(අංජුල මහික වීරරත්න)
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පරිච්ඡින්න කළ යුතු බවට 2024-03-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී තීරණය කරනු ලැබ තිබේ.
එහෙත්, එකී පනත පරිච්ඡින්න කිරීමත් සමඟ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අදාළ වන භාණ්ඩ ආනයනය කිරීමේදී එකතු කළ අගය මත බද්ද ඇතුළුව අනෙකුත් බදු අදාළ වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳ පොළ මිල කෙරෙහි සිදුවිය හැකි බලපෑම සහ දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීමේ රජයේ ප්‍රතිපත්තියට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත.
එබැවින්, එකී බද්ද පරිච්ඡින්න කිරීම සඳහා වන 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකිරීමටත්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනු ප්‍රමාණ 2025-01-01 දින සිට බලාත්මකව පවත්වා ගෙන යාම පිණිසත් අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිර
වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම
ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත්
කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බ
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් න
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම