IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


විහාරස්ථාන එකමුතුවෙන් රතන සූත්‍රය 108 වරක් අන්තර්ජාලය ඔස්සේ

 

( තිළිණි ද සිල්වා )

 

අන්තර්ජාලය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා බෞද්ධයින් එකමුතු කරමින් රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ මහා පුන්‍යෝත්සවයක්  ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉකුත් 27 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්විණි.

මෙම පුන්‍යකර්මය ලොස් ඇන්ජලිස්හි පිටිහි ධර්ම විජය බෞද්ධ විහාරායේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, විහාරස්ථාන 108ක මහා සංඝරත්නයගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර මෙම පුන්‍ය කටයුත්ත සඳහා තායි, නේපාල, වියට්නාම් සහ බංග්ලාදේශී බෞද්ධ විහාරයන්හි ස්වාමීන් වහන්සේලාද එක්වූහ.

බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම පිණිස ධර්මදූත මෙහෙයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මෙම සද් කාර්ය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය කෘතඥතාවය  පළ කර සිටී.

ශ්‍රී ලංකාව වෙතින් ලෝකය වෙත පිරිනැමිය හැකි ඉමහත් දායාදය වන බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා විසිරී සිය ධර්මදූත සේවයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මහඟු සද් කාර්යය සම්බන්ධයෙන් සිය අතිශය කෘතඥතාවය සංඝරත්නය වෙත පළකරන බවද  ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්‍යසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් -19 වසංගතය සහ ඒ සමඟ ඇති වන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජනතාව පෙර නොවූ විරූ පරිමාණයකින් අවිනිශ්චිතතාවයෙන් හා මානසික අවපාතයෙන් පීඩාවිඳින බව සඳහන් කළ තානාපති  ආර්‍යසිංහ මහතා  බුදුන් වහන්සේගේ ගැන්වීම් විශ්වීයත්වය හේතුවෙන් රතන සූත්‍රය සජ්ඝායනා කිරීමෙන් සියලු ලෝක වාසීන්ටම බුදුන් වහන්සේ සමයේ සිදුවූවාක් මෙන් ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.

මෙහිදී අන්තර්ජාල ඔස්සේ රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ කර්තව්‍යයට එක්වූ නිව්යෝක්හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොන්ඩඤ්ඤ   හිමි සිය අනුශාසනය පවත්වමින් , රතන සූත්‍ර දේශනාවේ අනුගත ආරක්ෂාව සඳහා වන ප්‍රබල ආශීර්වාදය සහ ඉන් සෑම කෙනෙකුටම ලැබෙන පිටිවහල පිළිබඳව කරුණු දැක්වූහ.බෞද්ධ පතපොත අනුව රතන සූත්‍රය ඉන්දියාවේ විශාලා නුවරදී බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇති අතර ඉන් එම නගරය වඩා පැතිරගිය රෝග බය අමනුෂ්‍ය බය සහ දුර්භික්ෂය නිසා ඇතිවූ පීඩාවන් සම්පූර්ණයෙන් පහව ගිය බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ.

 

මෙම පුණ්‍ය ක්‍රියාව හරහා වර්තමාන කෝවිඩ් අර්බුදයට සහනයක් ලබාදීමට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ නායකයින්ට ආශිර්වාද කිරීමටත් එළැඹෙන 2021 වසර සඳහා සැමට ආශීර්වාද කිරීමටත් අපේක්ෂා කරන බව අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායකහිමිපාණෝ මෙම පිරිත් සජ්ඝායනාව ආරම්භකරමින් පැවසූහ.

 



අදහස් (5)

විහාරස්ථාන එකමුතුවෙන් රතන සූත්‍රය 108 වරක් අන්තර්ජාලය ඔස්සේ

ලුම්බිණි Wednesday, 30 December 2020 06:51 AM

හොඳ දෙයක්. ඒත් ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා දේවල්....

:       1       0

Buddhika P Wednesday, 30 December 2020 07:37 AM

මේවා නිකන් දහම් පාසල් ළමා බොළඳ වැඩ. හොඳට හොයලා බලන්න බුද්ධාගම නමින් නැතිව, බටහිර මිනිසුන් සිත් තුළ, බුදු දහම තියෙනවා. සැබෑ ජීවන දැක්ම අතින් ඔවුන් ඉන්නේ අපිට ඉදිරියෙන්... මූලිකව බලන්න සමාජ සමානාත්මතාව, එකිනෙකාට ගරු කිරීම, ජාතීන්ට වෙන් වෙන්ව නොසැලකීම, ඉතාම හොඳින් ඒ රටවල තියෙනවා. අපේ පන්සිල් පද සාමාන්‍ය නීතියේ කොටසක්. අපිට වඩා හොඳින් ඔවුන් නීතිය ගරු කරනවා. අපේ රටේ වගේ දේශපාලකයොන්ට ඕන විදියට නීති නැවෙන්නේ නෑ. සමාජ අවංක බව හොඳින් තියෙනවා. ඩෙන්මාර්ක් සමහර නගරවල සාප්පුවල කැෂියර්ලා නෑ. හොඳින් අවංකව තමන්ගේ ගිණුම පියවනවා. ආගම් ගත්තත් එච්චර බදාගෙන නෙවෙයි ඉන්නේ. අපේ ආගම එහේ ප්‍රචලිත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි...

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 30 December 2020 09:17 AM

ලෝකෙට බුද්ධාගම පතුවන්න කලින් ඉස්සෙල්ලා මේ රටේ එය හරිහැටි සිදුකළ යුතුයි. උතුම්වූ බුද්ධ දේශනාව අනුව ශීලය නොමැති තැන භික්ෂුවක් සිටිය හැකිදැයි කිසියම් කෙනෙකුට තර්ක කොට විමසිය හැකිය. සත්‍ය වශයෙන්ම පිරිසිදු ශීලය අද ඇත්තේ කීයෙන් කී දෙනා අතරද? සුරසැප විඳිමින් වැදි බණ කියන අය රටත් ලෝකයත් රවටනවා හැරෙන්නට වෙනත් යමක් අද කරනවාදැයි සැක සිතේ. නිර්මල බුද්ධ දර්ශනයේ ඇති ගැඹුර හා සතුට සොයා යාමට සිල්වත් බෞද්ධයන් තම නුවණ මෙහෙයවිය යුතුය. ප්‍රෝඩාකාරයන්ට හා වංචනිකයින්ට රැවටුනා හොඳටම ඇති ..

:       1       0

Binkunndaa Wednesday, 30 December 2020 10:09 AM

මෝඩ වැඩ නවත්වන්න. එන්නත දෙන්න.

:       1       0

Binkunndaa Wednesday, 30 December 2020 07:11 PM

පන්සිල් වත් රකින්නේ නැති අය මෙවා ජපකළාම ගුණ වෙවිද? නැතිනම් සාප වෙවිද?

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 226 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2448 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2601 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6779 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3395 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 458 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site