IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත.

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අමතරව හෂාන් ගුණතිලක නමැත්තාද රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇතැයි වාර්තා වේ.

රජයට එරෙහිව අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය 18 වැනිදා පැවැත්වු උද්ෂෝණයකදී වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන් ඇතුළු තවත් 16 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16 දෙනා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන්ට දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇත.



අදහස් (32)

වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර

Prabha Friday, 19 August 2022 10:33 PM

ඔය උනන්දුව හොරු අල්ලන්නත් තිබුනා නම්

:       0       0

Chanul Widanagamage Saturday, 20 August 2022 02:12 AM

එහෙම තමයි වෙන්න ඕනෑ. මේ වගේ අය හින්දා රට තවතවත් බංකොළොත් වෙනවා.

:       0       0

සැබෑ අරගලයේ අපි Saturday, 20 August 2022 04:43 AM

මේක හොඳින් ලියලා තියන්න. ඔය කියන දවස් 90 ට කලින් අපි ඔය රනිල් රාජපක්ෂ මිලිටරි ආණ්ඩුව පෙරලනවා. ඔවුන් යනකම් ලංකාවට ශතයක්වත් නොදෙන ලෙස සියලුම රටවල් වලින් සාක්ෂි ඇතිවම ඉල්ලා සිටිනවා. ඒ නැතත් ගෝඨාභයගේ සහ රනිල්ගේ 88-89 පැටිකිරිය ලෝක මානව හිමිකම් ආයතන, ණයදෙන ආයතන සියල්ලෝම දන්නවා. අද සිට දින 90 ක් යන්න කලින් අපි මේ ආණ්ඩුව පෙරලලා, හොරු සියල්ලන්ම නීති මගින් දඬුවම් දීලා , ඔවුන් හොරකම් කරපු මුදල් සියල්ලම ගන්නවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපළ ඔක්කෝම රාජසන්තක කරනවා... කරනවාමයි.. අරගලයට ජයවේවා...!!!

:       0       0

Jayalath Saturday, 20 August 2022 05:21 AM

ගොඩක් හොඳයි..!

:       0       0

Sunil Saturday, 20 August 2022 05:54 AM

රාජ්‍ය ත්‍රස්තවාදය සහ මැර බලය දැන් ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා.

:       0       0

siril Saturday, 20 August 2022 05:57 AM

මොනවද මෙ ලමෙක්ගෙන් මාස 03 ප්‍රස්න කරන්න තියෙන්නෙ මහබැංකු මංකොල්යක්වත් මෙහෙම ප්‍රස්න කරාද?

:       0       0

Deepal Nirosh Saturday, 20 August 2022 06:01 AM

අරගලයෙන් අප බලාපොරොත්තු වූ වෙනස මෙයයි, අන් කිසිවක් නොව මේ ආරම්භයක් පමණි. අනාගත අඛණ්ඩ පැවැත්ම පවතී.

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 August 2022 06:03 AM

මහ බැංකුව කැඩුවඑකගැන, අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැන ගැන හෝඩුවාවක් දැනගන්න පුළුවන් වෙයි.

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 07:19 AM

මාසතුනක් නොවෙයි ජීවිත කාලෙම තියා ගත්තත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. රැට්ටලා බට්ටිලාටත් ඒ ටිකම කරන්න. මොවුන් කිසිම රජකට ආණ්ඩුකරන්න දුන්නේ නැහැ දෙන්නේතං නැහැ. ජෙප්පන් හෙවත් ගෝ...යියන්ගේ බළල්අත්.

:       0       0

Akila Saturday, 20 August 2022 07:48 AM

උත්ගොෂණයේ නිරත උණු කෙනෙක් ව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් යටතේ මාස තුනක් උසාවියට ඉදිරිපත් නොකර තියාගෙන ඉන්න හදනව , ඉදිරියේදී පැවැත්වීමට නියමිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට ගොඩක් තෑගි ලැබෙයි

:       0       0

මේනකා Saturday, 20 August 2022 08:02 AM

වසන්ත මුදලිගේ රැහෙන් එලවපු එකෙක්

:       0       0

Perera Saturday, 20 August 2022 08:14 AM

නුදුරු අනාගතයේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් නඩුතීන්දු දෙන්නත් පටන් ගනීවි වගේ...

