IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය

(කාංචන කුමාර අරියදාස)

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබුණි.

ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිටියාය.

ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනුු දැකගැනීමට හැකි විය .

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණිි. ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී සිටිනු දැකගැනීමට හැකි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවය .

එහෙත් එක හරක් පැටියෙක් ළඟට  ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්නැයි ඉල්ලා සිටියාය.



අදහස් (20)

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය

Ahmed (Gulf) Tuesday, 17 September 2024 12:25 AM

සජිත් සමඟ ගව රැල.

:       4       38

Sanka Tuesday, 17 September 2024 04:03 AM

මෙය ශෝචනීය තත්ත්වයකි

:       0       12

Chinthaka Tuesday, 17 September 2024 06:10 AM

එක්සත් ජාතික පක්ෂය කඩා බිද දැමීම නොකලානම් ඕවා මොනවත් අවශ්‍ය නැහැ කසිප්පුවන්ට එතනෝල් කාරයින්ට කුඩුකාරයින්ට හිස නමන්නත් අවශ්‍ය නැහැනේ බැද්දේ හිටපු නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියන්නෙ වුනේ පක්ෂය විනාශ කිරීමේ පාපාපකර්මය නිසා නොවෙයි කියන්න පුළුවන්ද පක්ෂය නොකඩා සිටියානම් ජේආර්ට වගේ බලයක් ගන්න තිබුනා දැන් ඉතින් පැත්තක හිටපු කෙනෙක් ජනාධිපති වුනාම ඉක්මන් කොටයි කියලා ඔක්කොටම තේරෙයි.

:       10       32

Nimal 1 Tuesday, 17 September 2024 06:20 AM

අපේ කාලයේ දිරිය කතක්

:       34       18

Shashika519 Tuesday, 17 September 2024 06:43 AM

සමබර සහ සමගි කණ්ඩායම

:       3       23

Perera Tuesday, 17 September 2024 06:49 AM

මේ ගොන් රැල එකට යන්න දන්නේනනැ ... එක එක පැත්තට අදින්න ගත්තාම සජිත් කොහොමද ජනාධිපති කරන්නේ

:       7       25

Rohan Tuesday, 17 September 2024 07:30 AM

නියමයි රෝහනී මැතිණිය.

:       10       14

Kirthi Tuesday, 17 September 2024 07:34 AM

සමගි ජන බලවේගේ නැත්තේම සමගිය කියන එක. අසමගි බලවේගය තමයි යෝග්‍ය නම.

:       3       40

සුපුන් චාමර Tuesday, 17 September 2024 08:13 AM

මෙයා මහ ලොකුවට මාලිමාවෙ වැරදි කියවනව දාගෙන. තමන්ගෙ නායකයා කුඩු කාරයො හොර අරක්කු කාරයො ලන් කරගෙන . වැඩිම පබ්ලිසිටි එක දෙන්නෙ කුඩු චැනල් එකෙන්. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන්නෙ ඕවට

:       3       46

පිටිගල මිලානෝ Tuesday, 17 September 2024 10:28 AM

මේ එතනෝල් කාරයා රජයට බදු ගෙව්වේ නැති වුනාට මැදමුලනේ හොරාට ඒ සියල්ල ගෙව්වා. දෙවනි කොලුවාට තමයි සල්ලි ගෙවන්නේ

:       1       29

Rata Perata Tuesday, 17 September 2024 11:37 AM

සජිත් වගේ දුර්වල මිනිහෙක් ලග දැක්මක් ඇති මිනිස්සුන්ට ඉන්න බැ

:       0       17

සෙනෙවිරත්න Tuesday, 17 September 2024 12:19 PM

මෙයා දිනුවම ප්‍රශ්න බේරගන්න තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් මේ දැන් ප්‍රකාශ කළා. කුරුණෑගලටත් ඔය කියන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා කියලා, මේ රටේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ගෙන් එකම විහිළුකාරය තමයි සජිත්.

:       0       21

නන්දන පනා-මිලානෝ Tuesday, 17 September 2024 01:20 PM

මේකා බලාගෙන ඉන්නවා ඇති සජියා දිනනකල් එතනෝල් බදු ටික ඌට ගෙවන්න. අන්න වෙනස.

:       0       12

ජනරළ Tuesday, 17 September 2024 01:23 PM

මෙන්න මේක තමා ඡන්දේ දෙන මිනිස්සු හිතන්න ඕනේ තැන. ගොඩක් දෙනාට ඒකට තියෙන්න ඕනි දේශපාලන සාක්ෂරතාව කියන එක නැහැ. සමහරු එහෙම ඔහේ අරක මේක දෙනවා කිව්වහම ගිහින් කතිරේ ගහනවා. බලන්න සජබේ ආරම්භ කරපු තැනම ඉන්නේ කවුද මහබැංකු හොරකම එදා වසන් කළ අය සහ ෆුට් නොට් ගහපු අය. ඒ අය පක්ෂේ බලය අල්ල ගත්තට පස්සේ පිටින් ගෙන්න ගත්තේ කවුද? වැඩිදෙනා පොහොට්ටුවේ ඉඳන් නොයෙකුත් වංචා දුෂණ තක්කඩි කපටිකම් කළ අය. මේවට විරුද්ධ අයට පක්ෂෙන් යන්න වුණා. දැන් මේ පිටින් ආපු හොරු පක්ෂේ හිටපු දුෂිතයන් එක්ක සහයෝගයෙන් ජාලගතවෙලා ඉන්නේ. දුෂණ මේ ආත්මෙට සජිත්ට හොයන්න බැහැ. දුශිතයෝ අන්‍යෝන්‍ය සමගියෙන් තම පැවැත්ම රැක ගනීවි. ෆුට් නොට් කාරයො එක්ක මහා බැංකු වංචාව නම් කොහෙත්ම හොයන්න බැහැ. එතකොට අනිත් දුශිතයොත් නිදහස් වෙනවා. බැරිවෙලාවත් හරි සජිත් දිනුවොත් ඊළඟට මේ අය තමයි ක්‍රියාත්මක වෙන්නේ. රට ආයෙත් හැරවෙනවා හොරකම වංචාව සාධාරණයි, ඒවා වෙනවා, කවුරු ආවත් ඒවා වලක්වන්න බැහැ, එහෙම තමයි යන්න ඕනි කියන මතවාදයට. රට ආයෙත් වලටම තමයි. අනේ සජිත්ට වෙන්නේ ගිරිය පුප්පගෙන බෙරිහන්දි දී රට පුරා ඇවිද ඇවිද ඉන්න එක විතරයි. ඔන්න ඕක තේරුම් ගන්න.

:       0       16

ගමේ එකාලා Tuesday, 17 September 2024 01:39 PM

නම කපුරුහාමි උනාට කට ගදයි කියලා පැරණි කියමනක් තියෙනවා. සමගි නෙවෙයි අසමගි ජනබලවේගයක්. අන්තිමට සජියාගේ සහ ජලනිගේ බලබලවේගය තමා ඉතුරු වෙන්නේ.

:       1       19

Chandima Tuesday, 17 September 2024 03:02 PM

මුන්ද රට හදන්න යන්නේ?

:       1       23

don Tuesday, 17 September 2024 04:22 PM

සජිත් ප්‍රේමදාස කවදාවත් ලොකු හොරුව අල්ලන්නේ නැහැ. ඔහුට ඒය කරන්න බැහැ. එහෙම කලොත් බලය නැති වුණ දවසට යන එන මං නැති වෙනවා.

:       2       3

gamage Tuesday, 17 September 2024 05:03 PM

ඔයා සුදු සීයා ගාවට යන්න

:       0       1

Don perea Tuesday, 17 September 2024 05:19 PM

ගෝඨාභය අංක 02 එනකන් කට්ටිය බලන් ඉන්නවා මරු රටක් මේක...!

:       0       5

Dilan perera. Wednesday, 18 September 2024 12:06 AM

අපි කොහොමත් ඉල්ලන් කන ජාතියක් නේ .මේ පාර jvp එකට වෝට් කරලා අනික් පාර LTTE එකට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 700 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 799 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1381 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 583 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1312 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 668 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site