IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි

(යොහාන් භාසුර)

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

වර්තමානයේ පවතින අංක තහඩුවේ ‘සිංහ’ ලාංඡන කීපයක් සහ ඩී.එම්.ටී. හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන්න විශේෂ ආරක්‍ෂක පියවරයන් ලෙස පිටතට නිරාවරණය වන ලෙස සහ පිටතට නිරාවරණය නොවන ලෙස පැවැති බවත් නව ටෙන්ඩරයෙන් එම ලාංඡන සහ අකුරු ඉවත්කර ඇති බවත් එහි සේවකයෝ කියති.

‘සිංහ’ ලාංඡන පේලී තුනක් ‘ලේසර් වෝටර් මාක්’ ලෙස ද, ඩී.එම්.ටී. යන ‘ඉංග්‍රිසි’ අකුරු තුන විශාල සහ කුඩා මුද්‍රණ ලෙස ද, වර්තමාන වාහන අංක තහඩුවක පවතින බවත් ඒවා නව ටෙන්ඩරයෙන් ඉවත්කිරීම ජාතික ආරෂාවට ද තර්ජනයක් වියහැකි බවත් ඔවුහු කියති.

සැපයුම්කරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම ආරක්‍ෂක ලාංඡන ඉවත්කර ඇති බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නව ලෝකය වෙත යන ශ්‍රී ලංංකාව කළ යුතුතේ ආරක්‍ෂක පියවරයන් තවත් වැඩි කිරීම බව ද සඳහන් කළහ.

වාහන අංක තහඩු ටෙන්ඩරය මෙරට රාජ්‍ය ආයතනයක් පිරිනමන ඉහළම වටිනාකමින් යුත් ටෙන්ඩර්වලින් එකක් මෙන්ම මෙම ටෙන්ඩරය පිටුපස විශාල දූෂණයන් සහ කොමිස් කුට්ටි ඉතිහාසය පුරාම වාර්තා වූ බවත් එම ටෙන්ඩරයට සම්බන්ධ වූ ඇතැම් දේශපාලඥයන්ට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ඇතැම් ඉහළ තනතුරු දැරූ නිලධාරීන්ට තවමත් අංක තහඩුවලින් කොමිස් ලැබෙන බවත් සේවකයෝ පවසති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම ටෙන්ඩර් කැඳවීම සම්පූර්ණයෙන්ම ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරන බවත් නව ටෙන්ඩරයෙන් විශේෂ ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

එම ආරක්‍ෂක පියවරයන් හේතුවෙන් වාහන අංක තහඩුවේ මිල ඉහළ යෑම නිසා ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව කී එම නිලධාරියා මාර්ගයේ වාහනයක් ධාවනය වන විට එහි අංක තහඩුව ව්‍යාජ ද යන්න පරීක්‍ෂා ක්‍රමයක් නොමැතවීම නිසා ආරක්‍ෂක පියවර ඉවත්කිරීම ගැටලුවක් නොවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමට ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයේ මාධ්‍ය අංශ සම්බන්ධ කරගැනීමෙන් පසුව එහි ප්‍රධානියකු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සම්බන්ධ කරන්නේ යැයි පැවසුව ද පසුව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

 



අදහස් (33)

වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි

යෝගා Friday, 18 April 2025 06:54 AM

කන්ටේනර් හොරාගේ අලුත්ම වික්‍රමයද මේක? අනුන්ට හොරා කියන අය තමා කම්බ හොරු...

:       23       127

අනුරSunday, 20 April 2025 02:18 AM

මේක තමයි "පුනරුදය" කියන්නේ

:       0       1

Sachith Friday, 18 April 2025 07:35 AM

මේක රටේ ආරක්ෂාවට තර්ජනයක්. හැබැයි අබලන් වාහන වල චැසි අංක වලට අලුත්ම වාහන රෙජිස්ටර් කරන එක ප්‍රශ්නයක් නෑ.

:       78       17

ජිල්බු Friday, 18 April 2025 07:59 AM

බාගෙට සිස්ටම් චේන්ජ් වුණාම ඔහොම වෙන්න ඇති වැඩ වෙන්නේ...!

