IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්

(සුජිත් හේවාජුලිගේ )

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

විදේශයන්ගෙන් ලැබෙන බුද්ධි අංශ වාර්තා ඉතා ඉක්මනින්ම විශ්ලේෂණය කරමින් එම තොරතුරු අදාළ අංශවලට කඩිනමින් යොමු කිරීම සහ එම වාර්තා අනුව අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මෙම කණ්ඩායම් වලට පැවරෙන වගකීම වේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්  විදේශීය බුද්ධි සේවා ලබා දුන් වාර්තා නිසි පරිදි අධ්‍යනය නොකෙරුණු බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ ප්‍රධානීන් මෙම නව යාන්ත්‍රණය සඳහා උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත.

සංචාරක කලාපවල ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳවද ඉන්දීය බුද්ධි සේවා පසුගියදාකරුණු අනාවරණය කළේය. එම කරුණු අනාවරණය වීමෙන් පසු රජයේ ආරක්ෂක අංශ එම සංචාරක කලාපවල ආරක්ෂක විධි විධාන දැඩි කිරීමට පියවර ගත්තේය.

එම ප්‍රහාරක සැලසුම සම්බන්ධයෙන් දැනට තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඊට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීමටද ආරක්ෂක බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

මේ අතර මෙරට සංචාරක කලාපවල ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර  සිදු කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර  කරුණු අනාවරණය කර ගැනීමටද  බුද්ධි අංශ නිලධාරීහු කණ්ඩායම් මේ දිනවල ක්‍රියාත්මක වී සිටිති.

මේ අතර රටේ සංචාරක කලාපවලට ආරක්ෂාව සැපයීම  දිගටම සිදු කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (1)

විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්

nimal Saturday, 26 October 2024 02:58 PM

හෝටල් කාර්ය මණ්ඩලය ගැන විමසිල්ලෙන් ඉන්න පුළුවන්ද? අමුත්තන්ගේ බොහෝ තොරතුරු හෝටල්වල වැඩකරන පුද්ගලයින් විසින් මතවාදයන්ට සපයන බව ඔප්පු වී ඇත. මතවාදයන් හෝටල්වල වැඩ කරන අතර හඳුනා ගැනීම ද පහසුයි...!

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 26 79 0

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 1611 0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 1125 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 678 1

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
2024 ඔක්තෝබර් මස 26 828 3

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
2024 ඔක්තෝබර් මස 26 3293 1

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 914 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 575 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site