IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් මිය යයි

(රංජිත් රාජපක්ෂ)

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි.

මෙසේ මියගොස් ඇත්තේ යුදහමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවෙන් කෝප්‍රල් හේරත් නමැති අනුරාධුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.

ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ කදවුරු බැදිම සදහා (01) දින එම කදු වැටියට ගිය පිරිසක් ග්‍රේට් වෙස්ටර්න් කන්දේ එක් පසක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මල සිරුරක් දැක තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුමට අනුව එම මළ සිරුර සොයාගත්තේය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දැනුමත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතා ලිදුල පොලිසියට අද (2) දින නියෝග කළේය.

මල සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ ආපරාධ ස්ථාන පරික්ෂාගාර නිලධාරින් සහ ලිදුල පොලිසියේ නිලධාරින්  සිරුර දැඩි පරිශ්‍රමයක් දරා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සහයෝගයෙන් කදු මුදුණේ සිට රක්ෂිතයෙන් පිටතට රැගෙන එනු ලැබුහ.



අදහස් (4)

වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්‍රල් මිය යයි

Bunny Preena Thursday, 03 August 2023 09:25 AM

හද සසල කල පුවතක් .ජීවිතය තන අග පිනි බිඳු වැනිය .අවදානම් වැඩවලට ඕනෑම වෙලාවක සූදානම් පිරිසක් තමයි යුද හමුදා සොල්දාදුවන් .තමාට පැවරුණු රාජකාරිය ඉටුකොට ජීවිතයට සමුදුන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       6       107

රට වැසියා Thursday, 03 August 2023 11:55 AM

ඇත්තෙන්ම ඉතාම කණග‍ාටු දායක පුවතක්. අපේ රටේ මේ වගේ අවස්ථාවන් කලමණාකරණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව, සහ තාක්ෂණික සම්පත්වල හිගයක් තියෙනවා. මල සිරුර ලීයක ගැට ගසා ගෙන ආකාරයක් දැකිය හැකියි! මෙය වෘත්තිය මට්ටමේ අවස්ථාවක් නොවේ! - මේ සඳහා විශාල පිරිසක් එහි ගොස් ඇති බවද ඡායාරූප වලින් දැකිය හැකියි, මෙසේ කිරීම අවශ්‍ය දැයි සිතිය යුතුය.

:       0       1

6733 Friday, 04 August 2023 05:40 PM

මෙවැනි මෙහෙයුමකදී තම කාර්ය බාරය මැනවින් ඉටුකර ජීවිතයට සමුදුන් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. උතුම් වූ නිවන් සුවයම ළඟාවේවා.. !

:       0       1

Sammy Saturday, 05 August 2023 02:06 PM

පව් ඒ මැරුණු කෙනා...!

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 24 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 237 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 103 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 219 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 406 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site