන්න එපා කීම තේරුමක් නැති දෙයක්....

:       7       21

Bamunuarachchi Monday, 13 December 2021 07:40 AM

මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ. මේක පුදුම කතාවක් නේද? සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට දීමෙන්ද නත්තල බාල්දු වෙන්නේ අපි දන්නකාලේ සිටම උදේ පල්ලි ගොස් පමිනියායින් පසුව නත්තල් සමරුවේ මත්පැන් වලින්.

:       9       11

Praba Monday, 13 December 2021 07:41 AM

මෙතන බීමට ආවඩන අය තමන්ගේ බිරින්දෑවරුන්ටත් දරුවන්ටයි දීලා බොන්න. ඔයාල මොන නිදහසට කාරණා කියලා බිව්වත් කරුමෙ ගෙවන්න වෙන්න බිරිඳයි දරුවන්ටයි.

:       3       9

චන්දන Monday, 13 December 2021 07:42 AM

හැමදාම කියන්නේ කාදිනල්තුමනි ඔබතුමා දන්නවා මහමොලකරුවන් කව්ද කියල. කරුණාකරල නම් හෙලිදරව් කරන්න

:       15       9

de silva Monday, 13 December 2021 08:00 AM

මමත් මත්වතුර පානය කරනවා. නමුත් මේ කොරෝනා අස්සේ මත්වතුර දෙන එක නුවණට හුරු දෙයක් නොවේ. තම අනුගාමිකයින්ගේ යහපත ගැන සිතන ආගමික නායකයෙක්... එතුමාට මගේ උත්තමාචාරය පිරි නමනවා..

:       5       10

BamunuarachchiTuesday, 14 December 2021 01:50 PM

කොරෝනා වයිරසය රැඳෙන්නේ උගුරේ. ඒ නිසයි පීසීආර් කරන කොට උගුරෙන් සාම්පල් ගන්නෙ . ඇල්කොල් වලට වයිරසය මැරෙනවාලු. මත්පැන් බඩට යන්නේ උගුරෙන් එතකොට උගුරේ කොරෝනා වයිරසය තිබුනොත් මැරෙනවා. ඒ නිසයි මම උගුරට එන්නම බොන්නේ.

:       0       0

ලුම්බිණි Monday, 13 December 2021 09:13 AM

කාදිනල් තුමාට නත්තල් කියන්නේ මොකද්ද කියලා අමතක වෙලා වගෙයි...

:       16       13

Mahee Monday, 13 December 2021 09:45 AM

මේක හරියට තලේබාන් පාලනේ රටක් කියලද හිතන් ඉන්නේ... නත්තලට ලෝකෙ කොහෙත් බොනවා. ඒකෙ අඩුවක් නෑ. වෙසක් එකට සිල් ගන්නෝ... මේ එකක් නෙවෙයි දෙකක්...

:       12       17

Always breakdown Monday, 13 December 2021 10:56 AM

ඇයි පල්ලියෙ පූජාවට වයින් බොනවා නේද?

:       3       43

p pereraMonday, 13 December 2021 02:29 PM

Always breakdown මහතා මොන අර්ථයකින් මේක කිව්වද කියලා මම දන්නෙ නෑ, අපි ඉතින් හොඳ අර්ථයෙන් ගමුකෝ. අපේ ගෙවල්වල ජීවිත විනාශ කළ හැකි භයානක ආයුධ තියෙනවනෙ පිහි, කැති, පොරෝ වගේ. මේ ආයුධ වලින් මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ හැකියාව තියෙනවා කියලා, මේ ආයුධ ගෙවල්වල තියාගැනීම තහනම් කරන්න නීති ගෙනාව හොත් කොහොමට හිටීවිද නේද? පාන් කෑල්ලක් කපාගන්න ගෙදර පිහියක් තියා ගැනීමත් බරපතළ අපරාධයක් වේවි නේද

:       18       5

සමන්තMonday, 13 December 2021 08:03 PM

ලංකාවේ මේ බොරු වැඩ නිසා තමයි අන්තිමට බුදු දහම තායිලන්තයේ සහ බුරුමයේ සිට වැඩම කරවන්න සිද්ධ වුනේ. බුදු දහමේ මත්පැන් බොන්න එපා කියලා නෑ කියලා තියෙන්නේ වැලකෙන්න කියලා. එපා සහ වැලකෙන්න කියන්නේ දෙකක්.

