IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වාස භූමි අහිමි වල් අලි ගම්වදිති

(ගල්ගමුව නිහාල් ජයවීර )

ගල්ගමුව ,පාළුකඩවල ප්‍රදේශයේ රාත්‍රි කාලයේ සැරිසරමින් සිටි වල් අලි රංචුවක් අද (23) උදේ හයයි හතළිස් පහට පමණ පාදෙණිය- අනුරාධපුර මාර්ගය හරහා අඹන්පොළ ,තේක්කවත්ත රක්ෂිතයට ගමන් කරන අප කැමරාවේ සටහන් වූයේ මේසේය. .

අලි ඇතුන් 175ක් පමණ මේ රංචුවේ සිටින බවත් කාණ්ඩ තුනකට කැඩි ඒ රංචුව මාර්ගය මාරු වු බව ප්‍රදේශවාසිහු කියති .

පාළුකඩවල වැව් ඉස්මත්තේ වු වනාන්තරයේ මේ දිනවල සිදුවන එළිපෙහෙළි කිරීම් නිසා එහි රැදී සිටිමට නොහැකි වීමෙන් මේ අලි රංචුව අවදානම නොතකා මෙසේ ප්‍රධාන මාර්ගය හරහා පාර මාරුවෙන බව ප්‍රදේශවාසිහු කීහ .

 



අදහස් (12)

වාස භූමි අහිමි වල් අලි ගම්වදිති

sharm warn Tuesday, 23 March 2021 06:05 AM

අර බබා වෙලා ඉන්න ජනාධිපතිටයි, කියත් මගේ ලොක්කන්ටයි ගිහින් කියන්න. පරිසර හානියක් නැහැ කිය කියා වැළලෙන්න හදන්නේ මහ ලොකුවට. මහරජාලා නැහැ... ඉන්නේ රාජපක්ෂලා විතරයි කියලනේ කියන්න හදන්නේ...

:       5       63

RaveendraTuesday, 23 March 2021 07:38 AM

ඔබගේ අදහස් වලින් ගම්‍ය වන්නේ ඔබ අද ඊයේ ඉපදුණු කෙනෙකු හැටියට බව නොවේද? අපට ඔබ වන්දනාමාන කරන "කලවැද්දන්වත් දැන් බලයේ ඉන්න කලවැද්දන්වත් වැඩකටම නැත". මොන කලවැද්දා පරිසරය විනාශ කරත් අප එයට විරුද්ධ වන්නෝය. එනමුත් ගැටලුව පිළිබඳව ඔබ පැළඳ සිටින කණ්ණාඩියේ පාටින් අදහස් ඉදිරිපත් කිරීම "ඥානාන්විත මිනිසුන් ගෙන් කෙසේවත් සිදු නොවන්නක්" බව නම් කිව යුතුමයි. අප මෙයද නොබියව සඳහන් කරන්නෙමු. 1977න් පසු දියවන්නාව පට්ටියේ බලය ලබාගත් හැමකෙනාම අඩුවැඩි නැතිව රටේ පරිසර විනාශයට වගකිව යුතු බව මළපොතේ අකුරු නොදත් අපට තේරුම් යන පරම සත්‍යයකි. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව ඔබට මෙන් දියවන්නාව 225 ටම කියවීමට හැකිවේවා...!!! 

:       1       0

sharm warnThursday, 25 March 2021 08:08 AM

රවීන්ද්‍ර ඔයා මොන පදනමේ ඉඳන්ද කතා කරන්නේ? මම කලවැද්දන් නම් වන්දනා කරන්නේ නම් නැහැ. නමුත් ඔයා මැදමුලන වන්දනා කරන බව නම් පේනවා.

:       0       1

janahithaTuesday, 23 March 2021 07:47 AM

රාජපක්ෂලා කැලෑ කපනවා, පස් කපනවා... අනික් කට්ටිය රනිල් පක්ෂලා බැංකු කඩනවා. බෝමබ ගහපු අය නිදහස් කරනවා. බලය රැකගන්න මේ රටට මොනවද තව වෙන්න තියෙන්නේ? තමන් අදහන පක්ෂය තම විශ්වාසය තහවුරු කරන ජනතාව රට විනාශය කරා ගෙනයනවා.

:       0       2

රජින්ද Tuesday, 23 March 2021 06:13 AM

මහතැන කියනවනේ වන විනාශය සහ ඒ ගැන කතා කිරීමත් දැන් විලාසිතාවක් වෙලා කියලා. අන්න එයා මේ වගේ පුවත් පත්තරෙන්වත් දැකලා තේරුම් ගනීවිද දන්නේ නැහැ. මේක විලාසිතාවකට කියන දෙයක් නොවේ යතාර්ථයක් කියලා. මේ රට පාරිසරික වශයෙන් විනාශ කරලා දාලා කටමැත දොඩවන නායකයින් නිසයි අපේ සශ්‍රීක භුමිය සහ වනසතුන් අපට අහිමි වෙමින් යන්නේ. ජනතාව මේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන මහාපරිමාණ වන විනාශයට එදිරිව සියලුම ආකාරයේ විරෝධතාවයන් දැක්විය යුතුයි.

