IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කළහ.

ඔවුන් ඒ සදහා ඉන්දියාව , චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30 කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද , අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණි .

එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණි.

වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම  සාර්ක් රටවල සංචාරකයන්ගෙන්  වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද අය කිරීම සිදු කර තිබේ.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු ( Service Charge ) සහ පහසුකම් සැළසීමේ ගාස්තු ( Convenience Charge ) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබේ.

ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 ක් බවට පත් වී ඇති අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් පැවසීය.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් හිමි වන බැව් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය.

 



අදහස් (26)

වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා

duminda Thursday, 02 May 2024 03:42 PM

මේ රට කරන්නේ පිස්සො ද?

:       1       124

නිහාල් Thursday, 02 May 2024 03:55 PM

නෑ බුද්ධිමත් අය. ඒ බුද්ධිය පාවිච්චි කරන්නේ හොරා කන්න මිස රටට හොඳක් වෙන්න නෙවෙයි.

:       2       98

saman Thursday, 02 May 2024 07:00 PM

නැති ගැටළු මතුකරගෙන සංචාරකයන් / මගීන් පිඩාවට පත්කරන (On Arrivel Visa ) ඉන්දියානු සමාගමකට ලබාදුන්නේ කවුද ?

:       0       1

Nimal Thursday, 02 May 2024 03:42 PM

නියමයි. රනිල්ට ජයවේවා.

:       4       59

වැසියා Thursday, 02 May 2024 03:43 PM

රටට එන එකෙක්ට වීසා එකක්වත් තමන්ට දීගන්න බැරි අබ්බගාත රටක් නේ මේක. වීසා දෙන්නෙත් ඉන්දියන් කාරයෝ. කියන්නෙ නම් බංකොලොත් භාවයෙන් ගොඩ ගියා කියලා.

:       3       104

Hafeel Thursday, 02 May 2024 04:00 PM

රටට මේ අපරාධය කරන්න තමයි රනිල් පාර්ලිමේන්තුවේ ඉන්නේ අනිකුත් පක්ෂවලටත්, රටේ ජනතාවටත් ඔහු ආරාධනා කරන්නේ. රනිල්ට ඡන්දය දුන්නු 133 දෙනාටම සාපය වේවා.

:       0       1

පිටරටවැසියා Thursday, 02 May 2024 04:31 PM

කෝ දැන් පක්ෂ පාට කරේ තියන් කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාන බත් කන හරක් රංචුව ???

:       0       0

ranjith Thursday, 02 May 2024 04:43 PM

මේ වගේ පාලකයෝ ඉන්න රටක් අද නිවට රටක් වෙලා ඔක්කොම විදේශ සමාගම් වලට දීලා

:       0       0

Akila Thursday, 02 May 2024 05:04 PM

රනිල් බලයට ආපු දවසේ ඉඳල කරන්නේ ඉන්දියාවටයි චිනේටයි ලංකාවෙන් බිස්නස් දීල ඒ රටවල වල ආර්ථිකය සරු කරන්න උදව් කරන එක , මේක කරන්න පුළුවන් ලංකාවේ කට්ටිය හිටියෙම් නැත්ද ?

:       0       0

විජිත් Thursday, 02 May 2024 05:09 PM

මෝඩ ගොබ්බ දුෂිත හොර පාලකයින්ගෙන් මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ .ඔතන වැඩ කරන ඉන්දියන් කාරයෝ දැනටමත් ඉන්දියන් හොරු කි දෙනෙකුට ලංකාවේ විසා දීලාද කවුද දන්නේ ? මුන්ට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතුයි , කෝ අදාළ අංශ ? අදාලාංශ වලට බැරිනම් රටවැසියන් නිතිය අතට ගනු ඇත. විශේෂයෙන්ම චන්දෙ කාලෙට මුන් මහා ලොකුවට කතාකරන්නේ " ජාතික ආරක්ෂාව " ගැනයි. දැන් ජාතික ආරක්ෂාව කොහෙද යකෝ තියෙන්නේ ?

:       0       1

Nimal Thursday, 02 May 2024 05:10 PM

අවුල ටික දවසකින් හරියයි... අපිට මොකද ඔච්චර ඩොලර්.. මොලේ කල්පනා කරලා රට ගොඩ දාගෙන යන වෙලේ මේවටත් එක එක එව්වා කියන අය ඉන්නවා

:       0       0

Kumara Thursday, 02 May 2024 05:16 PM

ඒක වීසා එකකින් කාට හරි ඩොලර් පහ ගානේ කොමිස් කීයක් විතර වෙයිද? ඡන්ද වලට සල්ලි ඕනනෙ.

:       0       0

සමන් Thursday, 02 May 2024 05:33 PM

ගුලි කාලද මේවගේ තීරණ ගන්නේ!!!

:       0       0

Prabha Thursday, 02 May 2024 05:33 PM

ආගමන විගමන එකෙන් හරියට වැඩේ වුණා නම් ඔහොම දෙන්න වෙන්නේ නැ. අන්තිමට වෙන්නට රටට එන්න තියන සල්ලි කොහෙවත් යන ඉන්දියන් සමාගමකට යන එකයි

:       0       0

අනිල් Thursday, 02 May 2024 05:39 PM

ටයි පොලු දාගත්ත ගව රැළක් තමා ශ්‍රීලංකන් පාලනේ කරන්නේ.. ලැජ්ජයි!!!

