IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක්  අතරතුරදී  එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ ගෝනපොල  කුඹුක උතුර  ප්‍රදේශයේ  36 හැවිරිදි පුද්ගලයකුට ය.

එම පුද්ගලයා කුඹුක සමරනායකපුර අලූත් පාර  කුඹුරුයායේ පියා සහ සහෝදරයා සමඟ ගොවිතැන් කටයුතුවල යෙදී සිටියදී  එකවරම ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල සහ දඹරගිල්ල අතර මෙන්ම දකුණු අතේ උරහිස් ප්‍රදේශයද තුවාල සිදුවී ඇති අතර අකුණක් වැදුණු බවට සිතා පියා සහ සහෝදරයා විසින්  ඔහුව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පුද්ගලයාගේ අත එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ටී 56 උණ්ඩයක් අත තුළ රැඳී තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව ශල්‍ය කර්මයකට ලක්කර එම උණ්ඩය පිටතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ බව ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (0)

වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලංකාව හා චීනය අතර සාකච්ඡා
2024 ඔක්තෝබර් මස 22 125 0

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වි


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 22 124 0

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.


බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ
2024 ඔක්තෝබර් මස 22 612 0

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 1270 2

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 463 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 438 0

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site