(තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි.
මෙහිදී අධික මිල ගණන් යටතේ විකීණීම සිදු කළ සහ නිෂ්පාදකයකුගේ හෝ ආනයන කරුවකු නොමැති තහනම් ආලේපන විකීනීම් සිදු කළ වෙළෙඳුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන බැදුම්කර මත මුදා හැරීමට කටයුතු යොදා ඇත.
මෙම තහනම් ආලේපන භාවිතා කරමින් රූපලාවණ්‍ය කටයුතු කිරීම සිදු කළ සැලූන් පරීක්ෂා කිරීම සිදු කර ඒවායේ හිමි කරුවන් සහ සේවකයන් අත් අඩංගුවට ගෙන බැදුම්කර මත මුදාහැරීමට කටයුතු කොට තිබේ.
ඔවුන්ට විරුද්ධව මිනුවන්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විස ආලේපන සොයා මිනුවන්ගොඩ පීරයි
චන්දන Thursday, 12 September 2024 06:19 AM
ඇයි මේව රට පුරාවටම ක්‍රියාත්මක කරන්න බැරි . දිගින් දිගටම මෙහෙම කරනවා නම් මිනිස් ජීවිත රැකෙනවා.
පිටරටවැසියා Thursday, 12 September 2024 09:33 AM
කාටහරි කෙළවෙන්නම ඕන නිලධාරීන්ගේ ඇස් ඇරෙන්න...එහෙම වුණත් ඒක ටික කාලෙකට විතරමයි, අයෙත් තව කාටහරි කෙළවෙනකම්ම ආපහු පරණ නින්දටම යනවා...!!! දේශපාලුවොයි, රාජ්‍ය නිලධාරීනුයි, රටේ ජනතාවයි, ඔක්කොම වෙනස්විය යුතුමයි. නැත්නම් මේ රටට අබ සරණයි !!!