IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ

(පද්මසිරි ගාර්දියවසම්)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු  මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදිකාවේ කතහා බහ වේ.

මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා තරග වදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වයෙන්  හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක මහතා නාමයෝජනා බාර දුන්නේය .

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඩී.එම්.රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වූහ .

හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවද ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු නොවේ.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම් කර තිබේ .

 



අදහස් (31)

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ

achini Saturday, 12 October 2024 09:14 AM

මේ හොර පවුල් දේශපාලනය මෙතැනින්ම අවසන් කර දමමු

:       28       223

මිනිසුන් Saturday, 12 October 2024 01:47 PM

රටට මේ වරක් කර දුන් පවුලක් අමතක නෙකරමු ගුණමකු ජාතියක් ඉන්න රටේ හොඳ මිනිස්සුනුත් ඇතැයි සිතමි

:       50       14

බකල ජයා Saturday, 12 October 2024 09:25 AM

රට දිනුම් :)

:       19       163

Buddika Saturday, 12 October 2024 09:26 AM

රාජපක්ෂ පරපුර මේ රටටම නැවත එපා. අද මේ රට තියන අගාධයට වගකිවයුතු පිරිස ඔවුන්... ජාතික ධනය අම්මාගේ අප්පගේ බූදලය වගේ විනාස කලේ. ඔවුන් හොරකම් කළා මදිවට ගෝලයින්ට හොරකම් කරන්න ඉඩදුන්නා. පරපුරේ හැත්ත බුරුත්තම හොරකම් කළා...

:       22       181

ravin Saturday, 12 October 2024 09:46 AM

විශ්ලේෂණාත්මකව විමර්ශනය කළයුතු වන්නේ රාජපක්ෂලාට හම්බන්තොට එපා වෙලාද? නැතහොත් හම්බන්තොටට රාජක්ෂලා එපා වෙලාද කියා...?

:       10       106

අරවින්ද මොනරවිල Saturday, 12 October 2024 09:56 AM

හම්බන්තොටින් නොවෙයි, රටින්ම අතුගාලා දාන්න ඕනෑ... දුෂ්ට, දූෂිත පවුලක් ඕක...

:       19       138

matin Saturday, 12 October 2024 10:10 AM

අපේ රටේ දේශපාලනය අධික ලෙසම පාදඩ කරනය කලේ මහින්ද, බැසිල් , ගෝටා සහ නාමල්. දැන් මොවුන් මොනතරම් පීචන් තත්වෙකට පත්වෙලාද? මේවා බලයෙන් මත්වෙන කොයි කාටත් පාඩම්...

:       12       106

Rasika Saturday, 12 October 2024 10:27 AM

ලොකු දෙයක්... දැන්වත් රට හොරුන්ගෙන් නිදහස් වේවි...

:       10       80

එඩ්වඩ් සිකුවේරා Saturday, 12 October 2024 10:49 AM

හම්බන්තොට මතු නොව මුලුමහත් රටටම සුවිසල් සේවයක් කළ රාජපක්ෂ නාමයට මඩ ගසා තාවකාලික තෘප්තියක් විඳීමට ජාජබ කොමෙන්ටු කරුවන්ට අවස්ථාවක් දෙමු.

:       76       26

බකල ජයාSaturday, 12 October 2024 11:53 AM

@එඩ්වඩ් සිකුවේරා, මහින්ද රාජපක්ෂ සේවයක් කලා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් යම් සේවයක් කෙරුවා. මේ අය මේව කලේ අනෙක් අයගෙත් සහයෝගය ඇතිව. නමුත් සේවයෙන් පස්සෙ කරපු විනාශෙ මනින්න අලුත් මිනුම් ඒකකයක් ඕන. ජාතික වීරයෙක් සමානව සැලකුම් ලබන්න හිටි මනුස්සයෙක්, රජ පිස්සුව ඔලුවට ගහලා, පවුලත් රජකරවන්න අරගෙන තමන්ගේ ගෞරවය තමන්ම නැතිකරගත්තාම අනික් මිනිස්සු බනින එක වළක්වන්න බෑ.

:       4       38

ඇන්ඩෘ සෙබඩවිල Saturday, 12 October 2024 11:01 AM

රාජපක්ෂවරු ළමයි වඩා ගත්තා. අපේ නායක සහෝදරයත් ළමයි වඩා ගන්නවා. රාජපක්ෂවරු පංසල් කෝවිල් ගියා. අපේ නායකවරුත් දැන් ඒවා කරනවා. රාජපක්ෂවරු A9 පාර විවෘත කළා. අපේ ජනපති සහෝදරයා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ පාර ඇරියා. රාජපක්ෂවරු කොරෝනාවෙන් රට බේරාගෙන යහපාලනයෙන් සිඳුවා ගිය භාණ්ඩාගාරව නිසා ගෙදර ගියා. අපේ නායක සහෝදරයා ප්‍රමුඛ ආණ්ඩුවට එසේ නොවේවා...!

