(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇත.
අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින් මෙම පොත් අස්ථානගතව ඇතත් කබඩ් එකේ ඉබියතුරු කඩා නැතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම කාමරයට ප්‍රවිෂ්ට වන දොර දර්ශනය වන ආකාරයෙන් සීසීටීවි කැමරාද ක්‍රියාත්මක වන බැවින් ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
එකි පැමිණිල්ල අනුව වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා
beau Tuesday, 29 October 2024 11:09 PM
එහෙනම්, දෙකක් ජොනියගේ ගෙදර ඇති. දෙකක් රත්තරංගේ ගෙදර. තුනක් ලොහාන්ගේ ගෙදර ඇති. වැඩිදුර හොයන්න ඕනේ නෑනේ.
බකල ජයා Tuesday, 29 October 2024 11:13 PM
අපි උපන්ගෙයි හොරු. ඉපදෙන්නත් කලින් ඉඳලම දෙමව්පියෝ හොර පදිංචි සහතික වගේ ඒව හදලා, බොරු කියලා, කරල ලොකුයි කියල හිතන ඉස්කෝලෙකට දාගන්න හදනවා. හොර, බොරු ජානමය තෑගි විදිහට දීල තියෙනවා. රටේ සෑහෙන දෙනෙක් පගා, වංචා වලින් හම්බකරන සල්ලිවලින් දරුවන්ට කන්න බොන්න දෙන්නේ.
ජයනාත් Wednesday, 30 October 2024 06:14 AM
ඔන්න වැඩ පටන්ගෙන . පහුගිය කාලේ හොරෙන් ගෙනාපු වාහන වලට තමා මේ . අංක ප්‍රසිද්ධ කරන්න . සියල්ලම අවලංගු කරන්න .
Chinthaka Wednesday, 30 October 2024 12:18 PM
හොරෙන් ආනයනය කල වාහන 12000 ක් සදහා ලියාපදිංචි සහතික නිකුත්කරන්න එම පොත් ප්‍රමාණවත් වෙනවා .දැන් ඔය පොත් හරහා හොරෙන් ආනයනය කල වාහන 12000 ත් අල්ලාගන්න මොළයක් තියෙන බලධාරියෙකුට පුළුවන් වෙනවා. හරියට දඹුලුත් ගිහිල්ලා තලගොයිත් මරාගෙන ආවා වගේ වැඩේ කරන්න පුළුවන්. කොහොම වුනත් ඕවට කියන්න වෙන්නෙ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි
de silva Wednesday, 30 October 2024 04:09 PM
ඕක අනිවාර්යයෙන්ම පිටින් අපු සිරියල් අංක ගැන නොදන්නා හොරෙක් කරපු වැඩක් , ඇතුලේ ඉන්න මිනිස්සුට පොත් හොරට ගන්න අවශ්‍ය නැහැ උන් ඔරිජිනල් පොත් වලම ලස්සනට හොර වාහන ලියාපදිංචි කරනවා , උන් හොරකම් කරන්නේ සමුපාකාර ක්‍රමයට , උන් පොලිසිය , අල්ලස් දෙපාර්තමේන්තුව , නීතිපති දෙපාර්තමේන්තුවේ ලින්ක් තිබෙනවා , උන් කරන හොරකම් වලින් 0.001 % වත් නඩු ඔප්පු කරන්න බැරි බව උන් දන්නවා