IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විදුලි බිල සියයට 20කින් පහත දමයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජයනාත් හේරත් මහතා එසේ පැවසීය.

එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා ප්‍රමුඛ මණ්ඩලය ගත් එම විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය අද (17) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බවත් මහජන උපයෝගිතා පනතට අනුව විදුලි ගාස්තු පිළිබඳ තීරණය ගැනීමේ බලය එම කොමිසමට තිබීම නිසා විදුලිබල මණ්ඩලය ගාස්තු අඩු කිරීමට බැදී සිටින බවත් හේරත් මහතා කීය.

ගෘහස්ථ කාණ්ඩයේ සමස්ත ගාස්තු අඩු කිරීම සියයට 20 ක් වුවද එම කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර කාණ්ඩයේ සියයට 20 ක්, ඒකක 31-60 ත් අතර කාණ්ඩයේ සියයට 28 ක්, ඒකක 61-90 ත් අතර කාණ්ඩයේ සියයට 19 ක්, ඒකක 91-180 ත් අතර කාණ්ඩයේ සියයට 18 ක්, ඒකක 180 සහ ඊට වැඩි කාණ්ඩයේ සියයට 31 ක් සහ කාලපාදක කාණ්ඩය සියයට 31 ක් දක්වා විදුලි ගාස්තුව පහත දැමූ බව ද හේරත් මහතා පැවසීය.

සෙසු කාණ්ඩ අතරින් හෝටල් කාණ්ඩයේ සියයට 31 කින් සහ කර්මාන්ත කාණ්ඩයේ සියයට 30 කින් විදුලි ගාස්තුව අඩු කළ බවත් ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩයේ සියයට 21 කින් ද, පොදුකාර්ය කාණ්ඩයේ සියයට 12 කින් ද, රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු යන කාණ්ඩවල විදුලි ගාස්තු සියයට 11 බැගින් ද, අඩු කළ බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ පහළම කාණ්ඩය වන ඒකක 30 දක්වා මෙතෙක් අයකළ රුපියල් 280 ක ගාස්තුව රුපියල් 195 ක් දක්වා ද, දෙවැනි කාණ්ඩය වන ඒකක 60 දක්වා කාණ්ඩයේ මෙතෙක් ගෙවූ රුපියල් 700 ක ගාස්තුව රුපියල් 500 ක් දක්වා ද, අඩු වූ බවත් ඒ ආකාරයට සියලුම කාණ්ඩවල ගාස්තු අඩුවෙද්දී ඒකක 300 සහ ඊට වැඩි කාණ්ඩයේ ගෘහස්ථ පාරිභෝගිකයෙක් මෙතක් ගෙවූ රුපියල් 14,660 ක බිලෙන් රුපියල් 2,760 ක් අඩුවී එය රුපියල් 11,900 ක් බවට පත්වන බවත් ඒ මහතා කීය.

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය දෙසැම්බර් 6 වැනිදා 2025 වසf්ර පළමු මාස නවය තුළ ගාස්තු අඩු කළ නොහැකි යැයි යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට ප්‍රතියෝජනවක් එම කොමිසම විදුලි ගාස්තු සියයට 11 කින් අඩු කළ හැකියැයි පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා යොමු කළ බවත් ඒ අනුව එම කොමිසම පළාත් නවයේම මහජන අදහස් ගැනීමේ සමුළු පවත්වා විදුලි ගාස්තුව සියයට 20 කින් අඩු කිරීමේ අවසන් තීරණය ගත් බවත් ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවේ මාස 9 ක කාලය මාස 6 ක් දක්වා අඩු කර, එම මාස නවය තුළ මණ්ඩලයේ අතිරික්තය ලෙස සඳහන් කර තිබූ රුපියල් බිලියන 2,334 පිළිබඳව අධ්‍යනය කළ බව කී හේරත් මහතා ඒ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ පමණක් විදුලිබල මණ්ඩලයේ අතිරික්තය රුපියල් බිලියන 44,000 ක් වියයුතු යැයි පුරෝකථනය කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව එම බිලියන 44,000 හරහා මෙරට විදුලි පාරිභෝගිකයන්ට සියයට 20 ක විදුලි ගාස්තු සහනයක් දීමට තීරණය කළ බව ද හේරත් මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකළ හොත් ඒ සඳහා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන ඇති බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (13)

විදුලි බිල සියයට 20කින් පහත දමයි

Ajantha Friday, 17 January 2025 02:55 PM

පුරවැසියන්ට සහනයක් ලබාදුන් ඔබ සැමට ස්තුතියි..!

:       15       105

Srinath priyantha karunarathna Friday, 17 January 2025 04:04 PM

ජයවේවා...!

