IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්

(විමුක්ති එස් රුද්‍රිගු)

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටියකු පිළිබඳ පුවතක් රුසියාවෙන් වාර්තා වේ.

එලෙස බොරිස් කිලෝ මීටර් 200 ක දුරක් ගෙවා සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා වෙත පැමිණීමෙන් මාස 6 කට පසුව ඔවුන් දෙදෙනාගේ ආදරය පළ දරා  ස්වෙට්ලායා කොටි පැටවුන් කීපදෙනෙකුද බිහිකර ඇතැයි පැවැසෙයි. බොරිස් සහ ස්වෙට්ලායා කුඩා කළ දෙදෙනාගේ දෙමව්පියන්ගේ වෙන්වී රුසියානු සික්හොටේ ඇලින් කඳුවැටියේ අතරමන්ව සිටින විට 2012 වසරේදී සත්ව සංරක්ෂකයින් පිරිසක් විසින් මුදා ගනු ලැබ ඇත.

පසුව ඔවුන් දෙදෙනා අවම මිනිස් සම්බන්ධතාවය සහිත සංරක්ෂණ වැඩසටහනකට ඇතුළත කර ඇති අතර ඔවුන්ට මාස 18 දී නැවත වනාන්තරයට මුදා හැරීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබිණි. එහිදී මාස 18 වනතෙක් බොරිස් සහ ස්වෙට්ලායා එකට හැදී වැඩි තිබේ. අනතුරුව 2014 වසරේදී කොටින්ගේ ඓතිහාසික වාසස්ථානයක් වන රුසියාවේ සික්හොටේ ඇලින් කඳුවැටියට බොරිස් සහ ස්වෙට්ලායා සාර්ථකව මුදා හැර ඇත.

මුදා හැරීමේදී සිටිනා තැන දැන ගැනීමට හැකිවන පරිදි ඔවුන්ව මුදාහැර ඇතත් දෙදෙනාව එකම තැනකට මුදාහැර නොමැත. දෙදෙනා අතර කිලෝ මීටර 200කට ආසන්න දුරක් සිටින පරිදි බොරිස් සහ ස්වෙට්ලායා සික්හොටේ ඇලින් කඳුවැටියේ ස්ථාන දෙදෙකට මුදා හැර තිබිණි.

සයිබීරියානු කොටි ගහණය වර්ධනය කිරීමේ අරමුණින් එලෙස ස්ථාන දෙකකට මුදා හැර ඇතත් බොරිස් අනිකුත් කොටි ධේනුවන්ට උනන්දුවක් දක්වා නොමැති අතර ඔහුට වෙනත් සැලසුමක් තිබී ඇත. මුදාහැරි අවස්ථාවේ සිට බොරිස් අසාමාන්‍ය චලන රටාවක් පෙන්නුම් කර ඇති අතර ඉන් සත්ව සංරක්ෂකයන්ගේ කුතුහලය ඇවිස්සී තිබිණි.

මුදා හැරී අවස්ථාවේ සිට බොරිස් කෙළින් ගමන් කර ඇති අතර එය කාගේත් විමතියට හේතුවී ඇත. බොරිස් සිය පෙම්වතිය වූ ස්වෙට්ලායා මුණගැසෙන තෙක් අධිෂ්ඨානයෙන් යුතුව කෙළින් ගමන් කර ඇති අතර අවසානයේදී ඔහුට ඇයව මුණගැසී තිබිණි.

මෙම අමරණීය සයිබීරියානු කොටි ආදරය පිළිබඳ සත්ව ලෝකය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද කා අතරත් කතා බහක් ආරම්භ වී ඇත.



අදහස් (0)

වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්

ඔබේ අදහස් එවන්න

දියත

සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි
2024 දෙසැම්බර් මස 16 32 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල


රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 729 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.



ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
2024 දෙසැම්බර් මස 16 990 8

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව


අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 434 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
2024 දෙසැම්බර් මස 16 598 0

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 189 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 201 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 98 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site