IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි  දරු උපත් සංඛ්‍යාව   71,110 කින් අඩු වී  මරණ ලියාපදිංචිය  34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව 2019 වසරේ  සිට  2023 වසර දක්වා ශ්‍රී ලංකාව තුල සිදුව ඇති  දරු උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව මේ බව සඳහන්වෙයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී ශ්‍රී  ලංකාව තුල දරු උපත් 3,19,010 ක් සිදුව ඇති අතර 2020 වසරේදී උපත් 3,01,706 ක් සිදුව තිබේ.

ඒ අනුව  එම වසර තුල  පෙර වසරට සාපේක්ෂව දරු උපත් 17,304 ක අඩුවක් පෙන්වයි. එම තොරතුරු අනුව 2021 වසරේදි උපත් 2,84,848 ක් වාර්තා වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව එය උපත් 16,858 ක අඩු වීමක් වෙයි.

 2022 වසරේදි දරු උපත් 2,75,321 ක් සිදුව ඇති අතර පෙර වසරට සාපේක්ෂව උපත් 9527 ක අඩු වීමකි. 2023 වසරේදී ලංකාව තුල දරු උපත් 2,47,900 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව උපත් 27,421 ක අඩු වීමක් වෙයි.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර පහක කාලය තුල ලංකාවේ ලියාපදිංචි කර ඇති දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු වලට අනුව 2019 වසරේදී ලියාපදිංචි කර ඇති මරණ සංඛ්‍යාව 1,46,397 ක් වන අතර 2020 වසරේදී 1,32,431 ක් වෙයි. ඒ අනුව එම වසර තුල මරණ 13,966 ක අඩුවක්  පෙන්වයි. 2021 වසරේදී මරණ 1,63,936 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසර තුල මරණ සංඛ්‍යාව 31,505 කින් ඉහළ ගොස් තිබේ.

2022 වසරේදී මරණ 1,79,792 ක් ලියාපදිංචි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව මරණ 15,856 වැඩි  වීමක්පෙන්නුම් කරයි. 2023 වසරේදී මරණ 1,81,239 ක් ලියාපදිංචි  වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 1,447 ක වැඩි වීමක් පෙන්නුම් කරයි.

කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛණ අනුව 2021 සහ 2022 වසරෙවල මරණ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම්  කරන්නේ එම කාලය තුල සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණ නිසා විය හැකියි. එම වැඩි වීම 2023 වසරේ සිට අඩු වෙමින් පවතින බවද සංඛ්‍යා ලේඛණවල දැක්වෙයි .

 

 



අදහස් (3)

වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි

pakeer Thursday, 17 October 2024 10:51 AM

මේක හොඳ තත්ත්වයක්.හුඟක් තරුණ අය මෙහෙන් ගියා. ඒ අයගේ බබාලා ලැබෙන්නේ පිටරටදී. ඒ නිසා ඉස්කෝල ප්‍රශ්නයි, මිල මුදල් ප්‍රශ්නයි බැලුවම මේක හොඳ ප්‍රවණතාවක්.

:       0       0

බකල ජයා Thursday, 17 October 2024 11:01 AM

ජනගහන ප්‍රශ්ණෙටත් විසඳුමක් දීගෙනම තමයි කලින් අය ගිහින් තියෙන්නෙ. ඉතිං මිනිස්සු කියනව ඒ අය හොරකම් කෙරුව විතරයිලු.

:       0       0

රම්බොඩ Thursday, 17 October 2024 11:10 AM

මේ හරියටම කොරෝනා කාලෙනේ. ඒක සාමාන්‍ය දත්ත සමඟ සැසැඳීම සුදුසු නෑ කියලයි හිතෙන්නෙ. 2023 පසු දත්ත එකතු කළ පසු සාමාන්‍ය තත්ත්වය දැනගත හැකි වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 23 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 145 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 363 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 153 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 391 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 229 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site