(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීම ඇතුලු අධ්‍යාපනය පෞද්ගළිකරණය කිරීමට විරෝධය පළකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (06) විරෝධතාවක නිරත විය.
විරෝධතාකරුවෝ සඨන්පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00 පමණ සිට විරෝධතාවයේ නිරත වූහ.
පැයක පමණ කාලයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ගෝෂණයේ නිරත වූ විරෝධතාකරුවෝ අනතුරුව ලොටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්්‍යාලය දක්වා පා ගමනින් විරෝධතාවයේ නිරත වූහ.
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීම නවතනු, අධ්‍යාපනයට දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 6 ක් වත් වෙන්කරනු, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය නවතනු, ණගෘගඹ හරහා වෛද්‍ය උපාධිය විකිණීම නවතනු, විශ්ව විද්‍යාල සිසුන් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබාදෙනු, පාලකයින් කොතලාවල හරහා වෛද්‍ය උපාදිය විකිණීම නවතනු” ආදී බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවේ නිරත වූහ.
විරෝධතාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි වෛද්‍ය පීඨ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවය හේතුවෙන් කොලඹ කොටුව දුම්රිය සථානය ඉදිරිපිටින් වන බස් රථ මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වූ අතර මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට රථවාහන තදබදයක්ද ඇතිවිය. විරෝධතාවය සහ පාගමන සිදුවන අවට පොලිස් නිලධාරීන් හා කැරලි මර්ධන ඒකකයද කැඳවා තිබිණ.
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්ර
මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
පෞද්ගලික වෛද්‍ය පීඨ ඉදිකිරීම ඇතුලු අධ්‍යාපනය පෞද්ගළිකරණය කිරීමට විරෝධය පළකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කොටුවේ විරෝධයක