IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට

(තිලකරත්න  දිසානායක.)

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල්  16, 707 ක සාමාජිකයින්  68,672 දෙනෙකු අද වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි. 

පැවති වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය  , ඌරුවල් ඔය සහ කුණ්ඩවිල ඇල පිටාර ගැලීම මත ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් සහ අවට ප්‍රදේශ මද වශයෙන් යටව පවතින අතර පීඩාවට පත්වූ පවුල් 416 ක සාමාජිකයින් 1376 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 16  ක රැදවීමට පියවර ගෙන ඇති බවත් පීඩාවට පත්ව සිටින අයට අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගන්නා ලෙස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පැවසීය. 

ජලය පිටාර ගැලීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහෝමයක පහත් බිම් ජලයෙන් යටව පැවතීම මත පදිංචි කරුවන් ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටින අතර මාර්ග ගණනාවක්ම අද වනවිටත් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ලවී තිබිණි. 

ගම්පහ නගරයට පැමිණෙන ජාඇල මාර්ගය , ගණේමුල්ල මාර්ගය , ඔරුතොට මාර්ගය ස්ථාන කිහිපයකින් සහ නගරයෙන් ගලා බසින කුණ්ඩවිල ඇල උතුරා යාමෙන්  අතුරු මාර්ග සහ ගම්පහ නගරයේ ජාඇල දෙසට ඇති බස් නැවතුම් පොළ , නගර මධ්‍යයේ ස්ථාන කිහිපයක් මෙන්ම මහ රෝහල ඉදිරිපිටද පෙරේදා සිට ජලයෙන් යටව පවතී.

ගම්පහ අවට ඇති ඇල මාර්ග නිසියාකාරයෙන් නොමැතිවීම සහ බොහෝ ඇල මාර්ග අවහිරවන සේ ඉදිකිරීම් සිදු කොට තිබීම  සාමාන්‍ය ජල ගැලීමකදී පවා ගම්පහ නගරය සහ මාර්ග යටවීමට හේතුවී ඇති බව ජනතාව පෙන්වා දෙන අතර ඇල මාර්ග අවහිර කරමින් ඉදිකිරීම් කිරීම පිනිස ගම්පහ නියෝජනය කළ දේශපාලනඥයින් සහ අදාල නිලධාරීන් නිහඬව බලා සිටිමින් අනුග්‍රහය ලබාදීම සිදු කළ බවට පීඩාවට පත්ව සිටින බොහෝ දෙනා පෙන්වා දෙනු ලැබූහ.

මේ වනවිට වැසි ජලය බැස යාමට අවහිරතා පවතින ගම්පහ නගරය ආශ්‍රිතව සහ දිස්ත්‍රික්කය පුරා ඇයි සියලුම ඇල මාර්ග අතීතයේ පැවති තත්ත්වයට පත්කරලීමට පියවර ගන්නා ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔව්හු පැවසූහ. 

ආපදා පවතින ප්‍රදේශයන්හි දිසාපති ලලින්ද ගමගේ මහතා  සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත චන්ද්‍රසිරි මහතා විසින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගනු ලැබූ ආකාරයක් දක්නට ලැබිණි. 

 



අදහස් (2)

වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට

සුරෙන් Sunday, 13 October 2024 11:46 AM

මම නිකමට අහන්නෙ ඡන්දෙ දුන්න අනුර අයියා විජිත සහොදරයා ඔය පැත්තෙ අවෙ නැතෙයි දුක බලන්න ! දැන්වත් තේරුම් ගන්න වෙනසක් නැහැ හැම දෙසපාලකයෙක්ම අපිට වදින්නෙ ඡන්දෙ ගන්නකම් විතරයි

:       3       2

විමල් Sunday, 13 October 2024 11:50 AM

රජයෙන් දෙන ආධාර ගංවතුරින් පීඩා විඳින අයට ලබාදීමේදී සහ ආහාර පිළියෙල කිරීමේදී ගම්පහ ජා ඇල පාර අවට පන්සල්වල හාමුදුරුවරු ගාව ගන්නවත් එපා.. එව්ව නිසි පරිදි බෙදෙන්නෙ හිතවත් තරුණ උපාසිකාවන්ට පමණයි.. මේක කිහිපවතාවක් උනා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 128 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 963 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 532 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3377 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2504 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4504 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site