(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
වාර්ෂික බෝනස් නොදීමේ ප්‍රශ්නයක් නිසා අදාල ආයතනයේ සේවකයින් 2244ක් ඊයේ දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මාතර කම්කරු කාර්යාලයේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා බෝනස් ලබාදීමේ කාරණය ඇමරිකා බදු තීරණයට අදාල නොවන බව තම අදහස බවද සඳහන් කළේය.
කෙසේ වුවද මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අදාල අංශ වලට උපදෙස් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි
චන්දිම Wednesday, 09 April 2025 01:22 PM
ෆුල් සූට් එක මෙතුමාට හුරු නෑ වගේ නේද? එතුමාට ඇත්තටම හුරු උද්ඝෝෂණ.
සෙනෙවිරත්න Wednesday, 09 April 2025 01:56 PM
තාම බද්ද පනවලත් නැහැ. මෙන්න ප්‍රතිඵල, ෂෙඩ් කාරයෝ, ප්‍රයිවට් බස් කාරයෝ ගාණට වැටිලාද මේ ජෙන්ටල්මන්ලා...?
සමන්-ඕමානයWednesday, 09 April 2025 02:33 PM
ඉදිරියේ මහා භයානක ආර්ථික අගාධයකට වැටෙන්න ඉන්නකොට, බෝනස් බෙදන්න පුලුවන්ද?
janahithaThursday, 10 April 2025 09:31 AM
පොහොට්ටු සිලින්ඩර් සජබ 40 ලයික් දමලා තිබෙනවා එම පිරිස බලයට ආවොත් පෞද්ගලික අංශයේ බෝනස් බෙදනවාලු
vernon Wednesday, 09 April 2025 02:54 PM
මෙතන මානුෂීය ගැටළුවක් තියෙනවා, ඒත් සාමූහික ගිවිසුමකින් තහවුරු කරලා නැත්නම්, පත් වීම් ලිපියේ/ රැකියා ගිවිසුමේ නැත්නම් ප්‍රසාද දීමනා කියන්නේ සමාගමේ මූල්‍ය තත්ත්වය එක්ක බලලා දෙන්න සලකා බැලිය හැකි දෙයක්. අයිතිවාසිකමක් නොවේ...
janabala asamagi Wednesday, 09 April 2025 03:10 PM
මේවා දේශපාලන කුමන්ත්‍රණ... බෝනස් ගෙවන්න බැරි පරිපාලනයේ දූෂණ, බොරු හේතු පෙන්නලා... වසාදමන තැනට පත්කරලා ඇති අවස්ථාවෙන් ප්‍රෙයා්ජන අරගෙන...