:       37       1

Hira Monday, 13 December 2021 11:02 AM

මෙයා පට්ට වැදගත් වේගෙන එන්නේ.. දැන් මේ කාලේ සමහරු බොනවා නම් අපි බිව්වාම මොකද? බුද්ධ දර්ශනයයි, සර්ව බලධාරි දෙවියන්ගේ දර්ශනයයි අහසයි, පොළවයි වගේ...

:       5       10

Ruwan Monday, 13 December 2021 11:57 AM

හෙටක් ගැන බලාපොරොත්තු නැති අපිට චුට්ටක් ගත්තාට වරදක් නැහැ...

:       0       5

Soma dubayi Monday, 13 December 2021 12:36 PM

කාදිනල්තුමා හරියටම හරි. සියලුම කතෝලිකයින්ට මත්පැන් තහනම් කරන්න ඕනෑ.

:       7       9

පිටිගල මිලානෝ Monday, 13 December 2021 12:53 PM

දෙවියන් වහන්සේගේ රුධිරය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?

:       6       8

lakvidu Monday, 13 December 2021 01:24 PM

අයියෝ දෙයියනේ... අපි බලං හිටියේ “නත්තලට පුළුවන් නම් වෙසක් එකට බැරි ඇයි” කියලා අහන්න... දැං ඒ බලාපොරොත්තුවත් ඉවරයි...!

:       23       3

Shan Monday, 13 December 2021 03:18 PM

බොන එවුන් බොන්නේ ආගමේ ධර්මයේ කියන ඒවා නෙවෙයි.ඒක නිසා හැම ආගමික නායකයෙක්ම මත වතුර බොන එකට විරුද්ධව කතා කරන එක හොඳයි

:       0       9

suranga perera Monday, 13 December 2021 03:20 PM

බොන කෙනා කොහොමත් බොනවා

:       2       3

BamunuarachchiThursday, 16 December 2021 03:55 PM

නොබොන එකා ඉස්පිරිතාලේ බිත්තියේ ගහලා තිබෙන හෘද රෝග නිවාරණ දැන්වීම කියෙව්වාම බොනවා. මේ ලිව්වේ බොරු නොවෙයි.

:       0       0

විපරමා Monday, 13 December 2021 04:27 PM

අපේ රටේ කසිප්පු, අරක්කු, හොරට හදලා පැකට් කරපුවා විකුණන්න තියෙනවා. පොලිසියට පගාව දීලා බේරෙනවා. ගම්වල තමයි මේවා වැඩිපුරම සිද්ද වෙන්නේ... වෙන රටවල කෙසේ වෙතත් අපේ රටේ බේබදුකම නිසා සෑහෙන්න අපරාධ, ගෙවල්වල අවුල් ඇතිවෙනවා.

:       5       15

Bamunuarachchi Wednesday, 15 December 2021 07:45 PM

බොලඳ කතාවක් කියන්නේ වෙසක් එකට එපා නම් නත්තලටත් එපා ඒ කියන්නේ වෙසක් වලට එපා නිසා නත්තලට එපා. වෙසක් වලට ඕනේ නම් නත්තලට ඇති පදම් බොන්න. බුද්දාගම ආගමික වශයෙන් කියනවා මත්පැනින් වලකින්න. නමුත් ක්‍රිස්තියානි ආගමේ කියන්නේ නැහැ මත්පැනින් වලකින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2166 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 415 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 707 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1067 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 185 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 653 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site