IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විස්ස පාර්ලිමේන්තුවට දාන්නේ එක මතයක ඉඳන්

 

(අජන්ත කුමාර අගලකඩ)

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන නමුත් අවසානයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ, ආණ්ඩුව ලෙස එක මතයක සිටිමින් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පැවසීය.

ව්‍යවස්ථා සංශෝධනයක දී එවැනි සංවාදයක් ඇතිවීම හොඳ බව කී අගමැතිවරයා විවිධ මත තිබෙන නමුත් ඒවා එක මතයක් බවට අවසානයේ පත්වන බවද සඳහන් කළේය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුව සිටින බවද අගමැතිවරයා කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පුවත්පත් කතෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය කුමක්දැයි මාධ්‍ය ප්‍රධානියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවක් වුණාම ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නේ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ යැයි පැවසීය.

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ කමිටු පත්කර තිබෙනවා නේදැයි මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කිරිමට අයිතියක් තිබෙන බවත්, එහෙත් අවසානයේ එක මතයකට එන බවත් සඳහන් කළේය.

විසිවැනි සංශෝධනයෙන් සිදුවන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරිම පමණක් බවත් ඉන් පසුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන එන බවත් අගමැතිවරයා පැවසීය.

මේ අතර පළාත් සභා මැතිවරණය ද ඉදිරියේ දී පවත්වන බව අගමැතිවරයා කීවේය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සමාජගත නොකලේ මන්දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්ෂ මහතා එය තමාට බලාගැනීමට දුන් වාර්තාවක් බවත්, අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන බවත් කීවේ ය.

මේ අතර, සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි නිවාස 100 කින් ගත් මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවද අගමැතිවරයා පැවසීය.

මේ අතර අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංස මහතා පසුගිය ආණ්ඩුව හැදූ දූෂණ විරෝධී කමිටුවද දූෂණ කර ඇති බව කීවේය.

දූෂණ විරෝධී කමිටුව රුපියල් කෝටි තුනක් අයථා ලෙස වියදම් කර ඇතැයි කී වීරවංස මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් වෙනමම මුදල් දී ඇතැයි කීවේය.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල,ඩග්ලස් දේවානන්ද,සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (3)

විස්ස පාර්ලිමේන්තුවට දාන්නේ එක මතයක ඉඳන්

Nuwan Tuesday, 29 September 2020 11:13 AM

ඕක දෙනකම් හරියට කෑවේ නැහැ වගේනේ හැසිරෙන්නේ. ඕකද දැන් ලංකාවට අඩු..? 

:       1       8

Nimal Wednesday, 30 September 2020 06:16 AM

ඡන්ද දෙකටම කළින් ජනතාවට 20 ප්‍රතිපත්තියක් හැටියට ඉදිරිපත් කළා නම් කියන්න පුළුවනි..., ජනතාව ඒකට අනුමැතිය දුන්නා කියලා. ඒත් දැන් මතය පොහොට්ටු මතය මිසක් ජනතාවගේ මතය වෙන්නේ කොහොමද?

:       1       2

Rata Perata Wednesday, 30 September 2020 06:34 AM

ඕක ඉතින් අන්තිමට පවුලේ මතය තමයි. අපේ බයියන්ට ඕක තොරෙනකොට ඉවර වෙලා තියෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1072 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 956 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 919 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 623 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 541 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4897 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25316 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site