:       15       26

Buddika Saturday, 12 October 2024 11:02 AM

මේ දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා තියෙන්නේ. රජකම් කළත් කලකම් පලදෙනවා. අප්පල, පුතාලා, මහප්පා, බාප්පලා, නැන්දා, මාමා මුලු හැතිකරේම එකතුවෙලා රට කෑවේ. නීතිය බලය ඔක්කෝම ඔවුන්ගේ වුණා. එක පුතෙක් නේවි එකට දැම්මා. නේවි එකේ අනිත් නිලධාරීන් සුදුසුකම් ඇතිව ගිහින් වැඩකරලා අඩියෙන් අඩිය ඉහළට යද්දි සුදුසුකම් නැතිව නේවි එකට ගිහින් ගෙදර ඉඳලා ප්‍රමෝශන් ගත්තේ වැඩ නොකර, වැඩ නොදැන. නේවි කමාන්ඩර්ට නැති සැලකිලි එයාට තිබ්බේ. රටේ සල්ලි හොරකම් කරලා සුඛවිහරණ විඳින මොවුන්ගේ පරපුරටම හෙන හතම ගහන්න ඕනෑ කරපු විනාසෙට...

:       9       51

Nalaka Saturday, 12 October 2024 11:07 AM

මොවුන් හමුදා මූලස්ථාන විකුණලා... ඒවා හදන්න අපි තාමත් බජට් එකෙන් මුදල් වෙන් කරන්න ඕනේ. මොවුන්ගේ හොර පවුල නම් සාපයක්...

:       6       55

Lakmal- Awariwaththa Saturday, 12 October 2024 11:12 AM

නාමල් හොර ඡන්දෙ ඉල්ලුවොත් නියතව පරදින බව දන්න නිසා. ලැබෙන ඡන්ද ලක්ෂයෙන් හරි පාර්ලිමේන්තුවට රිංගන්න ජාතික ලැයිස්තුවෙන් ඇව්ල්ලා... ලැජ්ජයි.

:       4       40

nawarathna banda Saturday, 12 October 2024 11:12 AM

වපුරපු විදියටයි අස්වැන්න ලැබෙන්නේ...!

:       3       33

සෙනෙවිරත්න Saturday, 12 October 2024 11:27 AM

අනුර කුමාරට කතිරයක් ගහලා කරපු විනාශයක්? ප්‍රතිඵල එසැනින් සහ තැපෑලෙන්, ඔහොම යමු තව තව ප්‍රතිඵල ඉස්සරහාට, වසර තිහක් හතලිහක් හංගාගෙන හිටපුවා එළියට එනකොට සමහරුන්ට උන්හිටිතැන් අමතක වෙයි.

:       17       23

සෙනෙවිරත්න Saturday, 12 October 2024 11:30 AM

මීලඟට එකිනෙකා බොරුල්ලට, හැබැයි මේ වෙනස ඇස්පනාපිට සිහිකල්පනාව ඇතිව දැක බලාගෙන ඇස් පියාගන්න තරම් මහින්ද මහත්මයා (අ)වාසනාවන්ත වුණා. අනුන්ගේ පක්ෂ කැඩුවා, සඟුන් බේද කලා, ජාතින් ආගම් කෙටෙව්වා. නමක් තියාගෙන හිටපු කලාකාරයෝ තුට්ටු දෙකට වැට්ටුවා... ඒවායේ ප්‍රතිඵල මේ...!

:       6       42

පිටිගල මිලානෝ Saturday, 12 October 2024 11:35 AM

ස්වභාවධර්මයා කඩුවත් තරාදියත් අතට ගෙන ඇත.

:       4       36

ජමිලා Saturday, 12 October 2024 11:39 AM

කුණුලේ පාට සාටකයක් රටකට කළ විපතක්…

:       4       36

හසන්ති Saturday, 12 October 2024 11:42 AM

සාටක වලින් වසාගත් මොංගල් මුහුණු ටිකක්….

