(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි සොයාගත් බව උඩප්පුව පොලිසිය කියයි.
අඩි 30ක් පමණ දිගකින් හා අඩි දෙකක විශ්කම්භයෙන් යුත් මෙම බටය වසර 10 කට ආසන්න කාලයක් සින්නපුඩව වෙරළේ තිබී ඇත. ඒ සම්බන්ධයෙක් කිසිවකු සොයා බැලිමක් කර නොතිබු බව කියයි.
දිරගොස් තිබූ එම යකඩ බටයට කිසියම් පිරිසක් 21 දින හානි කර ඇති බවත් පුපුරා ගිය ස්ථානයකින් එහි බිස්කට්, පැකට් කළ ආහාර හා සිගරට් තොගයක් තිබී ඇත. ඒ සම්බන්ධයෙන්ස සින්නපාඩුව රේගු කාර්යාලයට දන්වා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ විශේෂ කන්ඩායමක් අද එම ස්ථානයට පැමිණ අදාල යකඩ බටය පරික්ෂාවකට ලක්කිරීමේදි ඒ තුළ වායු සමිකරණ හා තවත් දෑ තොගයක් තිබියදි සොයා ගැනුනද එය පාරික්ෂාවට ලක්කල නිළධාරින් පවසා සිටියේ මෙම යකඩ බටය තුළ ඇති අනිකුත් දෑ සොයා ගැනිම සදහා ශ්‍රී ලංකා රේගුවට රැගෙන යාමට කටයුතු කරන බවයි.
ඒසේම එම ස්ථානයට පැමිනි රේගු නිළධාරින් පවසා සිටියේ මෙම වෙරළ තිරයේ ඇති යකඩ බටයට සමාන එකක් මේ වන විට සින්නපාඩුව රේගු කාර්යාලය අසල ඇති බවත් එයද පිරික්ෂා කිරිමට ඉදිරි දිනකදි කටයුතු කරන බවත් ඉන් පසුව මේ පිළිබදව වැඩිදුර තොරතුරු රේගුවෙන් නිකුත් කරනු ඇති බවයි.
මෙම යකඩ බටය තුළ තිබු මේ වන විට කිසිදු භාවිතයකට ගැනිමකට නොහැකි තත්වයේ තිබු විදේශ රටක නිශ්පාදිත වායු සමීකරණ කට්ටල 10 කට ආසන්න තොගයක් තිබු බව කියයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල්
janahitha Friday, 23 July 2021 02:49 AM
ළඟටම ගෙනැල්ලා දුන්න දෙයින් ප්‍රයෝජන ගන්න බැරිවුණු හැටි... බෝම්බයක් ආවත් ඔහොම තමයි.
දිමුතු Friday, 23 July 2021 07:10 AM
බටයෙන් හරි කමක්නෑ මිනිස්සුන්ට කන්න ලැබුනෝතින්... සර්ගේ උද්දමනය නිසා අපි ඉන්නේ වැලේ වැල් නැතුව...