:       87       17

ABSaturday, 20 August 2022 08:56 PM

ලෝකයේ සීඝ්‍රයෙන් දියවෙමින් පවතින සමාජවාදය මත රටවල් ගොඩනැගිය හෝ දියුණු වීමට නොහැකිබව උතුරු කොරියාව, කියුබාව සහ වැනිසියුලාව වැනි දුප්පත් රටවල් විසින් ලෝකයට පෙන්වා දී තිබේ. වසන්ත මුදලිගේ සත්‍ය වටහාගෙන මුලාවෙන් ඉවත් වී විශ්වවිද්‍යාල තරුණයින් මුලාවට පත් නොකරන්න. ඔබලාගේ වෛරී දේශපාලන හැසිරීම් නිසා මේ වනවිට ලෝකයාගෙන් ලංකාව ඉතාම මෘග දේශයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් සිටියි. IMF සහ වෙනත් ආයතන පවා රටේ පුරවැසියන් හට ආධාර ලබාදීම පවා ඇණහිට තිබේ. එමනිසා ඔබලාගේ බොළඳ ක්‍රියාවන් පිළිබඳව නැවත සිතාබලා රන්ජන් රාමනායක මෙන් සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ අධිකරණයෙන් සමාව ඉල්ලා ඔබගේ අධ්‍යාපන කටයුතු අවසන් කර සමාජවාදී මතයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණෙන්න. කුමාර ගුණරත්නම් ලංකාවේ සමාජවාදය හෝ ලංකාව සමාජවදි රටක් කිරීමට උත්සාහ කරමින් සිටිනුයේ ඔහුගේ පවුලේ සියලු දෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචිවී සිටිනා අතරය.

:       0       0

Janath Saturday, 20 August 2022 08:52 AM

රඳවාගෙන ප්‍රශ්න කරන්නේ පාස්කු බෝම්බය ගැනද? නැතිනම් මහබැංකු වංචාව ගැනද?

:       65       36

darman Saturday, 20 August 2022 09:16 AM

අවුරුදු 3ක් තියාගත්තත් අපිට කමක් නැහැ. වහාම ශිෂ්‍ය භාවය විතරක් නෙමෙයි කැම්පස් එකත් තහනම් කරන්න. අවුරුදු 10ක් ඩිග්‍රිය නොකර දේශපාලක වහලෙක් වෙලා අනිත් අයගේ ඉගෙනීමත් නැතිකරන කෙනෙක්. කවුරුහරි කියාවි මේ ඔක්කොම රට වෙනුවෙන් කලේ කියලා. රෙද්ද තමයි. ජීවිතේටම ඡන්දෙකින් එන්න බැරි අන්තවාදී පෙරෙට්ටු සෙට් එක බලේට ගේන්න තමයි ඔක්කොම කරන්නේ...!

:       39       127

සෙනෙවිරත්න Sunday, 21 August 2022 06:37 AM

ඡන්දෙන් ආපු අය කරපු හරිය අහගන්න ඕනෑද?

:       0       0

Lalith M Saturday, 20 August 2022 09:22 AM

මේ අය ගියදුර වැඩියි. අරගලයට ජනතාව ආපුවාම මේ අය හිතුවේ ඔවුන්ට සක්විති රජකම පහළවෙලා කියලා. අරගලය ගෝඨාභය මහින්ද ප්‍රමුඛ පවුල්වාදය පන්නන්න මිසක් මේ කණ්ඩායම රජ කරවන්න නොවේ කියලා තේරුම්ගන්න බැරිවුණා වගේ...

:       28       107

යෝගා Saturday, 20 August 2022 09:32 AM

දින 90ක් හොඳටම ඇති රනිල්ට මෙයාව හීලෑ කරගන්න. බලන්නකෝ 3% කට්ටියත් මේ දවස්වල බය පක්ෂපාතීව ඉන්න හැටි..!

:       26       84

jayasekara Saturday, 20 August 2022 09:37 AM

අයියෝ අවසන් වසරේ විභාගෙ... පාඩම් කරන්න වෙන්නේ නැහැ. කමක් නැහැ... ඊළඟ පාරවත් උත්සාහ කරන්න පුතේ...

:       16       78

කිරි පුතා Saturday, 20 August 2022 10:03 AM

රටට වැඩකුත් නෑ. දෙමාපියන්ට වැඩකුත් නෑ. තමන්ට වැඩකුත් නෑ. පාරෙයි, හිරගෙවල්වලයි ජීවිතේ... අන්ධ දේශපාලන භක්තිය සහ පටු සිතුවිලි...

