(කේ.බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45.000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ.
යතුරු පැදියකින් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා අද (12) අලුයම එහි සේවිකාවට වෙඩි තබා මෙම කොල්ලය සිදු කළ අතර තුවාල ලැබූ සේවිකාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ වෙඩි ප්‍රහායට ලක් වූ සේවිකාව සහ එහි එක් සේවකයකු පමණක් සේවයේ රැඳී සිට ඇති අතර වෙළෙඳහල් හිමිකරුට දුරකතන ඇමතුමක් දී නිවෙසට ඇරලවන්නැයි පවසා විනාඩ කීපයක් ඇතුළත මෙම සිද්ධිය සිදුව තිබේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානේ පොලිස් මුරපොළ පෙනෙන මානයේ ඇති මෙම වෙළෙඳහලෙහි කොල්ලය සිදුවී සෑහෙන වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිලධාරියකු එම ස්ථානයට නොපැමිණි බවත් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට ලොකු සටනක් කර පොලිසිය ගෙන්වා ගැනීමට සිදුවූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ පැවැසූහ.කොල්ලකරුවන් දාම්පේ බෙරැකැටිය මාර්ගය දෙසින් පැමිණ කොල්ලය සිදුකර ඒ දෙසටම පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.වෙඩි ප්‍රහාරයට ලක් වූ වෙළෙඳහල් සේවිකාවගේ ශරීරයේ උණ්ඩ කැබලි තුනක් ඇති බවට නිරීක්ෂණය වූ බව හෝමාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
-------------------------------------------
(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සැලකට අද (12) අළුයම ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වෙළද සේවිකාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේදී එම වෙළදසැලෙහි ගිණුම් කටයුතු සිදු කරන සේවිකාව සහ එක් සේවකයකු පමණක් රැදී සිට ඇත.
වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කර එහි ගිණුම් සේවිකාව නිවසට ඇරලවීම සදහා වෙළදසල් හිමිකරුට දුරකතන ඇමතුමක් ලබා දී විනාඩි කිහිපයක් ඇතුලත යතුරු පැදියකින් ගිනි අවියක් රැගෙන කොල්ලකරුවන් දෙදෙනා වෙළදසැලට පැමිණ මුදල් කොල්ලය සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.
මීගොඩ පොලිස් මුරපෙල පෙනෙන මානයේ තිබෙන මෙම වෙළදසැලෙහි මංකොල්ලය සිදු වී විශාල වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිළධාරියකු අදාල ස්ථානය වෙත පැමිණ නොමැති නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට විශාල ඝෝෂාවක් සිදු කර පොලිස් නිළධාරීන් ගෙන්වා ගැනීමට සිදු වූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් පවසති.
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස
අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා
නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන
රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය
වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධාන
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මීගොඩ ආර්ථිකය වහයි
Aruna Monday, 12 February 2024 06:25 PM
අශ්වයා පැනගිය පසු ස්ථාලය වසා දැමීම... කට්ටිය "යුක්තියේ" වැඩ වගේ...!
සෙනෙවිරත්න Tuesday, 13 February 2024 12:14 PM
ටිරාන් එක පැත්තකින් දිග අරිනකොට අනිත් පැත්තෙන් ඇකිලෙන පැදුරක් එලනවා. කරන වැඩේ අවංකව නොකෙරෙන නිසා තමයි ගෝලයොත් ඔය වගේ රාජකාරිය පැහැර හරින්නෙ. ඇමැතිත් පොලිස්පතිත් නැති කීර්තියක් අත්කරගන්න හදනවා. ටිරාන්ලගේ වැඩ ගැන කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ .
රාළහාමි Tuesday, 13 February 2024 01:51 PM
හොරු යනකම් ඉඳලා පොලිසිය එන්න ඇති. නැත්නම් පොලිසියටත් උන් වෙඩි තිබ්බොත් කාට කියන්නද. නිකං ඉල්ලන් කන්නේ මොකටද කියලා පොලිසියේ මහත්තුරු හිත්තන්න ඇති.