IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට

(තිලකරත්න දිසානායක.)

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල්  16, 707 ක සාමාජිකයින්  68,672 දෙනෙකු අද (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි. 

පැවති වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය  , ඌරුවල් ඔය සහ කුණ්ඩවිල ඇල පිටාර මත ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් සහ අවට ප්‍රදේශ මද වශයෙන් යටව පවතින අතර පීඩාවට පත්වූ පවුල් 416 ක සාමාජිකයින් 1376 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 16  ක රැදවීමට පියවර ගෙන ඇති බවත් පීඩාවට පත්ව සිටින අයට අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගන්නා ලෙස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පැවසීය. 

ආපදා පවතින ප්‍රදේශයන්හි දිසාපතිවරයා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත චන්ද්‍රසිරි මහතා අද නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගනු ලැබූහ.
 

 

---------------------------------------------

(තිලකරත්න දිසානායක)

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර නගරයේ අතුරු මාර්ගද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇත. 

ගම්පහ - ජාඇල මාර්ගය, ඔරුතොට මාර්ගය, ගම්පහ රෝහල අසල, ගම්පහ - යක්කල මාර්ගයේ ආනන්ද මාවත, ජාඇල පාර බස් නැවතුම් පොළ අසල, කල්යාණි පාර මෙන්ම නගරේ වීදි යටවීම හේතුවෙන් කඩ සාප්පු බොහෝමයක් සහ නගරයේ උපකාරක පන්ති ආදියද වසාදමා  ඇති ආකාරයක් දක්නට ලැබිණි. 

මාර්ග ජලයෙන් යටවීම නිසා ගම්පහ නගරයට ඇතුලුවන මාර්ගවල අධික වාහන තදබදයක් පවතී. 



අදහස් (1)

වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට

විදුර Saturday, 12 October 2024 01:50 PM

හරි හමන් අපවහන පද්ධති නෑ, පහත්බිම් වහගෙන අනීතික ගොඩනැගිලි, ඔක්කොම පණ්ඩිතයෝ ඉන්නේ, ඕක හදාගනිල්ලාකෝ

:       1       20

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 0 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 368 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1170 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 100 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 135 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 440 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site