(රෝෂන් තුෂාර)
විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ,ලන්ඩ් කෲසර්, මිනිකූපර්, වැනි අධි සුඛෝපභෝගී වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ පැවරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නිකුත් කළේය.
මෙම සුඛෝපභෝගී වාහන රේගුවට හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදලක් රජයට අහිමි කර ඇති බවට පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ නඩු 51 සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙන් පසුව මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.රුපියල් කෝටි තුනේ සිට රුපියල් කෝටි 06 අධික වටිනාකමින් යුත් මෙම වාහන හොර රහසේ ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවද පෙන්වා දුන්නේය.
මේ ලෙස රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන දෙකකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා රජයේ නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවද සඳහන් කළාය.
මෙම සුඛෝපභෝගී වාහන 2015 හා 2019 වසර අතර කාලය තුළ හොර රහසේ ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමමින් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචිය සිදු කර ඇති අතර එලෙස ලියාපදිංචි කිරීමේදී 2005 වර්ෂයේ ආනයනය කළ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවද අදාළ පැමිණිලිවල සඳහන්වේ.
සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් නියෝග නිකුත් කළේය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාහන 51ක ලියාපදිංචිය - පැවරීම නවතයි
Perera Saturday, 06 April 2024 01:38 AM
මිනි කූපර් එක සුඛෝපභෝගී එකක්ද?