:       24       109

ප්‍රියන්ත Friday, 18 April 2025 08:01 AM

අපි ඉස්සර ඕවා අතින් ඇදගෙන ගියේ. ඒත් මේ තරම් වංචා තිබුනේ නෑ. ඕකට ආරක්ෂක පියවර දැම්මා කියලා වැඩි වෙනසක් වෙන්නේ නෑ.

:       139       38

88/89 වීර ක්‍රියාFriday, 18 April 2025 11:33 AM

අතින් ඇදන් ගිහින් තමයි ගල් කටස් වලින් පොලිසි වලට වෙඩි තිබ්බේ. විජය කුමාරතුංග මැරුවේත් අතින් බෝඩ් ඇඳන් ගිහින් තමයි. ඡන්දෙන් පස්සේ අඩව්වක් අල්ලන්න වගේ ලෑස්තියනේ...

:       31       159

පොඩිඑකාFriday, 18 April 2025 12:01 PM

හලෝ මෝඩ ක්‍රියා, දැන් ඔය ලාංඡන දැම්මා කියලා ඒවා අඩුවෙලාද, නැත්නං දහස් ගණනිං වැඩිවෙලාද?

:       84       27

Janaka Friday, 18 April 2025 08:14 AM

කිසිම තේරුමක් නැති ලාංඡන දාන්න වැඩක් නැහැ,, ඕව දැම්මා කියල ඇති ප්‍රතිලාභයක් නෑ,, . රියදුරු බලපත්‍ර එකට චිප් දැම්මා කියල කිසිම වැඩක් නෑ...ලංකාවේ කරොත් කරන්නේ ගොන් වැඩක්... මෝටර් රථ දෙපාර්තමේන්තුව මුලින්ම හොඳ දේට බේස් එකක් හදාගන්න ඕනේ තමන්ට තියෙන වාහන මොනවද කියල

:       139       49

Sediris Friday, 18 April 2025 08:34 AM

පාතාලෙන් වෙඩි තිබ්බට ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑ වගේ මැටි වැඩක් තමයි මේකත්. නෙදකින් විතරක්.

:       18       118

Jiwan Friday, 18 April 2025 08:40 AM

මේ ආණ්ඩුව ගේන්න සල්ලි වියදම් කරේ පාතාලෙන්. රටේ වස්සො ටික බොරුවෙන් අන්දලා තාමත් පාතාලේ වෙනුවෙන් වැඩ කරනවා මේ ආන්ඩුව. අලුතෙන් එක පාතාලයෙක් ඇල්ලුවේ නෑ. පොලීසියේ වැඩක් කරපු ලොක්කො ටික ඔක්කොම මාරු කරා.

:       24       111

මාලිමාවට සාප වේවා! Friday, 18 April 2025 08:42 AM

තව පවුල් ලක්ෂ 4කට අස්වැසුම දෙන්න යනවලු. යකෝ ඒ වගේ මෝඩ වැඩ වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව ආරක්ෂාවට යන වියදම් ටික කරපල්ලා. මෙච්චර මෝඩ හැත්තක් ජීවිතෙට දැකලා නෑනෙ. මේවා මෝඩකමට වඩා හිතා මතා කරන අමන වැඩ වගෙයි පේන්නෙ.

:       22       105

රම්බොඩ Friday, 18 April 2025 08:45 AM

මේ විදිහට රටේම ජාතියේම ආරක්ෂාව අනතුරේ දාලා , අනාගතයට ප්‍රශ්න රාශියක් ඉතිරි කරලා පච මූලික පාලකයන් නික්ම යාවි. ඒ සියලු ප්‍රශණ ජාතියට ඉතිරි වේවි

:       25       96

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 09:03 AM

ඔය කළබල වෙලා තියෙන්නේ, චෝදනා කරන්නේ සේවකයෝ නොවෙයි කොමිස් කුට්ටි වලින් යැපුණු තක්කඩියන් කල්ලිය විය යුතුයි. මොකද විශේෂ ආරක්ෂක අංග ඉවත් කිරීම ගැන කළබල වෙන්න ඕන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් නොවෙයි, අදාල ආරක්ෂක අංශ වල නිළධාරින්. කොහොමටවත් මේ ආණ්ඩුව ඒහෙමට ආවට ගියාට තීන්දු ගන්නේ නැහැ, ඔය කළබල වු අය නොදන්නවාට අදාල අංශ වල උපදෙස් අරගෙන තමයි ඔය ආරක්ෂක අංග ඉවත් කරන්න ඇත්තේ. දත් තිබුනට මොකද හපන්න බැරි නම් කියලා බිමල් සහෝදරයාට හිතෙන්න ඇති.

