(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී බවත් මේ විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රාම් 38 තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.ලෙඩ් කිලෝවකට මිලි ග්‍රාම් 49ක් තිබී සොයාගත් බවද ඔහු පැවසුවේය.
මේ ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ දිසානායක මහතා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද සඳහන් කළේය. මේ පොහොර ප්‍රමිතියෙන් තොර බවද දිසානායක මහතා පැවසුවේය.
කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශවූ බවත් රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා
අගාධයකට ඇද වැටුණු බවද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ පී. බී ජයසුන්දර බව පැවසූ හෙතෙම අද රටේ සිටින්නේ පී බී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයකු බවද සඳහන් කළේය. ඒ වගේම රටේ ඉන්නේ පී බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බවද ඔහු කීවේය.
පීබීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයිද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද හෙතෙම පැවසුවේය.
ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බවද දිසානායක මහතා පැවසීය. මේ ගනුදෙනු පිටිපස ජයසුන්දර සිටින බවත් ඔහු මෙම පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘විස පොහොර ගෙන්වීම පිටුපස ඇමැතිවරුන් ඉන්නවා’
SUNIL MILANO Friday, 26 November 2021 01:32 PM
මේ අයගේ ශරීරය පුරා තියෙන්නේ වයිරයයි, ක්‍රෝධයයි. බොරුවෙන් මිනිස්සු රවටමින් ජීවත් වන කොට්ඨාශයක්.
Hafeel Friday, 26 November 2021 02:55 PM
ඔවුන් හැර වෙන කවුද රටේ සිදුවන දූෂණ, වංචා හෙලි කරන්න? ඔවුන් හෙළිකරන නිසා තමයි අඩු තරමින් රටේ ජනතාවට දැනගන්න ලැබෙන්නෙත්...
DM Friday, 26 November 2021 01:51 PM
පිටු පස විතරක් නෙමෙයි, ඉදිරිපසත්, මැදත්, හැම තැනමත් ඉන්නවා. ඔවුන් කවදාවත් නීතිය ඉදිරියට ගේන්නේ නැහැ.
Bamunuarachchi Friday, 26 November 2021 02:16 PM
හැරිලා බලන්න ඔයාගේ පිටිපස්සේත් කව්රු හරි ඉන්නවාද කියලා. මෙච්චර දවස් බෙරිහන් දුන්නේ රසායනික පොහොර නැහැ රටේ සාගතයක් එනවා කියලා නේද.
පිටිගල මිලානෝ Friday, 26 November 2021 02:23 PM
අසූචි පෝර නැවේ (ශාක පෝශක) දේශීය එජන්තවරයා සාටක පවුලේ ලගම නෑයෙක්. පෝර තොගය පරීක්ශනය කරන්නත් පෙර ණයවර ලිපි අරින්නට බලය ලැබුනේ ඒ නිසා නමුත් කෙසේ හෝ ගරු අධිකරනය මගින් මුදල් ගෙවීම නතර කලා. නැනෝ නයිට්රජන් යයි කියාගන්නා නැනෝ යූරියා තොගයේ සාමාන්‍ය මිල රුපියල් 450ක් වුවත් අපි එයට ගෙවූ මිල රුපියල් දෙදහස් ගනනකි.
sene Friday, 26 November 2021 03:20 PM
කවුද දිනුම් බමුණෝ..? ඔබලා නැට්ට පස්සේ ගහගෙන ලොකු කයිවාරු ගහගෙන ඉන්නේ...
BamunuarachchiSaturday, 27 November 2021 10:47 AM
මගේ අදහස් ලොකු කයිවාරු වගේද පෙනෙන්නේ... ඒ ඔබ පුංචි නිසා තේරුණාද? මට කමක් නැහැ.. මට සහ මගේ පවුලේ අයට නොසැදී ඔහේලාට වකුගඩු අමාරු හැදුණාට... අපිට ඕනේ තරම් කාබනික පොහොර එළවලු මෙහෙ සුපර් මාකට්වල තිබෙනවා. ගෙවතු වගාකරුවන්ගෙන් ලැබෙනවා. ඒ නිසා මම දිනුම්...!!!
Nuwan Friday, 26 November 2021 05:05 PM
ඕන පොඩි එකෙක්ට පේනවනේ ඉන්දියාවේ මිලයි, මෙහෙට ගෙනැල්ලා තියෙන මිලයි බලපුවාම..!!!
SL Friday, 26 November 2021 05:27 PM
මේ මහත්තයෝ ඔයාල පාර්ලිමේන්තු යවලා ඉන්නේ කියව කියවා ඉන්න නෙවෙයි. තමන්ගේ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. විපක්ෂය ඉන්නේ "ආණ්ඩුව පෙරලන්න " කියන මතයෙන් වෙනස් වෙලා... රටේ තියෙන පොහොර ප්‍රශ්නයට තමුන්ගේ යෝජනා දෙන්න.. කොහොමද රසායනික පොහොරවලින් වෙන හානිය අවම කරගන්නේ කියලා පක්ෂ විපක්ෂ එකතුවෙලා ගොවීන්ට දැනෙන පරිදි දෙයක් කරන්න... අවුරුදු 30ක යුද්ධය කාලේ පොහොර ඉල්ලලා උතුරේ ගොවියා නැටුවේ නැහැ. දැනුත් නැහැ. ඒවත් හොයලා බලලා සුදුසු ක්‍රමයක් යෝජනා කරන්න තමා 225ක් ඉන්නේ.. හැමෝගේම තියෙන්නේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිරූපය හදාගන්න විරුද්ධ පක්ෂයට බනින එක හැර වෙන මොනවාද? එකතු වෙලා යමක් කරන්න...