:       28       76

වර්ණකුලසූරිය Saturday, 20 August 2022 01:44 PM

සාමකාමී උද්ඝෝෂණයක් මිස කිසියම් ත්‍රස්තවාදි ක්‍රියාවක් අපට දකින්නට තිබුණේ නැත. පොලිසිය පැමිණ ගැටුමක් ඇතිකර ගැනීමේ උත්සාහයක යෙදුණා. එක පැත්තකින් ජනතාවට සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියක් ලබාදී ඇති අතර තව පැත්තකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය මර්ධනය කරන්නටද නීතියට බලය ලබාදී ඇත. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිලක්ද නැතිනම් ව්‍යවස්ථාව හිල් කරගෙනද යන්න පැහැදිළි නැත. කාලාබීලා ගෙවල්වල ඉන්න බැරිකමට ජනතාව පාරට බසින බවක් පාලකයින් සිතන බවක් තමයි පෙනෙන්නට ඇත්තේ...

:       156       32

maheeSaturday, 20 August 2022 03:37 PM

එතකොට මහපාරේ මන්ත්‍රී කෙනෙක් ඇතුළු පිරිස පෙති කපල මැරුවේ ගෙවල් මංකොල්ල කාල සාක්කි වහන්න පිච්චුවේ ඔය කියන සාමකාමී අරගලේ හින්ද වෙන්න ඇති.

:       15       82

senaSaturday, 20 August 2022 06:08 PM

ඔය ඔක්කොම කළේ අරගලය මර්දනය කරන්න පාර හදා ගන්න. හිටපු කෙනා සිංගප්පූරුවට පැනගත්ත, මෙයාට යන්න රටක් හදන්න වෙනවා.

:       61       12

පීඩිතයා Sunday, 21 August 2022 01:34 AM

පාරට බැහැලා පාලකයින්ට හිරිහැර කරන්න ජනතාවට පාර කැපුවේ ගුටිකන පාලකයින්ම බව අපි අමතක නොකරමු. සිදුවීම් කණගාටු වුනත් ජනතාවගේ නිවටකම රටක්ම මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී නන්නත්තාර වීමට හේතු වී ඇත. ජනතාවගේ අවදිවීම රටේත්, අනාගත දරුවන්ගේත් වාසනාවකි...

:       0       0

pjSaturday, 20 August 2022 03:40 PM

අතගාලා බලන්න අනිවාර්යයෙන් ඔලුවේ හිලක් ඇති..!

:       46       5

නිහාල් Saturday, 20 August 2022 05:30 PM

ඒක හොඳයි. මේ පාර නම් පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු අය, මහබැංකු හොරු, සීනි හොරු අතටම අල්ලා ගනියි.

:       57       18

BamunuarachchiSunday, 21 August 2022 06:19 AM

මොන ඉස්කෝලේද ගියේ? මෙහෙමත් මැට්ටන් ඉන්න රටකට හරියාවිද...?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 20 August 2022 06:53 PM

ගෝඨාභය පණබයයි වසන්ත මුදලිගේට… තවමත් බයේ දුවනවා..

:       0       0

sahan Saturday, 20 August 2022 07:17 PM

පාට කණ්ණාඩි දාගෙන හැමදාම ලෝකය දිහා බලන ඔලමොට්ටලයින් තාම ඉන්නවා. ඔවුන්ගේ ගෙදර ප්‍රශ්න දැන් විසඳිලාද? අරගලයට, පොදු අරමුණකට පාරට බැහැපු අයට දොස් කියන්නේ...?

:       0       0

Roni Saturday, 20 August 2022 09:18 PM

මාස 03 කට නෙවෙයි, අඩුම ගානේ අවුරුදු 3 ක් වත්...

:       0       0

Raja Saturday, 20 August 2022 09:24 PM

කන්න නැතත්, විදුලිය නැතත් කටු ලෙවකන අය ජීවත්වන රටක ඔබවැනි අය ඉන්න එක ගැන අපි ආඩම්බර වෙමු...!

:       0       0

Hemantha kumara Sunday, 21 August 2022 07:17 AM

කුමට එරට අධිකරණය.? නීතිය හා විනිසුරුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2020 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 468 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 943 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5364 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 708 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4236 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site