:       106       47

Lucky Friday, 18 April 2025 09:56 AM

හොරෙන් ගෙන්නපු, බට් කරපු, කෑලි එකතු කරලා හදපු, හොර පොත් තියෙන වාහන දහස් ගාණක් පාරවල්වල දුවනවා. හැමදාම අහුවෙනවා. හැබැයි නම්බර් ප්ලේට් එක ලෝකෙ තියෙන හොඳම ආරක්ෂිත එකක් වෙන්න ඕනෙලු. මේවා තමා හොඳම විහිළු...

:       85       34

ZahodarayaaFriday, 18 April 2025 12:25 PM

බොරු කියන්න එපා ජෙප්පනි, දහස් ගණන් හොර වාහන නෑ. ඕනෑ නම් 40,50 විතර තියෙනවා. ඒවා අල්ලන්නෙත් අංක තහඩු වලින්. මහ ජෙප්පා වගේමයි ඇම්බැට්ට පොඩි ජෙප්පෝත්. බොරුවම තමයි වපුරන්නේ...

:       21       85

රුවන් Friday, 18 April 2025 09:56 AM

මේවා විහිළු කතා... ඇමරිකාවේ වාහනවල අංක තහඩු තමන්ට ඕනෑ විදියට හැඩ කරගන්න පුළුවන් මේ වගේ රජයෙන් ජාතික ආරක්ෂාව කියලා ලෙබල් නෑ. යුරෝපයේ වුණත්. ඔච්චර ආරක්ෂාව තිබ්බ රටේ නේද පාස්කු බොම්බ පිපිරුනේ? පාතාලය හොර අංක දාලා වාහන පැද්දේ? දේශපාලුවෝ ද ඇතුළුව...

:       81       30

MudunaFriday, 18 April 2025 12:23 PM

ඇමරිකාවේ, යුරෝපේ මොකක් හරි බුලක් කෙලියොත් ඒ වෙලාවේම හෙලිකොප්ටර් වලින්, පොලිස් වාහන වලින් එලවලා අල්ලන්නේ. ලංකාවේ උසාවියේ මහගෙදර වෙඩි තියලා ගියපු සෙව්වන්දි තාම හොයනවා. ඉස්සෙල්ලාම බංකුවක් හදාගෙන ගිහින් ටියුශන් එක අරන් ආවා නම් නේද හොඳ...?

:       8       99

සෙනෙවිරත්න Friday, 18 April 2025 10:44 AM

අනේ මේ සේවකයො මේකට හොටු පෙරාගෙන දුක් වෙනව, හැබැයි පහුගිය කාලෙ හොරෙන් ගෙන්නපු ඩිපෙන්ඩර් අත්ට්‍රැක්ටර් කාණ්ඩ යටතේ‍ ලියාපදිංචි කරල කෝටි ගණන් රජයට පාඩු වෙනකොට ඔය සේවක මහත්වරු බුදියගෙනද හිටියේ, නැත්නම් තමන්ටත් ගාණක් ආව නිසා සද්ද නොකර හිටියද? පහුගිය දවස්වල කෝපා කොප් කමිටු වලට ඇවිත් බුග් බුග් ගගා ඇඹරුන හැටි රටම දැක්ක, දැන් මේ ලාංඡනයක් අල්ලගෙන, ඕව තිබුණට අංක කොටල දුවපුව අහුවෙනවද? අනිත් එක ඔය ලාංඡන නොපෙනෙන සහ විශේෂ උපකරණයකට සංවේදි වන විදියට තිබෙන එක වඩා හොඳයි. මේ ඇඬියාව තමන්ගෙ එකෙකුට නැතිවෙනවට කරන දෙතුන් දෙනෙක්ගේ එකක් වෙන්න ඕන. හැකිනම් ඔතන වන වංචාව ඇමතිට කියන්න. අපිට එතුමා විශ්වාසයි. පත්තරේට කියන්න කලින්

