IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.

මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වේදිකාවක් වනු ඇති බවත්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සදහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශණ අයිතීන් පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිතය.

තව ද යෝජිත විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමටත්, සමුළුවේ සැසි මාතෘකා තේමා 4 කින් සමන්විතව පැවැත්වීමට තීරණය විය. එමෙන් ම, 2025 වසරේ ජුනි මස මෙම සමුළුව පැවැත්වීමට සුදුසු බවට ද මෙහිදී තීරණය කරනු ලැබී ය.



අදහස් (0)

විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

දියත

ජනපති-සරසවි ආචාර්ය සමිති සම්මේලනය හමුවක්
2025 මාර්තු මස 13 27 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවත්විණි.


බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 159 0

නාඳුනන තුවක්කුකරුවකු අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් තිබේ.


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 440 0

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


භික්ෂු විශ්වවිද්‍යාලයේ එක්කෝටි තිස් හත් ලක්ෂයක් පිනට දීලා
2025 මාර්තු මස 13 285 1

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නිල නිවාසලාභීන්ගේ ජලය සහ විදුලි වියදමවූ රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයක් එම විශ්ව විද්‍යාල අරමුදලෙන් ව


ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා
2025 මාර්තු මස 13 627 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍


අලියාට කන්න දෙන්න ගිහින් රෝහලේ නවතී
2025 මාර්තු මස 13 253 1

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 184 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 444 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 237 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site