IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි

(යොහාන් භාසුර)

මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර හෙට දිනයේ ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) පැවසීය.

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත් ඒ මහතා කීය.

දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළන් වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.

මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් ඒ මහතා පැවසීය.

රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක මහතා පැවසුවේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.

 



අදහස් (13)

වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි

විජිත් Sunday, 04 August 2024 02:59 PM

මොනවද මේ කතා ? ශ්‍රී ලංකා වීසා දෙන්න ඔය හොර කොම්පැනි වලට කොන්තරාත් එක දෙන්න කලින් තිබුන ETA වීසා ඔන්ලයින් ක්‍රමයට (ශ්‍රී ලංකා ටෙලිකොම් සමග) මොකද වුනේ? මට පෙනෙන්නේ මෙයත් අර හොර රැළට සම්බන්ධයි වගේ. වීසා නිකුත් කිරීමේ බලධාරියා මෙයා නොවෙයි. ආගමන විගමන පාලකවරයායි බලධාරියා, ඔහුයි අලුත් තත්වය ගැන ප්‍රකාශයක් නිකුත් කළයුත්තේ...!

:       55       124

ජයනාත්Sunday, 04 August 2024 04:36 PM

දැන් හොරු සේරම එකට එකතු වෙලා. කියන්න කෙනෙක් නැහැ...

:       49       69

dukin Sunday, 04 August 2024 04:03 PM

කෝප් එකෙත් කතා කරලා මතු වෙලා යට ගිය වංචාවක් තිබුනා . ඩොමේන් නම් ලියා පදිංචිය. මොරටුව විශ්ව විද්‍යාලෙ ඇතුලේ තිබුනේ. ඉඩ මදි කියල පිටට ගියා. ඒ යනව එක්කම පෞද්ගලික උනා.

:       0       0

අපිට එපා Sunday, 04 August 2024 04:37 PM

ඉතිං ඔය Visa එකත් රෝල් කරලා ඔබතුමා.. එක්කෝ ඕන නෑ.

:       36       53

sena Sunday, 04 August 2024 05:23 PM

සමහරුන්ට කොමිස් එන ක්‍රමේට ඇර වෙන කිසිම ක්‍රමයක් බැහැ

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 04 August 2024 06:53 PM

මෙයා කියන විදිහට මීට කලින් ලංකාවේ වීසා නිකුත් කරලා නැහැ ටිරාන්ගේ හොර සමාගම තමයි ලංකාවේ පළමු වරට වීසා නිකුත් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මොවුන් සේරම එකතුවෙලා තමයි ගේම දීලා තියෙන්නේ.

:       0       0

මහසෙන් Sunday, 04 August 2024 06:55 PM

නිකං බයිලා ගහන්න එපා, කලින් යස අගේට online අයැදුම් කළාම පැය 24ක් ඇතුළත (පැය 2ක් යන්න කලිනුත් වීසා ok වෙලා ආපු වෙලාවලුත් තිබ්බා) වීසා එක ආවේ දවස් 30 කට...

:       0       0

chandima Sunday, 04 August 2024 08:20 PM

එකතුවෙලා කාපුවා වමාරගන්න බැරිව දගලනවා වගේ?

:       31       49

Lalla Sunday, 04 August 2024 09:52 PM

ඇමැති එක්ක එකට අසූචි වළඳලා වගේ... මෙයා කියන විදියට ලංකාව කලින් විවිධ වීසා නිකුත්කර නෑ. ලංකාවට විදේශිකයින් ඇවිත් නෑ. මේ පුද්ගලයා පරිපාලන සේවයේ අයෙක්ද කියල සැකයි නේද?

:       1       0

Janahitha Sunday, 04 August 2024 10:41 PM

හොර තක්කඩි එළවමු...

:       2       5

Wasantha Monday, 05 August 2024 06:11 AM

සම්පූර්ණයෙන්ම වැරදියි. ආගමන විගමන වසර ගණනාවක් සඳහා වීසා නිකුත් කරයි. කවදාවත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ මිනිසා නිදහසට කරුණු සෙවීමට උත්සාහ කරයි. ඔහු ද සම්බන්ධයි වංචා කල මුදල් වලට

:       3       13

Alfread Monday, 05 August 2024 09:48 AM

වැඩක් හරියට කරනකොට කාටවත් ඒක කරන්න දෙන්නේ නෑ. පාතාලයට ගහනකොට පොලිස්පති ගෙදර යැව්වා. වීසා වැඩේ කරනකොට ඉස්සෙල්ලා ඒක අනාපු අය දැන් කරන අයව ගෙදර යැව්වා. අධිකරනෙටම රට කරන්න දීලා පැත්තකට වෙල ඉන්න තියෙන්නේ. එතකොට ලිබියාව වගේ වෙයි. ඔය දඟලන අයගේ අමාරු ඔක්කෝම එතකොට හොඳ වෙයි.

:       5       4

[email protected] Monday, 05 August 2024 05:08 PM

ඇයි කලින් කරුවේ කොහොමද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 665 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 134 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3094 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1070 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2077 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30598 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23706 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 421 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site