:       4       25

Priyantha Dissanayake Saturday, 12 October 2024 11:44 AM

මේ රට අපේ රටේ පෙර සිටි දැහැමි ප්‍රතාපවත් රජවරු තුණුරුවනට පූජාකරපු රටක්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩහිඳිමින් ශ්‍රී ලංකාද්වීපය නම් මේ කුඩා දිවයිනේ තමන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාවන රටබවත් එය ආරක්ෂාකරන ලෙසටත් සක්දෙවිඳුන්ට උපදෙස්දී තිබෙනවා. එසේවූ උතුම් පූජනීය රටක් විනාශ කරන්න කෙනෙකුට පහසු නැහැ, ප්‍රභාකරන් නම් පුද්ගලයෙක් කොටි සංවිධානය නමින් ඇසූ පමණින් ලොව සලිතවන සංවිධානයක් ගොඩනඟා අනේකවිධ අපරාධ කළා, තවත් එවන් අය සිටියා. පෙර කළ මහා කුශල ශක්තිය නිසා එය උපයෝගි කරගෙන රට විනාශ කළා. නමුත් සීමාව ඉක්මවා යනවිට අනෙක් අතට කැරකී තමන්වම විනාශවූවා. පව් කරන්නෝ මෙලොවත් පරලොවත් තැවෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. උතුම් දුර්ලභ මිනිසත් බවක් ලබලා ඇස් කන් නාසා ආදි පසිඳුරන් ප්‍රකෘ‍ර්තිව ලබන්න වාසනාවන්ත වෙලා, රටේ පාලකයෝ වෙන්න වාසනාවන්ත වෙලා වසර 60,65ක් වූ ජීවිතකාලය ගෙවිලා යන්න ආසන්නවෙලා රට, ජාතිය, ආගම වනසලා දැන් ගෙනා කුසලයත් ගෙවීගෙන ගිහිල්ලා පිටත්වෙලා යන්න ආසන්න වෙලා. තාවකාලික නවාතැනින් පිටවෙන්න වෙලාව ඇවිත් ආයේ තැනකට යන්න ඕනෑ. මොනවාද අරගෙන යන්නේ? විදේශවල තැන්පත් ධනය එහෙට වලංගු නැහැනේ. කාට කාටත් හොඳ පාඩම්...

:       3       19

උපුල් Saturday, 12 October 2024 11:55 AM

1977 මහ මැතිවරණයේදීත් රාජපක්ෂලා සියලු දෙනාට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා..

:       1       3

Deshapriya Saturday, 12 October 2024 12:30 PM

අරගලය මොකක්ද කළේ, අරගලය රට විනාශ කළා යැයි දොඩවමින් සිටි දූෂිත දේශපාලකයෝ අද ඡන්දය ඉල්ලීමටවත් ඉදිරිපත් නොවන තත්වයක් උදාකර දී ඇත. අරගලය පාලකයා පන්නා දැමීමටත් වඩා පැවැති ක්‍රමය සාධනීයව වෙනසක් කිරීමට දායක වී ඇත. රටේ බහුතරයක් පුරවැසියන් බුද්ධිමත්ව තීරණ ගන්නා සමාජ ක්‍රියාකාරීන් බවට පරිවර්තනය කර ඇත. ඔවුන් තමන් බැඳී සිටි චරිත, දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කර තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජන සමාජයක් නිර්මාණය කර ඇත.

:       2       18

දේශ විතෛයිසී  Saturday, 12 October 2024 01:06 PM

මේකෙන් හොඳ පාඩම් ඉගෙන ගන්න. රාජපක්ෂලා ඉවරයි. බණ්ඩාරනායකලා ඉවරයි. මහ වැලියෙන් කාපු ගාමිණී දිසානායකලා ඉවරයි. වැරැදි කළොත් කාටත් වෙන්නේ මේ ටිකම තමයි. සිංහලේ රාජ්‍ය භාෂාව කරලා බණ්ඩාරනායක මොකද කලේ තමන්ගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය ලබා දුන්නා.

:       2       7

Bandara Saturday, 12 October 2024 03:22 PM

ගාමිණී දිසානායක මැතිතුමා නොහිටින්න මහවැලිය හැදෙන්නේ නැහැ. එහෙම තියෙද්දී එතුමාට ශාප අපහාස කරන පවුල් හා එතුමාට ජීවිත හානි කළ පවුල්වල ඔක්කෝමත් ඉවරයි කියලා නිදහස ලබා අවුරුදු 90 වනවිට පැහැදිලි වෙනවා...

:       0       3

Rocky Saturday, 12 October 2024 01:24 PM

පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම...!!! මහ එකා කෑවා.

:       0       0

beau Saturday, 12 October 2024 02:18 PM

අන්තිමට මහජනයාට තේරිලා තියෙනවා කවුද මේ රට වනසපු කෙනා පල්හොරු කල්ලිය කියලා..!

:       0       1

ගමේ එකාලා Saturday, 12 October 2024 02:50 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ගුණමකුවෝ. රැවටිලි කාරයෝ, ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු. සදහටම හිරගෙදර ඉන්න ඕන අය. හොර පෙරකදෝරුවා ජාතික ලැයිස්තුවෙන් වත් ඕනේම නැහැ. දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්...

:       0       1

නන්දන පනා-මිලානෝ Saturday, 12 October 2024 03:14 PM

අරගලය සෑහෙන දේශපාලුවෝ කොටසකගේ ඉරණම් තවමත් විසඳනවා.

:       0       0

ලයනි Saturday, 12 October 2024 03:40 PM

ජාජබ... වේගයේ තවත් වික්‍රමයක්.!..

:       0       0

පොඩිඑකා Saturday, 12 October 2024 04:02 PM

මෙන්න මගේ මාතෘකාව....., “මොල හතක් නැති ඔලු හතක්”....!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 331 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2202 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2892 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1758 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9539 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2614 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40135 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1322 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site