:       0       0

sena Thursday, 02 May 2024 05:52 PM

රනිලා හිටියොත් මුලු රටම විකුණනවා

:       0       0

බද්රානි Thursday, 02 May 2024 06:53 PM

මේ රට මංකොල්ල කාරයින් රැලකගේ ග්‍රහණයට නතුවී තිබෙන බව වැටහෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද..? මේ හොර තක්කඩින්ගේ කතාව නම් , රට, ජාතිය, ආගම නමුත් ක්‍රියාවෙන් මේ තුනටම අවමාන කරනවා...මේ අමන දේශපාලුවන්ගෙන් යැපෙන, මෙවුන්ට උඩගෙඩි දෙන යක්ඛ පුතුන් හා යකා නටන තුප්පහි නිලියන් රැලක් හා පිංගුත්තර පුජකයින් හා බඩජාරී නිලධාරීන් රැලක් අල්ලා ගෙන තමයි මෙවුන් මේ රටට වින කටින්නේ...මම නම් කියන්නේ මේ රට වෙනත් රටක පාලකයින්ට නතු විය යුතුයි...එතකොට, අපිට පුළුවන් සැනසීමෙන් මේ ලෝකේ ජීවත් වන්නට... කෝ දැන් අර මහලොකු ප්‍රෞඩ ඉතිහාසේ ගැන හා සිංහල ජාතිය ගැන පුහු කයිවාරු ගහන පුස්සෝ රැල ...? එක අතකට ඔහොම වෙලා මදි උඹලට..!

:       2       3

ravin Thursday, 02 May 2024 07:02 PM

මුළු රටේම ආරක්ෂාව පිට රැටියන්ට විකුණලා කොමිස් ගහගත්තාම? රට බල්ලාට ගියාවේ? දැන් ඔක්කොම රට පාලුවෝ ටික උඩු බුරයි නේද?

:       0       0

Lalith Thursday, 02 May 2024 07:06 PM

මේ ගැන සෙව්ව ගාස්තුවෙන් කීයක් ඇමැතියාගේ පිටරට ගිණුමට ලබා දෙනවාද ?

:       0       1

පිටිගල මිලානෝ Thursday, 02 May 2024 08:49 PM

වීසා එකකින් කීයක් අර අල්ලසයාට ලැබෙනවාද….?

:       0       1

Lalith Thursday, 02 May 2024 08:52 PM

ශ්‍රී ලංකා විසා ඒ කියන්නේ වෙබ් අඩවිය පවත්වාගෙන යන ලංකාවට විසා දෙන්නට මුදල් එකතු කරන්නෙත් මේ සමාගමම නෙමෙයිද?

:       0       0

Joni Thursday, 02 May 2024 09:07 PM

නෑ නෑ ඔය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඕක බාරව ඉන්න ඉහලම කෙනා ඔය පෞද්ගලික සමාගමෙන් කෝටි ගාණක කොමිස් ගන්න ඇති වසරක කාළයක් තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් ඔය පෞද්ගලික සමාගමට ලැබෙනව නම් කෝටි 1000 හෝ 1500 කොමිස් ගන්න ඇති, රුපියල් කෝටි 2000 නෙමෙයි ඊට වඩා රටට පාඩු වුණත් ඇමැතිට ප්‍රශ්නයක් නැහැ ආයෙත් මේවගේ අවස්ථා මේගොල්ලන්ට ලැබෙන්නෙත් නැහැ

:       0       3

Nandalal DE SILVA - France Thursday, 02 May 2024 11:34 PM

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවන පරිදි දශක ගණනාවක් තිස්සේ ඉතා හොඳින්, වැදගත් විදියට පවත්වාගෙන ගිය වීසා නිකුත් කිරීම් ඉන්දීය සමාගමකට පැවරීම කාගේ උවමනාවකට කල දෙයක්ද කියා රටවැසියන් දැනගත යුතු වෙනවා. ඉන්පසුව එහි ඇතිවූ "කචල්" වලට වග කියන්නේ කව්ද ??? රටට ඇතුළු වන, පිටවන විදෙස් සංචාරකයන්ගේ සිත්වලට අපෙ රට ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්න ඇති !!! වහාම මෙම "මැටි මොල් , අණ්ඩපාල" තීරණය හකුලා ගෙන රිවස් කරන්න !!!?

:       0       4

Danushka Friday, 03 May 2024 03:21 AM

නෙදෝකින් මෙහෙමත් රටක්... වීසා එක දෙන්නෙත් ඉන්දියාවෙන්... ඒත් දැන් හෙන දියුනු රටක්ලු... බූරුවො පාලනය කරන රටකින් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්ඩ බෑ

:       0       4

සෙනෙවිරත්න Friday, 03 May 2024 04:25 AM

මරු මරු රනිල් රට වටේ කියව කියව යන සංවර්ධන මේකද? කො අර මෙතන රාජ්‍ය වි්‍යවසායකත්වය ගැන පොලේ හැපෙන මහත්වරු? රටේ විනයක් නීතියක් තියෙනව නම් රාජ්‍ය විවසායකත්වය නරක් වෙන්න බැහැ.

:       0       4

Rohana Friday, 03 May 2024 12:19 PM

වීසා ගාස්තු වැඩිකරගෙන ඒක ඉන්දියන් සමාගමකට දීල මේ කරන්නේ අරයගෙ පොකට් එකට ගානක් එකතුකර ගන්න මිස වෙන මොකක්ද? මේකද මේ රටේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරනව කියන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 652 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 307 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 694 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 798 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2523 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 497 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site