:       103       29

Rathne Friday, 18 April 2025 11:19 AM

ඔය ලාංඡන දාලා තිබුනේ ආතල් එකට නෙමේ. මොකක් හරි අපරාදෙකට වාහනයක් අරගෙන බොරු තහඩු දැම්මොත් අල්ලගන්න ලේසි වෙන්න. දැන් ඉතින් මලාට හොර තහඩු අල්ලන්න වෙන එකක් නෑ. මොකද හැමෝම ගෙදරදිම හොර තහඩු හදා ගනීවි.

:       14       94

වෑල්ඩින් ආචාරියා Friday, 18 April 2025 11:25 AM

අරවින්දයයි, සෙනෙවිරත්නයි බැහැලා ඉන්නේ හෝදන්න. තව හෝදන්න ඩෝබියා. මේ ආණ්ඩුව ආවට ගියාට තීන්දු ගන්නෙ නෑලු. ආවාට ගියාට නෙමේ හොඳට හිතල මතලා ගොන් තීන්දු ගන්නේ මහදැනමුත්තා වගේ. රිලව් ගණන් කරලා, බූරුවෝ හොයලා, අවුරුදු සමරන්නේ නැතුව, ජයමංගල ගාථා කියන්නේ නැතුව, කොටි පරද්දන්න උදව් කරපු අය හිරේ දාලා, නොවැම්බර්වල කොටි සැමරුම් 200ක් විතර තියලා, ගල් අඟුරු වෙනුවෙන් සෝලාර් ඕෆ් කරලා, ඉන්දියාවට රට පාවලා දීලා රටේ නැති ගොන් බූරු කතා කියලා මෝඩ ජෙප්පො ටික අන්දනවා.

:       21       99

එන්න අපි කඩේ යමු Friday, 18 April 2025 11:30 AM

කන්ටේනර් 320 ක තිබුනේ ඩෙෆෙන්ඩර් වගේ ඒවා නම් කමක් නෑ, කුඩු, ගිනි අවි තිබුණොත් මොකද කරන්නේ සෙනෙවිරත්නයෝ? මාලිමාවේ වටා රට වටේ බොරු කිය කියා යනවා අතේ පත්තු වෙන. මෙයා මෙතැන රෙදි නැතුව කඩේ යනවා. ඩොලර් මිලියන 20ක් තිබුණු ආණ්ඩුව අරගෙන ඒක 6500ක් කරන්න සෑහෙන්න අමාරු වෙන්න ඇති නේ. හයියෙන් අප්පුඩියක් ගහපන් උළු බිම වැටෙන්න.

:       16       87

Nissanka Friday, 18 April 2025 11:36 AM

පාතාලෙ, ත්‍රස්ථවාදී අය දෙපැත්තෙන්ම හිනාවෙනවා ඇති මේවා දැකලා. ඒක නෙමේ ඊබ්‍රහිම් නානට තව පුත්තු එහෙම ඉන්නවාද දන්නේ නෑ නේ...!

:       14       83

JSE Friday, 18 April 2025 11:37 AM

කුණු ජෙප්පන්ට රිදිලා වගේ. ඔවුන්ගේ වංචාවක් අතේ මාට්‍ටු. ඔය එන්නේ හොඳ පොටකට නෙමේ.

:       14       78

Mahesh R. Friday, 18 April 2025 12:51 PM

අනුන්ට හොරු කියලා ආපු මාලිමාවෙ තමයි කම්බම හොරු, මිනීමරුවො, පාවාදෙන්නො ටික ඉන්නෙ. අන්තිමට රටත් පාවල දීල තමයි නවතින්නෙ.