:       6       36

val ali Tuesday, 23 March 2021 07:49 AM

අපි යන්නේ කන්න හොයාගෙන අපේ ඉඩකඩම්වල මිනිස්සු පදිංචිවෙලා කැලෑ කපන අය අද, ඊයේ නොවේ... කොහොම වුණත් මිනිස්සු වගේ අපි පශ්චාත් භාගයෙන් යන්නේ නැහැ.

:       0       2

banda Tuesday, 23 March 2021 08:06 AM

වැව් ඉස්මත්තේ වනාන්තර එළි පෙහෙළි කරන නිසා වැවත් හිඳිලා යනවා. අලිටිකත් විනාශ වෙලා යනවා. අපිට කියන්න පුළ්වන් මේ අපරාධ කළ අයට හෙණම ගහන්න කියලා විතරයි.

:       0       2

සෙනෙවිරත්න Tuesday, 23 March 2021 08:26 AM

කෝ මේ ජේවීපී කාරයින් මොනවා කරනවද මන්දා?

:       2       16

ගාමිණී Tuesday, 23 March 2021 08:26 AM

කැලෑ කැපීම නොවන බව රජය කොතරම් පැවසුවත් යථාර්ථය සැඟවීමට නොහැකි බව මෙවැනි ස්වභාවික ප්‍රතික්‍රියා තුළින් වත් වටහා ගන්නේ නම් මැනවි...!!!

:       2       25

විපරමා Tuesday, 23 March 2021 09:37 AM

කැලෑ කපන දේශපාලකයින් ඉන්න රටේ මොන කතාද?

:       0       13

Wasantha Tuesday, 23 March 2021 10:05 AM

සීනිසේන කියයි මේවත් මහරාජාලාගේ වැඩ කියලා. වහල්ලු ටික පෝස්ට් හදයි.. මේවා ජෙප්පන්ගේ බොරු කියලයි, අප්‍රිකාවේ අලි කියලයි..

:       0       13

විජිත් Tuesday, 23 March 2021 10:41 AM

ඒ කාලේ කොටි ත්‍රස්තයන් ගම් බිම් වලට පැනලා, ගම්වල මිනිස්සු ඝාතනය කරලා, රත්තරන් වැනි වටිනා දේවල් කොල්ලකෑ පසු.., ඒ ඉතිරිවුණු අහිංසකයින් ගම් බිම් අතහැරදා ඉන්න හිටින්න තැනක් හොයාගෙන යන දසුන් අපට ටීවී වලින් නිතරම දැකගන්න හැකිවුණු කලක් තිබුණා. ඔබට මතකද? ඒ දුක්බර කතාන්දරයයි, මේ දැවැන්තයින් අත්දකින ශෝක ජනක ඉරණමයි දෙකක් නොවේ එකක්මයි. මේ රට කල /කරන මෝඩ දේශපාලුවන් තමන්ට හිතෙන හිතෙන තැන එක එක " ආයතන " පිහිටුවයි. පරිසර අධ්‍යයනයන් ගණන් ගන්නේ නැත. හම්බන්තොට ගුවන් යානා නොඑන සුදු අලියෙක් වී සල්ලි ගිලින ගුවන්තොටුපොළ ඉන් එකක් පමණයි. අලින්ගේ ඝන කැලෑවක් එළිපෙහෙළි කරමින්, පරිසර අධ්‍යයනයන් බල්ලාට දමමින් කල ඒ ගුවන් තොටුපොල නිසා තම නිජබිම් අහිමිවුණු අලි ඇතුන් ඔහේ ඉබාගාතේ ආහාර සොයාගෙන යනවා. ගොවීන්ගේ ගොවිබිම් පාලු කරනවා. මිනී මරනවා.. ඒ වගේම අවසානයේදී ඒ දැවැන්තයොත් කොහේ හරි සිටින නොමිනිසෙකුගේ වෙඩි පහරකට, අනවසර විදුලි රැහැනකට හසුවී මියයනවා. අපිට සමාවෙයල්ලා අලි ඇත්තුනේ.. අහිංසක අපි නොවෙයි නුඹලාගේ වාස භුමි නැතිකාලේ. හැකිනම්, ඒ මෝඩ නූගත්, දේශපාලුවන්ව අල්ලා පොළොවේ ගහපල්ලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1588 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2089 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3130 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2523 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1852 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34738 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24024 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 489 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site