(යොහාන් භාසුර)
බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය අද (10) අත්අඩංගුවට ගත්තේය.
ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථ තුනක් බදු නොගෙවා නිදහස් කරදීමට එම පුද්ගලයා පොරොන්දු වී ඇති අතර පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි නිරූපන ශිල්පියෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මෝටර් රථයක් නිදහස් කර දෙන පවසා දෙහිවල ප්‍රදේශයේ පදිංචි ටෙලිකොම් ආයතනයේ විශ්‍රාමික ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 39 ක්, බම්බලපිටියේ පදිංචි විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් සහ මාලිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 8 ක් ලෙස මුදල් ලබාගෙන ඇති බව ද පොලිසිය කීය.
කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු පැමිණිලි තුනක් පිළිබඳව විමර්ශන ඒකක අංක 6 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රශින්ත පියරත්න සහ පොලිස් සැරයන් (7189) වනිගරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ ක්‍රියාත්මක කළේය.
කොළඹ වංචා විමර්ශන කාර්යංශය කළ කැදවීම් මඟහැර සිටි අදාල සැකකරු නීතිඥවරයෙක් හරහා අද භාර වූ බවත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (11) ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් කීය.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වාහන නිදහස් කර දෙනවැයි ලක්‍ෂ 50 ක් වංචා කළ නිරූපී ශිල්පියා දැලේ
Jagath Thursday, 10 August 2023 09:25 PM
නමත් දැම්මා නම් තමයි නිවුස් එක හරි...!