:       11       72

Hiran Friday, 18 April 2025 12:54 PM

ඡන්දෙ දුන්නට කමක් නෑ, වැරැද්දක් දැක්කම වැරදියි කියන්න පුරුදු වෙයල්ලා. වැරැද්ද දැක දැක ඒක නම් හරි ශෝක්, එහෙම තමයි වෙන්න ඕන කියල හිතෙනව නම් ඒකට තමයි කියන්නේ වහල්කම කියලා. ඉස්සර උන් ටකරමට, ලැට් පෝච්චියට ඡන්දෙ පාවා දුන්නා. වත්මන් පරපුර පච වලට ඡන්දෙ පාවා දෙනවා.

:       8       85

ගුණරත්න Friday, 18 April 2025 01:31 PM

අලුත් ලෝකේ ආරක්ෂක පියවර අරගෙන වාහන ලියාපදිංචි කරලා අයිතිය තහවුරු කරන එක තමයි කරන්නේ, ඒත් අපේ රටේ ආරක්ෂක පියවර ඕන නැහැ කියලා ආපහු අතින් අංක පුවරුව ඇඳගන්න යුගෙට යන්න හදනවා. මොන වස ලජ්ජාවක්ද? කරත්ත යුගයට තමයි මේ ආණ්ඩුව හරි යන්නේ...

:       11       81

අරවින්ද මොණරවිල Friday, 18 April 2025 01:38 PM

රිලා නැට්ටේ එල්ලිලා හිටිය රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ අපුල්ලන්නෝ එක පෙළට වාහන අංක තහඩුව උඩ නැගලා... අපේ හාමුදුරුවනේ...

:       81       20

NilangaFriday, 18 April 2025 02:51 PM

රිලා නැට්ටේ එල්ලිලා ඇපුල්ලුවේ තමුන්නැහැ නේද? අරවින්ද මොනරවිල මැතිඳුනි. රිලා සංගණනේ අවුල් වුණාලුනේ. ආපහු ගණන් කරන්න ඕනෑලු. විදුලි ඇමැතිතුමාට නම් රිලව් පැනපු එක සුපිරි පල්ලමක් වුණා. සෝලාර් සිස්ටම් එහෙම වහලා ඩීසල් වලින් ගේම දෙන්න යන්නේ... තාම ලැජ්ජා නෑනේ ඉතින්...

:       14       79

Suneth Friday, 18 April 2025 03:26 PM

ඔය ආරක්ෂක සලකුණු තිබුණා කියලා අල්ලපු එක අපරාධයක් නම් කරන්න පුළුවන්ද කාට හරි...!

:       63       22

හසක Friday, 18 April 2025 03:38 PM

එක එක ඒවා අඩුකෙරුවා, වැඩිකෙරුවා කියලා වැලපෙන, වැලලෙන අයට කියන්න පුළුවන්ද මේ ආරක්ෂිත ලාංඡන පාවිච්චි කරලා වළක්වපු හරි හොයාගත්තා හරි නීති විරෝධී වැඩක්...!

:       57       18

මිලානෝ වැසියා Friday, 18 April 2025 05:06 PM

කන්ටේනර් හොරා කාපු පච කොටා වාහන අංක තහඩු වලිනුත් හොරා කනවා. හැබැයි කොයි වෙලේ කතා කරත් කියන්නේ හිටපු අය හොරු... මොවුන් සුද්ධවන්තයෝ කියලා. මේ යක්කු යද්දී කොහොමත් මුළු භාණ්ඩාගාරෙම සුද්ද කරගෙන තමයි යන්නේ.

:       14       45

වින්සන්ට් කජ්ජාFriday, 18 April 2025 06:13 PM

අනුර කුමාරගේ වැරැදි තියෙන්න පුළුවන්. ඒ මොන වැරැද්ද තිබුණත් මනුස්සයා හොරෙක් නොවේ...

:       32       21

වින්සන්ට් කජ්ජාFriday, 18 April 2025 06:50 PM

Suneth, Hasaka දෙන්න අහලා තියෙන එකට කවුරුහරි උත්තරයක් දෙන්න. මම අවංකවම දන්නේ නැහැ. ඔය රහස් ලකුණු වලින් එහෙම අල්ලපු එකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 649 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 303 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 426 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 435 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3946 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 664 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 743 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site