(උපාලි ආනන්ද සහ බී.ජී. චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු යුද හමුදා සෙබළා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට පත්කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද (14 ) නියෝග කළේය.
එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තව දුරටත් නියෝග කරනු ලැබීය.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කෙරිණ.
මෙසෙ රිමාන්ඞ් භාරයට පත් කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇල පාර පදිංචිකරුවෙකු වන නිලන්ත මඳුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරියෙකි.
මේ අතර මෙම සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල සැකකරුගේ වැඩි මහල් සොහොයුරියද මේ මස 17වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නීය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ජයවීර මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද සහ සැරන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.
ශ්රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලි
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්
Lalla Friday, 14 March 2025 09:35 PM
ඔය වරදට දඬුවම බෙලහීන කිරීම පමණයි නේද? දෙක තුනකට දෙන කොට දූෂණය නතර වෙන විදිය පෙනෙයි..