IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26ක් එලෙස බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව වගුවක ආකාරයෙන් තොරතුරු දක්වමින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතාට දැනුම් දී ඇත.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන පිළිබඳව හා එම ආයතනයන් 2023 වසර අවසානය වන විට සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණයන් කොපමණද? යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීකට පිළිතුරු දෙමින් ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා ඒ බව දැනුම් දී ඇත.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 විසින් 2023 වසර අවසානය වන විට රුපියල් 204164119/-ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 264859471/-ක බදු මුදල් ගෙවීම පැහැර ඇති බව සඳහන් කරන ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා 2023 වසර අවසානය වන බදු මුදල් ගෙවීම පැහැර ඇති අදාළ ආයතන වෙතම 2024 වර්ෂය සඳහාද රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති බව අනාවරණය කොට ඇත.

 



අදහස් (4)

වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා

sam Wednesday, 26 June 2024 08:02 AM

2023 වසරේ බදු නොගෙව්ව එවුන්ට නැවතත් 2024 රට අවසර දුන්නා එවුන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අනිවාර්යෙන්ම උන් අල්ලස් අරගෙන ඇති. ඕවා කලේ උන්ගේ පවුල්වල එවුන්ට හොඳක් වෙන්නේ නෑ.

:       0       18

Upali Wednesday, 26 June 2024 09:19 AM

කොළඹ මහ නගර සභාවේ වාහන නැවතුම්පොළ භාර කළමනාකරණ නිළධාරින් ආදායම් නිළධාරි හා මුදල් අංශයේ පරිපාලන නිළධාරි හෝ මුදල් සහකාර හා ගණකාධිකාරි ඉන්නවා බදු දීමක් කලාම මාසිකව බදු ලැබෙනවාද කියලා ඔවුන් බලන්න ඕන නැත්නම් ගෙන්වාගන්න ඕන එහෙම නොකලානම් ඔවුන්ට සේවය පැහැර හැරීම යටතේ විනයානුකූලව දඩුවම් කරන්න පුළුවන් එහෙම බදු නොගෙවා සිටි අයටම නැවතත් බදු දුන්නා නම් ඉහත නිළධාරි මෙන්ම නගර සභා ටෙන්ඩර් මණ්ඩලයේ සැමගේම හෝ ඔවුන්ගේ කලත්‍ර පුත්‍ර ආදීන්ගේ බැංකු ගිනුම් වලට ඔය ආදායම් වලින් කොටසක් රිංගලා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලොත් සත්‍ය වැටහේවි

:       0       19

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 10:26 AM

හිතනවද මේක පැහැර හැරීමක් කියල? එහෙම නෙවෙයි ඕක තමයි හවුලෙ කනවා කියන්නේ. මෙහෙම ඒවා කොපමණ තියෙනවද කරාපිටියේ රෝහල ලඟ වාහන බයිසිකල් වලින් සල්ලි ගන්නවා කාගෙ සාක්කුවට යනවද ගාලු නගර සභාවට යනවද කියල කව්ද දන්නෙ? තමන්ට සළකපු උන්ට, චන්ඩින්ට ,ඔව දෙනව ගාන කපා ගන්න. ඔය ක්‍රමය තමයි වෙනස් කල යුත්තෙ, මෙවට කතා කරහම කුහකයෙ, ජෙප්පො කියල තප්පුලන මහත්වරු මොකද කියන්නෙ? රටේ ගෙවීම් ඔන්ලයින් වෙනතුරු වංචා වෙයි. අධිවේගෙ මුදලුත් වංචා කරපු රටක්

:       0       13

පිටරටවැසියා Wednesday, 26 June 2024 10:43 AM

"ආරංචිය සුභයි"... මේක තමයි දැන් අළුත්ම එක ...ප්‍රථිපලය තමයි නිතර දකින මෙවැනි සුභ පුවත් !!!

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 493 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 615 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 375 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1321 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2143 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5155 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24749 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site