(චාපා මධුභාෂිණී සහබී.ජී.චතුරංග)
වස්ගමුව වනෝද්‍යානය වනසමින් මහා පරිමාණ කංසා ජාවාරම්කරුවන් කංසා හේන් යායක් දින දෙකක මෙහෙයුමකින් පසු වස්ගමු වනෝද්‍යාන නිලධාරීහු විසින් සොයා ගනු ලැබූහ.
එහිදී මහා පරිමාණ කංසා ව්‍යාපාරිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන නිලධාරීහු පැවැසූහ.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදු කන්ද පාමුල ඝන වනාන්තරය අක්කර ගණනක් විශාල කැලෑව විනාශ කර මෙම කංසා හෙන් පවත්වගෙන ගොස් ඇත.
අක්කර පහක පමණ භූමියක හොඳින් වැඩුණු කංසා ගස් ලක්ෂයක් පමණ ගිනි තබා විනාශ කළ බව ද ඔවුහු පැවැසීහ.
අත්අඩංගුවට ගත් කංසා ව්‍යාපාරිකයෝ ඇඹිලිපිටියේ පදිංචිකරුවෝ වෙති.
කංසා හේන් වගාවට සම්බන්ධ තවත් පිරිසක් එහි රැඳී සිට ඇති අතර ඔවුන් පැන ගොස් ඇත.
කූඩාරම් කීපයක් එ ඒ අවට තනාගෙන මාස ගණනාවක් එහි රැදී මෙම ජාවාරම සිදු කර ඇත.
එහි එක් කූඩාරම අලෙවියට සූදානම් කර තිබූ ගංජා කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වෙනෝද්‍යාන නිළධාරීහු පවසති.
වස්ගමුව රක්ෂිත ප්‍රදේශයේ විශාල භූමියක කැලය කපා ගිනි තබා එහි කංසා වගා කර ඇති බවට ලද රහසිගත තොරතුරකට අනුව දින දෙකක තිස්සේ මහ මඟ ගෙවා කංසා වගා කර ඇති ප්‍රදේශයට ළඟා වූ බව වැටලීම සිදු කළ නිලධාරිහු පවසති.
හොඳින් නොවැඩුණු කුඩා පැල සහිත තවත් විශාල භූමියක් ඒ ආසන්නයේම වූ බව ඔවුන් වැඩිදුරටත් කීය.
මෙම කංසා තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ආසන්න බව වනෝද්‍යාන බාර නිලධාරීහු පවසති.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වස්ගමුව මැද කලෑව වනසා කංසා වවලා
Gayana Dumage Thursday, 21 December 2023 06:17 PM
අපරාදෙ ගිනි තිබ්බේ.. ඕවා සල්ලි නේද?
LallaThursday, 21 December 2023 07:11 PM
සහතික ඇත්ත. බෙහෙත්වලට ගන්න තිබුණා. අනික ගුවන් ඡායාරූපගත හැකි මේ විසිඑක්වන සියවසේ වනෝද්‍යානයක මෙතරම් කැලෑවක් රහසිගත ලෙස හෙලි පෙහෙළි කරනවා නම් ජාතික ආරක්ෂාව පිළිබඳ සැක පහළ වෙන්න ඕනෑ නේද?
wedage Friday, 22 December 2023 03:20 PM
අර ඩයනා මේ ගැන දන්නවාද? ඔය කට්ටියට දඬුවම් දේවි පින්පතිට කියලා...!