(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ලම කල්දැමූ බව ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම රෝහලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ කාන්තා හා පිරිමි වාට්ටු පිහිටා ඇති අතර මෙම වාට්ටුවලට ඇතුලත් කරන රෝගින් මෙන්ම නියමිත ශෛල්‍යකර්ම සඳහා යොමුකරන රෝගින්ද එහා මෙහා රැගෙන යන්නේ මෙම විදුලි සෝපාන යන්ත්‍ර උපයෝගී කරගෙනය.
එහෙත් ඊයේ රාත්‍රි හිටිහැටියේ මෙම සෝපාන යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් එහා මෙහා ගෙනයාම අපහසුවී තිබේ.
විශේෂයෙන් ශෛල්‍යකර්ම සඳහා ශෛල්‍යගාරයට රැගෙන යන රෝගීන් සිහිනැතිකිරීමෙන් පසු එහා මෙහා රැගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
මේ නිසා අද දින සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ශෛල්‍යකර්ම කල් තැබූ බව රෝහල් අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳව අදාළ විදුලි සෝපාන සමාගමට දැනුම් දී ඇති අතර ඔවුන් ඉතා ඉක්මනින් මෙම යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත්කර දෙනු ඇතැයි විශ්වාස කරන බවද වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම විදුලි සෝපාන යන්ත්‍ර දෙකේ නඩත්තු කටයුතු මෙතෙක් කිසිදු අඩුවකින් තොරව එම සමාගම සිදුකරගෙන ආ බවද රෝහල් අධිකාරිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල
දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ප
යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි
Chathuranga Tuesday, 20 June 2023 10:17 AM
අදාළ සමාගමෙන් වෛද්‍ය අධිකාරිතුමාට හරියටම පංගුව ලැබෙනවා වගේ.කලට වෙලාවට හරියටම නඩත්තු කෙරුව නම් කැඩෙන්න විදියක් නෑ....විදුලි සෝපානය හදන ඉවරවෙනකම් මිනිස්සුන්ගෙ ලෙඩ ඉවසන් ඉන්නෙ නෑ කියල තේරුම් ගන්න පොඩි හරි මොළේකුත් තිබ්බ නම් වටිනවා.මේ වගේ වගකීම් විරහිත ආයතන සහ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.