:       13       61

බද්රානි Friday, 17 January 2025 04:09 PM

මහජනතාවගේ බදු මුදලින් විදුලි බිල ගෙව්වා, වලව්වල හැදුණු වැඩුණු, කරුවලට කැමැති, කටු ලෙවකන බලු කුක්කන්ට නම් ලයිට් බිලේ අඩුව ගානක්වත් නැතිව ඇති... දැන් ඉතින්, බල්බ්වල මිලත් අඩුකරන්න කියලා උඩු බුරයිද දන්නේ නැහැ.

:       31       31

ගුණරත්න Friday, 17 January 2025 04:10 PM

හා හා කටවහ වදියි... ඉස්සෙල්ලාම යූනියන් උතුමන්ලාගෙන් අවසර ගත්තාද?

:       9       37

Nishan Friday, 17 January 2025 04:12 PM

ඇමති පරාදයි හූ හූ...!

:       13       64

සිල්වා Friday, 17 January 2025 04:53 PM

ඇමැති බොරු කිව්වේ නෑ. විහිළුවට කිව්වේ...!

:       21       24

රටේ එකාලා Friday, 17 January 2025 04:16 PM

අනේ එහෙම කරන්න එපා... අර කංචනලාට එහෙම වස්තරේ පහ වෙයි.

:       31       49

amila Friday, 17 January 2025 04:16 PM

හොඳ වැඩක්...!

:       1       44

Neel Friday, 17 January 2025 04:26 PM

බොහෝම අමාරුවෙන් ජීවත්වන වේලාවක මේ සහනය ලබාදීම පිළිබඳව NPP ආණ්ඩුවට ගොඩාක්ම ස්තුතියි. කරුණාකර මේ ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණව කරන්න උත්සාහ කරන්න.

:       34       41

බණ්ඩාරFriday, 17 January 2025 06:00 PM

කඩේ ගිහින් වළං හෝදන්න තිබ්බ හදිස්සියට නිව්ස් එක හරියට කියවලත් නැහැ. මේ අඩු කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් නෙමෙයි.. මහජන උපයෝගිතා කොමිසමෙන්. ආණ්ඩුව අඩු කරන්න බැහැ කියද්දීත් කොමිසම අඩු කලේ මහජනයාගේ සහ නොයෙක් සංසංවිධානවල ඉල්ලීම අනුවයි. ආණ්ඩුව මොනවත් කරලා නෙමෙයි..! 

:       18       20

Saman Friday, 17 January 2025 06:57 PM

@Neel, ඔය අඩු කිරීම ගිය අවුරුදු දෙකේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා දෙන්න යෝජනා කළා. එය ඉවරවුනේ ඔහුව තනතුරෙන් නෙරපලා. එවරත් මෙවරත් දෙපාරම ඇමැතිවරු දෙන්න බෑ කියද්දී තමයි මෙවර අන්තිමට ලැබුණේ.

:       6       10

Piyal weerasinghe Friday, 17 January 2025 06:58 PM

කොච්චර හොඳ කළත් ලංකාවේ මිනිසුන්ගේ විවේචන අඩුවක් නැහැ.

:       6       21

බද්රානි Friday, 17 January 2025 09:16 PM

ඇත්තමයි පියල් වීරසිංහ මහත්තයෝ, "කොතරම් හොඳ කලත් දුදනෝ නොවෙති යහපත්" කියලා කතාවක් තියනවනේ... ලංකාවේ ඉන්නවා, ජානගත නිවට වන්දි භට්ටයින් රැලක්... ඔවුන්ට වුවමනා කරන්නේ, රජාට බැල මෙහෙවරකම් කරගෙන රජාගේ පරම්පරාව පමණක් සතුටු වෙනවා දැක, ජොලියෙන් ජීවත් වීමටයි. රජාගේ බිල අතින් ගෙවලා තමන් කළුවරේ වුණත් ඉන්න මේ නිවට නින්දිතයින් පසුබට වෙන්නේ නැහැ. මම දැක්කා, මෙතැන කමෙන්ට් කාරයෙක් පහරා තිබුණා. මේ සහනය රජයෙන් නොව, මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් දුන් සහනයක් බව. මේ රටේ ආයතන හා කොමිෂන් සභා රටේ ජනතාව වෙනුවෙන් විනා, පාලකයින්ට පමණක් සහන සැලසිය යුතුයි කියන තරමේ මන්ද මානසිකත්වයක් තමයි මේ පුද්ගලයින්ට තියෙන්නේ... මට නම් හිතෙන්නේ මේ වගේ නීච යටත් වැසියන්ට පහුහිය කාලේ රජාලා රථ පෙරහැරවල් වලින් යද්දී, බයටම මුත්‍රාත් පිටවෙන්න ඇති... දැන් නුඹලා, අනුන්ගේ බිලුත් ගෙවාගෙන, මුත්‍රා කරගෙන පාලකයින්ට ඉදිරියේ දණින් වැටෙන්න ඕනෑ නැහැ... මේ රජය පත්කරගෙන තියෙන්නේ ජනතාවට සේවය කිරීම සඳහා පමණයි.

:       7       21

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 70 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1017 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 293 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 152 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 103 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 769 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site