IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වසන්තගේ ප්‍රකාශය නිසා හඩ්සන්ට මරණ තර්ජන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද  (23)පැවසීය.

ඡන්දයෙන් ගනුදෙනුව බේරාගන්නා බවත් රට පනින්න ඉඩ නොදෙන අතර  හැංගෙන්නට ඉඩක් නොලැබෙන්නේ යැයි වසන්ත සමරසිංහ මහතා කළ තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බව කී ගුණවර්ධන මහතා හඩ්ඩලාට නවතින්න වන්නේ හඳේ තමයි යනුවෙන්ද ඔහු සඳහන් කර ඇතැයි කීය.

ඡන්දයෙන් පසුව රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ නියෝජිතයෙන් බැවින් ඔවුන් ඒ ගැන බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ මහතා කියා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා  මෙවැනි තර්ජන නතර කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවත්  මාධ්‍යකරුවකුට තර්ජනයක් තිබේ නම් අපරාධ  පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කටයුතු කරමු යැයි යෝජනා කරන බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (18)

වසන්තගේ ප්‍රකාශය නිසා හඩ්සන්ට මරණ තර්ජන

Samarage Tuesday, 23 July 2024 01:05 PM

ජේවිපි එකේ.මේ කතා නිසා අන්තිමට පිට රටවල ඉන්න මාලිමා නොවෙන ලාංකික අයටත් ඒ රටවල නීතිය හසුරුවන පොලිසි සහ රාජ්‍යයන්ගෙන් කරදර ඇතිවෙන්න පුළුවන්. මේ අයට ඇත්තටම පරණ ගති ඇරගන්න බෑ. කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ කිව්වා වගේ ජේවීපී එකට මාලිමාව කියලා නම මාරු කරගත්තාට ජේවීපී ගතියටම ආපහු යන්න හදන්නේ. හරිනි අමරසූරිය කිව්වට පරණ අතීතය වැඩක් නෑ කියලා ඒ අතීතය වගේ ආපහු අපිට අනාගත මාලිමාව දෙන්න හදන්නේ.

:       120       157

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 02:43 PM

සමරගේ පිටරට ශ්‍රිලාංකිකයන් ගැන කරදර වෙන්න එපා. එහේ ලංකාවේ වගේ පොලිසියක් නැතුව ඇති දේශපාලකයන්ගේ උවමනා එපාකම් අනුව වැඩ කරන හා ජනතාවට හිරිහැර කරන. ඒවගේම ජ.වි.පෙ කූඩැල්ලන්ව මෙට්ටය උඩ තියන්නත් මහන්සි වෙන්න එපා ජනතාව තීරණය කරයි මෙට්ටය උඩද කොට්ටය උඩද ඉන්න ඕනා කියලා.

:       94       60

Samarage Tuesday, 23 July 2024 08:55 PM

@අරවින්ද මොණරවිල. මම ඉන්නේ දියුණු කියලා සම්මත රටක. මගේ ව්‍යාපාරයෙන් ලංකාවට විදේශ විනිමය උපයලා දෙනවා. ඒ නිසා මම ලංකාවෙත් මේ රටේත් දෙකේම ජීවත් වෙනවා. මේ ඉන්න රටේ දැනටත් ලංකාවේ නම සෑහෙන්න කැපිලා තියෙන්නේ විප්ලව වාදීන් කියාගන්න සමහරුන් නිසා. මේවායේ පොලිසිවලින් නීතිය රකිනවා. ඒ රැකිමේදි අපේ අය කරන අනන්ත වැරදි අහු වෙනවා. ඒ නිසා අපේ ව්‍යාපාරවල made in sri lanka කියන්න ගියාම කැත නමක් හදාගන්න බෑ. අපේ ලංකාවේ බඩු ගන්නේ නැතුව යනවා. කාලයක් අපේ වැඩට කොටි හිතවාදීන් බැට දුන්නා ලංකාවට විදේශ විනිමය නොලැබෙන ලෙස. දැන් ඔය ජේවීපී කට්ටිය ලංකාවේ දාන තගරි නිසා අන්තිමට බැට කන්නේ අපේ ලංකාවම තමයි. ඔයා වගේ අයට නීතියක් නැතිව රටක් ගෙනියන්න හදන අය ලොකු වුණාට අපිට එහෙම නෑ. අනික් එක ඔය ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ වගේ අයගේ කතා නිසා දෙකට දෙවාරේ මාලිමාව දැන් නියම පාරේ යාවි කියලා හිතපු මමත් අනුර කුමාරට ඡන්දෙ නොදෙන්නැයි හිතන්නේ. සමහරවිට මේ සහෝදරයන් අනුර කුමාරට කැපිල්ල දානවා වගේ තමයි හිතෙන්නේ.