සෙනෙවිරත්න Friday, 26 November 2021 06:06 PM
මේවා බොරු නම් විතරක් අනුරට බනින්න. හැමදේකටම විරුද්ධව කතා කරනවා වගේ පේන්නේ... රටට හිතකර එකම දෙයක් මේ රජය නොකරන නිසා...
චන්දන Friday, 26 November 2021 06:08 PM
මෙච්චර කල් කෑ ගැහුව රසායනික පොහොර දියල්ල කියලා දැන් කියනවා විසයි කියලා. මිල වැඩියි කියනවා. මෙයාලා ගාව තියෙන්නේ එදා වගේම අදත් වෛරය සහ විනාශකාරි තුච්ඡ අදහස් විතරයි...
සැම්සන් Friday, 26 November 2021 07:08 PM
විස පොහොර ගැන කියවන්නේ පසුගිය දවස්වල ගොවියන් මුලාකරලා රසායනික පොහොර දියව් දියව් කියලා පාරක් පාරක් ගානෙ කෑ ගැහුවේ... ඒ වගේම මාධ්‍යයට ඇවිත් මහාචාර්යවරු කියෙව්වේ. රසායනික පොහොරවලින් ලෙඩ හැදෙන්නේ නැහැ කියලා අර පාදෙනිය මහත්තයාව වටකරලා ගැහුවා ..ඒ ගැන කියලා ඉතින් දැන් වහ ඕනි වෙලානේ කෑ ගැහුවේ... දැන් කාපියව් වස...
ana Friday, 26 November 2021 10:36 PM
ජේ.වී.පී. එක හැමදේටම විරුද්ධ වෙන බව කියන මිනිස්සු දන්නේ නැහැ තමනුත් ජේ.වී.පී. එක කියන හැමදේටම විරුද්ධ බව.
BamunuarachchiSunday, 28 November 2021 08:35 AM
මන්ත්රියන්ට පඩි වැඩි කළාට ජෙප්පන් විරුද්ධ වෙන්නේ නැහැ...
prasanna Saturday, 27 November 2021 04:14 AM
ආහාර ගැන වසවිස ගැන ජනතාව ගැන හොදටම හිතන ජපානය වගේ රටවල භාවිත කරන්නෙත් රසායනික පොහොර තමයි. හැබැයි ගුණාත්මක පොහොර. කොමිස් වලට අරවට මේවට නෙමෙයි 100% තත්වය පරික්ෂා කර ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලයි රටේ ඒවා තියෙන්නේ. 100% කාබනික පොහොර වලින් රටක් දුවනන් බැහැ. රටක එක කොටසක ප්‍රාන්තයක වගේ ඒවා කරනන් පුළුවන්. එහෙම කළත් ඒවා වෙනම ඉතා මිල අධිකයි. කැමති අයට 100% කාබනික තමන් වගා කරගන්න පුවළුන්. නැත්නම් ට්කක් වෙළද පොලට දානන් පුළුවන්. නමුත් රටක් ලෙස කාබනිකි වලට ගියොත් එක පාරට ගියොත් හාමතේ තමයි මැරෙන්න වෙන්නේ.
Raveendra Saturday, 27 November 2021 06:32 AM
SL මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. බලය නැති එවුන් බලන්නේ මොන බේගල් දෙසා හෝ බලය ලබා ගැනුමටයි. බලය තිබෙන උන් කරන්නේ කෙසේ හෝ ලැබුණු බලය රැක ගැනුමටයි... විපක්ෂ පට්ටියේ ඉන්න කඳ හරකෙකුටවත් නිසි වැඩපිළිවෙලක් නැතිබව 100% විශ්වාසයි... එනමුත් ඔවුන්ගේ කාර්යභාර්ය වනුයේ බලයේ ඉන්න හරකුන් ගෙනෙන "මෑණියන්දාගේ සෑම වස්ත්රයකටම" විරුද්ධ වීමයි. මේ දියව් දියව් හරකුන් කරේ සහ කරන්නෙත් එයම නොවේද?
ජන හඩ Saturday, 27 November 2021 09:56 AM
එන එන ආණ්ඩුවලට කඩේ යන යන්තම් බාගෙට අධ්‍යාපනය ලබාගෙන දන්නවා වගේ කථා කරන සමහරු යූරියා යනු වසවිසක් යයි කියන්නේ තමන් යූරියා ශරීරය තුළ ගබඩාකර පිට කරන බවද නොදැන විය හැක. පුදුම වෙන්න දේකුත් නෑ. මොකද ඇමතිගොල්ලෝත් මොලේ නැති බව රටටම ප්‍රදර්ශනය කළා. මේ හැම දේකින්ම අත යට ගනුදෙනු කරන හිරිකිත දේශපාලක හා එම වන්දි භට්ටයින්ට තාමත් චීන අසූචිවලින් තොර දේශීය කාබනික පොහොර සෑදීමක් සිතාගත නොහැකිද? විජයගෙන් පැවතෙන පව්කාර ආත්මාර්ථකාමී මිනිසුන් ලොව සුන්දරම රටට කරන විපතක අරුම? ඔය කොයි දේවාලෙ වැන්දත් බහුතර ජනතාවගේ සාපයෙන් මේ අයගේ පවුල්වලට ගැලවීමක් නොමැත...
Bamunuarachchi Saturday, 27 November 2021 12:04 PM
අනුර, ජනාධිපති තුමා කියලා තිබෙනවා ජනප්‍රිය නොවන තීන්දු රැසක් ගන්නවෙනවා විවේචන එල්ලවෙයි කියලා. දැන් ඔහේ කෑගහලා නවත්තන්න පුළුවන් මගුලක් නැහැ. කටවහගෙන වෙන පැත්තක් බලා ගන්න. දැනුයි නිස්සංක නිසි තැනට එන්නේ.