IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්

(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පල)

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයෙන් මෙම විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් ‘එපික් ලංකා’ පුද්ගලික සමාගම ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය ඔක්තෝම්බර් පළමුවැනිදා දක්වා බලපැවත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට නීතියට පටහැනි ආකාරයට මෙම විද්්‍යුත් ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා අදාළ නියෝගය නිකුත් කළේය.

‘එපික් ලංකා’ පුද්ගලික සමාගම ගොනුකළ මෙම රිට් පෙත්සමේ වගුඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා  ඇතුළු පිරිසක් නම් කර ඇත.

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගම් දෙකකට පසුගිය සැප්තැම්බර් 02 වැනිදා කැබිනට් අනුමැතිය දී ඇති බවත් ඒ අනුව එහි කොටසක් ලෙස සමාගම් දෙකකින් විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය දී ඇති බවත් පෙත්සම්කාර ආයතනය සඳහන් කර ඇත.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම විද්්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කාර සමාගම අදාල තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම ඔක්තෝම්බර් පළමුවැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා පෙත්සම එදින යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

දියත

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 365 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 21 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2122 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1601 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 692 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 591 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site