:       2       0

sunilTuesday, 23 July 2024 07:07 PM

ඔය පිට රට ඉන්න "මාලිමා කාරයොන්ට" ඒ රටවල කල හැකි කජ්ජක් නැහැ. මොකද ඒ රටවල නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක වෙන නිසා.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 July 2024 01:15 PM

හඩ්ඩා කියනකොටම මට මතක් වෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නැමති සොදුරු මිනිසා….

:       56       149

මැක්ස්Tuesday, 23 July 2024 03:28 PM

තේවිස් ගුරුගේ මතක් වෙන්නේ නැතෙයි පිටිගල?

:       0       1

Jagath Tuesday, 23 July 2024 01:28 PM

හඩ්සන් සමරසිංහට විරුද්ධව ලොකු චෝදනාවක් තියෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා මැරුවා කියලා.විශ්වය නඩු අහන්න පටන් ගත්තම බලමු හඩ්සන් සමරසිංහට මොකද වෙන්නේ කියලා.

:       46       131

ANURA ROME Tuesday, 23 July 2024 01:57 PM

විශ්වය නඩු අහන්න පටන් ගත්ත දවසට බලන්නකෝ මොකද වෙන්නේ කියලා

:       6       116

fairoos Tuesday, 23 July 2024 03:03 PM

මෙතුමා එන්පීපී එකට එච්චර බයද?

:       76       77

සෙනෙවිරත්න Tuesday, 23 July 2024 03:37 PM

මේ ගලිකට හැමදාම ඕකට වැදිලා මිනිස්සුන්ට අපහාස කරනවා, පක්ෂවලට අවලාද කරනවා... ඒකට ඡන්දෙකින් ගනුදෙනුව බේරාගමු කියන එක මරණ තර්ජනයක් වෙන්නේ කොහොමද? අනේ ගඳ, සුවඳ නොදැනෙන, හැම පැත්තටම පස්චාත් භාගය දීපු මේ වගේ පංචස්කන්ධයකට කවුරු හිරිහැර කරන්නද? මේවා කවුරුත් ගණන් ගන්නේ නැහැ ඔයාලාගේ බයිලා අහපු කාලේ ඉවරයි...

:       1       0

ලක්විදු Tuesday, 23 July 2024 04:26 PM

කාණුවකට විසිවුණු අහර කුක්කෙක් නිකන් වචනයක් අල්ලාගෙන පොරවෙන්න හදනවා...

:       0       0

රෙක්ස් Tuesday, 23 July 2024 04:28 PM

කවුද ටොමියෝ මේ..?

:       0       0

රම්සි Tuesday, 23 July 2024 04:35 PM

අහර කුක්කෙකුට මරන තර්ජන එල්ලවෙලා කියලා මගෙ ජීවිතේට අහපු පළවෙනි වතාව...!

:       0       0

Ruwan De Silva Tuesday, 23 July 2024 04:45 PM

මේ ආණ්ඩුවෙන් පස්සේ ඊශ්‍රායලයේ වගේ මොසාඩ් වගේ සේවකයක් පිහිටුවලා, වංචා, දූෂණ කරපු පිටරට පැන්න අයව දඩයම් කරන්න ඕනේ. අපි දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි එක එක දූෂිතයින්ට නිකං දෙන්න අපිට පිස්සුද? අපේ සල්ලි අපි ගන්නවා වැරැදි කරපු අය අඟහරුවල හිටියත් දඬුවම් දෙනවා. ඕක JVP එකෙන්ම කියන්න ඕනේ නෑ.

