IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


විදෙස් දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(3)පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු ඩුබායි හි සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි . අනෙක් ගුවන් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි .

ඔවුන්  සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , ඔවුන් ගමන් මලු තුළ සගවා ගෙන තිබූ 

" ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .



අදහස් (0)

විදෙස් දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය
2025 ජනවාරි මස 05 2 0

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්


දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ
2025 ජනවාරි මස 05 101 0

දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව


රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක්
2025 ජනවාරි මස 05 384 2

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව


පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා
2025 ජනවාරි මස 05 109 0

වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අ‍ැතැයි වවුනියාව පොලිසිය කියයි.


උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා
2025 ජනවාරි මස 05 516 1

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණිය


කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 05 366 0

ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 420 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 205 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site