(නිමල් ජයරත්න )
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයින් විසි දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 23 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම ගවයින් රජයට අයත් සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට පොළොන්නරුව අධිකරණය වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයට නියෝග කර තිබිණි.
අධිකරණ නියෝග කඩකරමින් එම එළ ගවයින් ජාවාරම්කරුවන්ටම ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඊයේ ( 25 ) ඔහුගේ සියලු වත්කම් හා දේපොළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්සර් සදාක් මහතා පොලිසියට නියෝග කළේය.
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප
තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන
විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ
බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපොළ තහනම්
අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 09:36 AM
පරණ පුරුද්දට වැඩේ කරගෙන ගිහිල්ලා, සිස්ටම් එක වෙනස් වෙලා කියලා උන්දෑ නොදැන ඉදලා වගෙයි.
ජිල්බු Wednesday, 26 March 2025 09:41 AM
පුනරුප්පත්තිය ඇත්ත බවට තවත් සාධකයක්. හිටපු ඊජිප්තු ජනපති නැවත ඉපදිලා.