:       0       0

විජිත් Tuesday, 23 July 2024 05:47 PM

තමන්ව " පුංචි ප්‍රේමදාස "ලෙස හඳුන්වා දුන් ඔය කියන්න හඩ්සන් සමරසිංහ නොහොත් " හඩ්ඩා "ගේ කියුම් කෙරුම් චණ්ඩිපාට් ළඟදීම අවසන් වෙනබව මුළු රටම දන්නවා. ජනමාධ්‍ය වේදියෙකුට කිසිසේත්ම නොගැලපෙන ඉතාම අශ්ලීල , වනචර වාග් මාලාවක් යොදාගෙන තම විරුද්ධවාදීන්ට මඩ ගැසීමට දුෂිත දේශකාපාලු මිනීමරු හොරුන් යොදාගත්තේ මොහුවයි.තමන්ට අනාගතයේදී ප්‍රශ්නයක් වියහැකි සෑම දෙනෙක්ම මොහු විනාශ කළා, සමහරුන්ව නොඑන ගමන් යැව්වා. ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර කලාකරුවා ඝාතන සිද්ධියේ මහමොලකරුවා මේ හඩ්ඩා බව කවුරුත් දන්නවා.කලාත්මක නිර්මානශිලිත්වයෙන් ප්‍රේමකීර්ති සමග හැරෙන්නවත් බැරි මොහු ,ප්‍රේම් සමග දැඩි වයිරයෙන් සිටියේ. ඝාතනයෙන් පසු එකල තිබු මරුමොස් ප්‍රේමදාසගේ මිනීමරු ආණ්ඩුව ඒ ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට බැරකළා.වරක් ප්‍රේම්ගේ බිරිඳ මේ පිළිබඳව මහින්ද රාජපක්ෂට කීවා ප්‍රසිද්ධියේ ..නමුත් ඔහු එය ගණන් ගත්තේ නැහැ, මොකද හඩ්ඩාව ඔහුත් පාවිච්චි කළා. බන්ධුල ගුණවර්ධන ඔයාකලබල වෙන්න එපා ..හඩ්ඩාට පමණක් නොවෙයි අපරාධ කරපු ඔයගොල්ලෝ කාටවත් රටින් පිටවීම තහනම් වේවි ළඟදීම සියලුම අධිකරණ කටයුතු අවසන් වෙනකම්.

:       0       0

lakvidu Tuesday, 23 July 2024 05:56 PM

ඒ කෙසේ වෙතත් රේඩියෝ එකේ මේකගෙ වැසිකිලි කටෙන් පිටවෙන කාණු කතා ඇහෙනකොට රේඩියෝඑක හදපු එකාව මරන්න හිතෙනවා.

:       0       0

බණ්ඩා Tuesday, 23 July 2024 07:06 PM

මේ ජේ.වී.පී කාරයෝ ඉන්නේ පුදුම වෛරයකින් බව මේ කොමෙන්ට් වලිනුත් පේනවා. එහෙම කරන දේසපාලනයකින් වෙන්නේ තමුන් සහ අන්‍යයන් දෙගොල්ලම විනාශ වෙන එක.

:       0       1

අජිත් Tuesday, 23 July 2024 09:28 PM

නඩුත් අහපන් ලංකාවේ නීතිය අනුව. වැරදි කාරයා. උනොත් අධිකරණයෙන් දෙන දඩුවම් දීපුදෙන්. හැබැයි ජෙප්පොන්ගේ කෑලා නීතිය අනුව නොවෙයි. ඔය වසන්ත කියන එකා කොහොමටත් පෙන්වන්නේ උන් බලයට ආවොත් උන්ට කැමති නැති ඕනෑම තරාතිරමක මිනිස්සුන්ට උන් දෙන Punishment ගැන තමයි .දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන්. ඒක තමයි උන්ගේ දර්ශනය .උන්ට විරුද්ද උනොත් විරුද්දවෙන එකා එලොව .හැබැයි උන් බලයට ආවොත්. නමුත් මේ තිරිසන් ජෙප්පොන්ට බලයට එන්න මේ රටේ කාලකන්නින් නොවන ජනතාව කවදාවත් ඉඩ තියන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 706 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1370 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 398 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 897 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2217 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site