(ක.ගකරුණාරත්න)
සහල් සම්බන්ධයෙන් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් මේ රටේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට වෙළඳපොලේ සහල් මිල ඉහළයාමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෝ කියා සිටිති.
රජය සහල් සම්බන්ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා වෙළඳපොලේ සහල් මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයි එම සහල් මෝල් හිමියෝ අද(28) පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ.
ඒ අනුව නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක්,සම්බා සහල් කිලෝවක් මිල රුපියල් 140ක්,කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් නියම කරන අතර එයට සාපේක්ෂව එම සහල් වර්ග සඳහා සිල්ලර මිල කිලෝවකට රුපියල් 05ක් පමණක් එක්වනු ඇති බවද එම සහල් මෝල් හිමියෝ පෙන්වාදෙති.
වෙළඳපොල සහල් නිකුත් කිරීමේදී එම සහල් නිෂ්පාදන ඇසුරුම්වල සිල්ලර මිල සඳහන් ස්ටිකරයක් අලවන බවත් ඒ මිලට වඩා වැඩි මිලක් කිසිවෙකුත් ගෙවියයුතු නැති බවද එම මාධ්‍ය හමුවේදී සහල් නිශ්පාදකයින් ප්‍රකාශ කළහ.
ඉදිරියේදී ගොවි ජනතාවගේ වී වලට මිල තීරණය වන්නේ මේ සහල් මිලට අනුව බවත් එය ගොවියාත්,පාරිභෝගිකයාත් සහල් නිෂ්පාදකයාත් සුරක්ෂිතවන වැඩපිළිවෙලක් බවද සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ මෙරට ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදකයෙකු වන අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා
“සහල් සහ වී සම්බන්ධයෙන් මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයිනුත් ඒ අතර මැද සින අපිවත් ආරක්ෂාවන ආකාරයේ යෝජනා කිහිපයක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි රජයට ඉදිරිපත් කලා.රජය ඒ තත්වය තේරුම්ගෙන ගනු ලැබූ තීරණයක් මෙය. මේ පිළිබඳව යම් යම් පාර්ශව විවිධ කතා කොහොම කිව්වත් රජය ගත් ඒ තීන්දුවට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් වශයෙන් මේ රටේ වගකිවයුතු ව්‍යාපාරිකයන් හා සහල් නිෂ්පාදකයන් හැටියට අපි අපේ ප්‍රසංශාව පිරිනමන්න ඕන. ෟ
රජය ගත්තු ඒ වැඩපිළිවෙල ශක්තියක් වෙලා පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් අසාධාරණයක් නොවන විදියට වී මිලත් සහල් මිලත් පිළිබඳව අපි එකට එකතුවෙලා සාකච්ජා කරලා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා.ප්‍රධාන සහල් නිෂ්පාදකයෝ හැටියට අපේ සහල් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරන්නේ එහි මිල සඳහන් ස්ටිකරයක් සහල් ඇසුරුමේ අලවලා. එහි සඳහන් මිලට වඩා වැඩි මිලක් කිසිම කෙනෙක් ගෙවියයුතු නෑ.අපි කියන්නට ඕන වී ගොවියාත්, පාරිභෝගිකයාත් ශක්තිමත් වන ආකාරයට ඉදිරියට කටයුතු කරනවා.
මේ අනුව නාඩු කිලෙව්වක සිල්ලර මිල රුපියල් 115ක් සම්බා සහල් කිලෝවක් රුපියල් 140ක් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් වහයෙන් මිල නියම කර තිබෙනවා.මේ සහල් වර්ගවල මිල කිසිසේත්ම මීට වඩා වැඩිවෙන්නේ නෑ. අපි ඒ බව ඉතාමත් වගකීමකින් කියනවා.”
