(මොහොමඩ් ආසික්)
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථානය කියයි.
එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති දත්ත අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1,345 කට අයත් පුද්ගලයින් 5,079 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,356 කට අයත් පුද්ගලයින් 78,281 ක් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,941 කට අයත් පුද්ගලයින් 60,233 දෙනකු ඇතුළුව බස්නාහිර පළාතේ පවුල් 36,632 කට අයත් පුද්ගලයින් 1,43,595 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 101 ක පුද්ගලයින් 349 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 104 කට අයත් පුද්ගලයින් 676 දෙනෙකු සබරගමුව පළාතේ පිඩාවට පත්ව සිටිති.
දකුණු පළාතේ ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් 37 කට අයත් පුද්ගලයින් 139 දෙනෙකු සහ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 32 ක පුද්ගලයින් 110 ක් පීඩාවට පත්ව සිටිති.
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 16 ක පුද්ගලයින් 66 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 385 ක පුද්ගලයින් 1,298 දෙනෙකුද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,203 කට අයත් පුද්ගලයින් 8,902 දෙනෙකු ඇතුළුව පළාතේ පවුල් 2,588 කට අයත් පුද්ගලයින් 10,200 ක් පීඩාවට පත්ව සිටිති.
මෙම ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබාද තිබේ.
ආරක්ෂිත ස්ථාන 80 ක පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 ක් රඳවා ඇති බවත් නිවාස 322 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට