මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.
ආර්ගොලෑන්ඩ් මහද්වීපය මිට වසර මිලියන 155කට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදයටත් වඩා විශාල භූමි ප්‍රමාණයක කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ ආර්ගොලෑන්ඩ් එම භූමියෙන් කැඩී වෙන්වී ඇති බවත් එම විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.
එලෙස වෙන්වුණු ආර්ගොලෑන්ඩ් මහද්වීපයද කාලයත් සමඟ කොටස් කීපයකට කැඩී වෙන්වී අග්නිදිග ආසියාවේ පැතිර ඇතැයි මෙම පර්යේෂණය සම්බන්ධයෙන් පළකළ ලිපියේ සඳහන් වේ.මෙම කොටස් මුලින් ඕස්ට්‍රේලියාවේ කොටසක් වී ඇති බවත් කාලයත් සමඟ එම කොටස් ඉන්දුනීසියාවේ නැගෙනහිර දෙසට ගමන් කර ඇති බවත් එම විද්‍යාඥයෝ පවසති.
මෙම පර්යේෂණයට අදාළ ලිපිය පළකළ කණ්ඩායමේ ප්‍රධානියා වූ නෙදර්ලන්තයේ යූට්‍රැක්ට් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ එල්ඩට් ඇඩ්වොකාට් ප්‍රකාශ කර සිටියේ මෙම භූමි කොටස් පිළිබඳ තිබූ දත්ත ප්‍රමාණය ඉතාමත් අවම වීම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දුන් බවත් ඒ හේතුවෙන් ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපය පිළිබඳ පර්යේෂණය වසර 7ක කාලයක් පුරා දිව ගිය බවත්ය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර මිලියන 155කට පෙර අතුරුදන් වූ මහාද්වීප කොටසක් හමුවෙයි