IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව ජූලි 2 කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුලි 02 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (19) නියම කළේය.

මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය විභාග කර තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය. මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.

කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතු`ථ නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

වර්ෂ 2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතු`ථ චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනා, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි පැවසීය. එම අභියාචනය තීන්දු කිරීමට නියමිතව ඇතැයිද එම අභියාචනයේ අවසන් තීන්දුව ලැබෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිලිගනිමින් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ජුලි 02 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

 

 



අදහස් (4)

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව ජූලි 2 කැඳවයි

Puppa Friday, 19 February 2021 10:12 AM

මෙන්න තීන්දුව නිදොස් කොට නිදහස්...

:       4       14

විජිත් Friday, 19 February 2021 10:40 AM

ඔය නඩුව අහලා ඉවරවෙලා මේ කට්ටියම ජීවිතාන්තයටම කුඩුවට යවන්න තිබුණු අවස්ථාව නැතිකාලේ මේ රටේ සිටින ලොකුම පාවාදීම් කළේ රනිල්ලා...!! මේ කට්ටිය විතරක් නොවෙයි මැදමුලන පරම්පරාවම අද සිටිය යුත්තේ කුඩුවේ. කකුළුවා වතුර උණුවෙනකම් ජොලියෙන් ඉන්න බව අපි අහලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක තමයි මේ මිනීමරුවන් දැන් ඉන්නේ. එ්ත් අපරාධය පසුපස දඬුවම එනවාමයි. කවදාහරි දවසක එදාට රණවිරු ලේබල් එක පෙන්වලා බේරෙන්න බැරිවෙයි.

:       6       24

බද්රානිFriday, 19 February 2021 03:34 PM

විජිත් මහත්මයා, ඔබ නිවැරදියි. නීතිය වල් වැදී ඇති මේ මිලේච්ජයින්ගේ රටේ මෙම සාහසික අපරාධකාරයින්ට ශාප ඉල්ලනවා හැර වෙනත් විකල්පයක් නැත. යම් ලෙසකින් ලංකාවේ නීතියෙන් ගැලවුණත්, විශ්ව ධර්මයේ නීතියෙන් මොවුන්ට, සසර පුරාවටම දඬුවම් ලැබෙනු ඇත..!!!

:       5       11

අතුල Friday, 19 February 2021 01:04 PM

එ.ජා. රැස්වීමේ සොහොන් ලකුණු පේනකොට මීට සම්බන්ධ ප්‍රධානතම සැක කරුවකු වන හිටපු නාවික හමුදාපතිවරයකු පෙරේදා විශ්‍රාම යැව්වා. රැස්වීමට ගියාම කියන්න දෙයක් තියෙන්නත් එපායෑ...

:       2       13

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 388 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 677 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1601 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2285 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 500 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 427 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site