කෘතිම සහල් හිඟයක් ඇතිකරවන බවට පසුගිය දිනවල රජය පැත්තෙන් ප්රකාශවීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිරිසේන මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා සහල් මෝල් වලට පැමිණ සහල් තොග රජයට පවරා ගැනීමෙන් පසු සහල් නිෂ්පාදනයේ අඩුවීමක් ඇතිවූ බව කීය. එයට හේතුව ගොවීන් තමන් සතු වී තොග ඒ අවස්ථාවේ පැවැති අඩුමිලට අලෙවි කිරීමට අකමැතිවීම යැයිද ඒ මහතා කීවේය.
නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදකයින් වන ගාමිණි ලත්පඳුර, ආනන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වෙළඳපොලේ සහල් මිල ඉහළ යන්න දෙන්නේ නැ’
SL Tuesday, 28 September 2021 05:03 PM
165ට දෙන්න පුළුවන් කීරි සම්බා කිලෝව තමා 225 කලේ අරලිය සහල් විකිනුවේම 225ට. ආණ්ඩුව සද්භාවයෙන් 35 ට තිබුණු වී 55 කරලා පිටරටින් හාල් ගෙන්වන එක නවත්වනවා කියපුවහම ජනතාව හූරන් කන්න ගත්තා. ගොවියොත් තව ඉල්ලන්න ගන්නවා. මොකක් ද මේ ?
යෝගා Tuesday, 28 September 2021 05:20 PM
රටේ බහුතර දුප්පතුන් ගැන සලකා අඩු මිල සහල් පිටරටින් ගෙන්වන්න. එතකොට යම් සමතුලිතතාවයක් ඇති වෙයි
fairoos Tuesday, 28 September 2021 05:21 PM
69 ලක්ෂය දැන් සැපද?ඉන්න හිටින්න රටක් හම්බ උනාද ?
BamunuarachchiWednesday, 29 September 2021 08:41 PM
මේක අපේ රට.., අපිට සැපයි මේ රට... ගම්මිරිස් මල්ලත් අරන් යන්න... අන්න බෝට්ටුව. ආවේ පීනලා වුණාට බෝට්ටුවක් දෙන්නම් යන්න. ගම්මිරිස් හොයන්න ආපු ගොයියන් අපෙන් අහනවා සැපද කියලා...
kamal Tuesday, 28 September 2021 06:11 PM
අපි නොදන්න ඩඩ්ලි...!
P.s.s.Fernando Tuesday, 28 September 2021 07:20 PM
රටේ පාලනයට මාෆියාවක් අවශ්‍ය නැත.
චන්දන Tuesday, 28 September 2021 07:48 PM
දැන් එතකොට 110ට 165ට වැඩි කිරීම ඉහළ යාමක් නෙවෙයි ද.
ශිරන්ති Tuesday, 28 September 2021 11:01 PM
හාල් කිලෝ එක රුපියල් 1000ට ගිහින් බයියොන්ට ජීවිතේට බත් කන්න බැරි වෙන්න ඕනි.
BamunuarachchiWednesday, 29 September 2021 08:37 PM
බයියන්ට ප්‍රශ්නයක් තමයි බත් නැති වුණාම... හැබැයි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ තණකොළ තිබෙනවනේ නේද? වෙනසකට ක්‍රෝටන් කොළත් තිබෙනවද...?
sunil Wednesday, 29 September 2021 07:41 AM
මිල ඉහළ දැම්මාට පසු, තව මිල ඉහළ නොදැමීමක් ගැන කවර කතාද?
චන්දන Wednesday, 29 September 2021 08:04 AM
තව හෝටල් කීයක් අලුතින් ගහනවද?
Sriland Wednesday, 29 September 2021 12:23 PM
තව කොහේ යන්නද? 165ට නැගලා. බොරු බයිලා ගහනවා. කෘෂිකර්ම ඇමැති කෙනෙක් සහ දෙපාර්තමේන්තුවක් තියෙනවා. හැබැයි හැමදෙයක්ම රටින් ගේන්නේ? නියමෙට කට්ටිය බෙදාගෙන කනවා.
Bamunuarachchi Wednesday, 29 September 2021 08:43 PM
පිටරටින් සහල් ගෙන්වූවාම සහල් මිල ඉහළ යන්නේ නැහැ තමයි. අපි මොකටද ඔබලාව පොහොසත් කරන්නේ...?