IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව මාර්තුවේ විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 28 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  අද (30) නියම කළේය.

මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කොට ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා (සභාපති) නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.

කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතු`ථ නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

 



අදහස් (1)

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව මාර්තුවේ විභාගයට

අරවින්ද මොනරවිල Thursday, 30 November 2023 06:04 PM

පිනා දිගටම හිටියොත් මේ නඩුවත් යට ගහවී....! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 106 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 317 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 490 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 767 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 625 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1341 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site