(නිමල කොඩිතුවක්කු)
ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 11ක පවුල් 5738කට අයත් පුද්ගළයින් 16930ක් පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 71කට අයත් 239ක් ආරක්ෂිත ස්ථාන 8 ක රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් නිවාස 98කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර දිස්ත්‍රික්කයට බලපා ඇති අතර එහි පවුල් 4774ක පවුල් 13872ක් පීඩාවට පත්ව සිටිති.
අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චිය, යාපනය, වව්නියාව, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං සහ ගංවතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැස්සෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්