IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වී ගොවිතැනට රසායනික පොහොර ගේන්න තීන්දු කළේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වී ගොවිතැන සඳහා රසායන පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී කිසිදු තීරණයක් නොගත් බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය

වර්ෂාවෙන් හානිවූ එළවළු වගා වෙනුවෙන් පමණක් යම් පොහොරක් ගෙන්වීමට තීරණය කළ බවද  හෙතෙම සඳහන් කළේය .

ඇමැතිවරයා  මෙසේ පැවසුවේ  අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා යැයි  විපක්ෂ නායක පැවසූ බවත්  අප සියලුම දෙනා හිට ගන්නේ ජනපතිගේ ප්‍රතිපත්තිය සමඟ බවත් අලුත්ගමගේ මහතා කීවේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී මෙසේද කීය.

නැනෝ නයිට්‍රජන් ගනුදෙනුවක් ගැන කතා කළා. රාජ්‍ය අමාත්‍යාංශය යටතේ නැනෝ නයිට්‍රජන්  සඳහා ටෙන්ඩර් කැඳවීම කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.පසුව  පොහොර මිල අධික බව අපට ආරංචි වුණා. අප ආනයනකරුට ඒ පිළිබඳව දැනුවත් කළා .ඔහු ඩොලර් 2.5 කින් මිල අඩු කළා. එමගින්  බිලියන 1.7 ක මුදලක් ඉතිරි කර ගන්න හැකි වුණා.

නැනෝ නයිට්‍රිජන්  ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕන දෙයක් ගන්න පුළුවන්. දූෂණයක් තිබේ නම් එය කියන්න. ඕනෑම විවාදයකට මමත් රාජ්‍ය ඇමතිත් සූදානම්.ප්‍රාදේශීය සංවර්ධනය නැතිව රටක් හදන්නේ කොහොමද?විපක්ෂය අද  මේ අය ඒ සංවර්ධනයත් විවේචනය කරනවා.නොවැම්බර් දෙසැම්බර්  හැම අවුරුද්දකම එළවළු මිල වැඩිවෙන කාලය.ඒ අතරේ අධික වර්ෂාපතනයකට ද අපට මුහුණ දෙන්න වුණා.රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයකට  යන්න තීරණය කළා. ඇමතිවරයා ලෙස මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැලි ඇටයක වංචාවක් කළා යැයි ඔප්පු කරන්න .එසේ ක⁣ළොත් මා දේශපාලනයෙන් ඉවත්වෙනවා.අනියත බියක් ඇති කර ගන්න එපා. හාල් හිඟයක් ඇති වන්නේ නැහැ. 



අදහස් (5)

වී ගොවිතැනට රසායනික පොහොර ගේන්න තීන්දු කළේ නෑ

Sunil Monday, 22 November 2021 05:41 PM

හරිම හපන්කමක්... වී ගොවිතැන විනාශයි.

:       2       15

යෝගා Monday, 22 November 2021 06:05 PM

ඕක පිස්සු කතාවක්. එළවළුවලට ගෙනෙන රසායනික පොහොර වී වගාව සඳහාත් භාවිතා කරන්න පුළුවන්. දොර බාගෙට ඇරියත් පොහොර මාෆියාවට ඇති...

:       1       8

පැරකුම්Monday, 22 November 2021 08:58 PM

වී මෝල් මාෆියාවට නොදෙවෙනි තවත් වැඩක්...

:       0       0

Nuwan Monday, 22 November 2021 06:18 PM

ශාක පෝෂකනේ ගෙනාවා කිව්වේ?

:       1       11

Royfedricks Tuesday, 23 November 2021 01:51 AM

වංචා කොහොම ඔප්පු කරන්නද? ලසන්ත මේ ලෝකේ නැහැනේ.. අර දේශපාලනෙන් ඉවත්වෙනවා කියපු කතාව ඉතින් හැමදාම කියනවා විතරයිනේ. කවද්ද ඕක කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 7 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 875 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1917 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 257 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 149 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 824 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26637 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site