( රොමේෂ් මධුෂංක)
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහ සහ 68 හැවිරිදි වී. කණකලක්ෂ්මි යන යුවළයි.
සෙට්ටිකුලම නගරයේ මෙම අඹුසැමි යුවල සහ ඔවුන්ගේ පුතාද එක්ව වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර වෙළඳසැල ඊයේ රාත්‍රියේ වසදමා අද උදෑසන විවෘතකරන විට වෙළඳසැල පිටුපස නිදාසිටි සිය මව සහ පියා කුරිරු ලෙස ඝාතනය කොට සිටි බවට පුතා විසින් පොලීසියට පවසා ඇත.
සෑම දිනකම සවස් කාලයේ වෙළඳසැල වසා දමා මිය ගිය අයගේ පුතා ඔවුන්ගේ නිවසට යන අතර මව සහ පියා වෙළඳසැලේ ආරක්ෂාවට එහි නිදාගන්නා බවටත් එලෙසින් ඊයේ සවස වසා දමා නිවසට ගොස් ආපසු අද උදෑසන වෙලඳසැල විවෘත්ත කිරීමේදී පිටුපස සිය මව සහ පියා ඝාතනය කොට සිටි බවටද පුතා විසින් පොලීසියට වැඩිදුරටත් පවසා ඇත.
මිය ගිය මව සහ පියා සන්තකයේ තිබූ පවුම් 5 කට අධික රන් ආභරනද අතුරුදහන් වී ඇති අතර වෙළඳසැල හෝ රන් ආභරණ කොල්ලකෑමට ආ අයෙක් හො පිරිසක් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙළදසැලේ නිදා සිටි යුවළ කපා කොටා මරාදාලා