( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව , මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ට පවතින අධික වියලි කාලගුණය අතරතුර ඊයේ (22) ඇදහැලුනු වර්ෂාවත් සමග ඇතිවූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස, දේපල හා වගාහානි රැසක් වාර්ථා වී ඇතැයි ප්‍රදේශභාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.
වව්නියාව ඕලුමඩු සහ නෙඩුන්කේනි ප්‍රදේශයන්ට වර්ෂාවත් සමග ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පවුල් 10 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස මෙන්ම වාගාහානිද වාර්තා වෙයි.
එහිදී නෙඩුන්කේනි ප්‍රදේශයේ වගාකොට තිබූ පැපොල් වගාවක් සම්පූරණයෙන්ම සුලිසුලං හේතුවෙන් විනාශ වී ඇති අතර එහි පැපොල් ගස් 1500 කට ආසන්න ප්‍රමාණයක් විනාහ වී ඇතැයිද වව්නියාව ආපදාකලමනාකරන ඒකකය පැවසීය.
මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයට බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වීමෙන් එහි වැසියන් පීඩාවන්ට පත්ව ඇතැයි මුලතිව් ආපදාකලමනාකරන ඒකකය පැවසීය.
එමෙන්ම යාපනය වරණි ප්‍රදේශයටද දැඩි වර්ෂාවක් සමගින් ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට මෙන්ම ආගමික ස්ථානයන් වෙතටද දැඩි හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරන ඒකකය පෙන්වා දෙයි.
ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති අතරම පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද ප්‍රදේශ භෘර ආපදාකලමනාකරන ඒකකයන් වැඩිදුරටත් පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැසි සහිත සුළගෙන් උතුරේ ප්‍රදේශ කිහිපයක ජන ජීවිත අඩාලයි