(හර්ෂණ තුෂාර සිල්වා)
ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙකු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කොළඹදී අද (28) ප්‍රකාශ කළේය.
විශාල, විවෘත හා නිදහස් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා ද එය ඉතා වැදගත් බවත් එහෙත් චීනය අපේක්ෂා කරන්නේ ඊට වෙනස් දෙයක් බවත් ඔහු එහිදි කීය.ආසියාවේ පැරැණිම රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව යහපාලනය, විනිවිදභාවය ආරක්ෂා කර ඇතැයි ද හෙතෙම පැවැසීය.
මෙරට සංචාරයක නිරත වෙමින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම කරුණු සඳහන් කළේය.එහිදි අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ ද කීය.
‘‘ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීමට සුන්දර අවස්ථාවක්. ඒ වගේම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිහිපත් කළ අයුරින් අපේ රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 72ක් සැපිරෙනවා. එමෙන්ම නැවත විදේශ අමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් මා දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතුම් එක් කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මා ඉතා හොඳ සාකච්ඡා දෙකක් පැවැත්වූවා. එම සාකච්ඡා සාර්ථකයි.
ප්රජාතන්ත්රවාදී, සාමකාමී, සෞභාග්‍යමත් සහ පූර්ණ ස්වෛරීත්වය ඇති ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව ශක්තිමත්ව සහාය දෙනවා. ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් සමඟ පැවැති සාකච්ඡාවලදී මා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළා.
ඒ සඳහා අපගේ තානාපති කාර්යාලය ද විවිධ පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අප කැපවී සිටින බව ද සිහිපත් කළ යුතුයි. ඒ වගේම චීනයේ වූහාන් නුවරින් පැමිණි නව කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අපි සාකච්ඡා කළා.
‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට වඩා ආධාර ලබා දී තිබෙනවා.
වසංතය පැතිර යෑමට පටන් ගත් අවස්ථාවේදී අපගේ ඇණවුම් බාරගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා අපට ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල යනාදිය ලබාදීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් අපි කෘතඥ වෙනවා. අපට ඒවා සිය ගණනින් ලැබුණා. ඒවා ඇමෙරිකානුවන් රැසකගේ ජීවිත බේරාගැනීමට උපකාරී වුණා. ඒ වෙනුවෙන් මා විශේෂ ස්තූතියක් පිරිනමනවා.
නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සහ ඒ වෙනුවෙන් ප්‍රතිකාර සොයාගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පෞද්ගලික අංශය සමඟ වැඩ කරනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එය අපේ ජනතාවට මෙන්ම ලොව සෑම රටකම, සෑම පුද්ගලයකුටම ලබාදීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා අපට පෞද්ගලික අංශයේ සහාය සහ බලය අවශ්‍යයි. ඒ වගේම ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමටත්, එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් අපට පෞද්ගලික අංශය අවශ්‍ය වෙනවා.
අපි අපේ සාකච්ඡාවලදී බොහෝ දේ සාකච්ඡා කළා. ඇමෙරිකානු සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ සමාගම් තුළින් ඉහළ ගුණාත්මකභාවයක් තිබෙන රැකියා නිර්මාණය කර තිබෙනවා. මේ සමාගම් විශ්වාසය තැබිය හැකි සමාගම් බවත් අවධාරණය කළ යුතුයි. එම සමාගම් නීතියට වගවෙනවා, ඒ වගේම විනිවිදභාවයෙන් කටයුතු කරනවා. එමෙන්ම එම සමාගම් ඔවුන්ගේ ප්‍රජාවට වත්කම් ලබා දී තිබෙනවා.
ඇමෙරිකානු ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීම සඳහා යහපාලනය, විනිවිදභාවය, ප්‍රතිපත්ති තීන්දු තීරණවල අඛණ්ඩ බව අවශ්‍යයි. ආසියාවේ පැරැණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයේ පටන්ම එම මූලධර්ම ආරක්ෂා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උරුමය තුළත් ඉතිහාසයත් තුළත් අඛණ්ඩව එම මූලධර්ම ආරක්ෂා වී තිබෙනවා.
ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලොව වඩාත් වැදගත් මුහුදු මාර්ග ආසන්නයේ බව සිහිපත් කළ යුතුයි. එම මුහුදු මාර්ග විවෘතව තබාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරයාත් මමත් අවධානය යොමු කළා. ඒකාබද්ධ මෙහෙයුම්වලට අමතරව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරීන් ඇමෙරිකාවට පැමිණ පුහුණුව ලබනවා. වෙස්ට් පොයින්ට් මිලිටරි ඇකඩමිය ඉන් එකක්. මාත් එහි අධ්‍යාපනය ලැබු බව මෙහිදි සිහිපත් කරන්නේ ඉතා සතුටින්. ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ප්රදානය කර ඇති බව ද කිව යුතුයි.
ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙක්. එමෙන්ම විශාල, විවෘත හා නිදහස් ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා ද එය ඉතා වැදගත්. එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක් බව ද කිව යුතුයි.
චීනය නරක ගිවිසුම්, නීතියට ගරු නොකිරීම, මුහුදේදීත් ගොඩබිමේදීත් නීතියක් නොමැතිකම, ස්වෛරීත්වය උල්ලංඝණය කිරීම යනාදියේ පාර්ශවකරුවෙක්. චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ විලෝපිකයෙක්. එහෙත් ඇමෙරිකාව ඊට වෙනස්. අපි එන්නේ මිත්‍රයෙක් පාර්ශවකරුවෙක් විදියට.
මේ සංචාරය නිම කරන්න කලියෙන් මා ශාන්ත අන්තෝනි දේවස්ථානයට යනවා. එය පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ස්ථානවලින් එකක්. එම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය සිය ගණනක් වෙනුවෙන් මා එහිදි ගෞරවය පුද කරනවා. එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු මියගියා.
එම ප්‍රහාරයෙන් පසු ත්රස්තවදාය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් ලබාදුන්නා. ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඇමෙරිකානු ජාතිකයන් ද ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි සහයෝගය දුන් බව මා කියන්නේ ආඩම්බරයෙන්. ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවකදී නිකායවාදී එක්තරා විශ්වාසයකට පමණක් කොටුවීමට අවශ්‍ය බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව සෑම ආගමකම සෑම ජාතිකයකම මිනිස්සු ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත්වන බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියලු දෙනා එකමුතුව ජීවත්වෙනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ මානව හිමිකම්වලට ගරු කරන සාමකාමී ජාතියක්, රටක්.
තමන්ට ඡන්දය දුන් අය පමණක් නොව, තමන් සෑම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම ජනාධිපති බව ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රටවල් දෙකම ඉදිරියට යෑමේදී අපි ජනාධිපතිවරයාගේ වචන කෙරෙහි විශ්වාසය තබනවා. වගවීම, යුක්තිය හා සාධාරණත්වය මෙන්ම ප්රතිසන්ධානය (සංහිඳියාව) සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාව අර්ථාන්විත හා ශක්තිමත් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
අපි එක්ව නැගිටිමු. උරෙනනුර ගැටෙමින් නැගී සිටිමි. අපේ පුරවැසියන් කළ හැකි හොඳ දෑ මොනවාදැයි අපි දැක්කා. ප්රජාතන්ත්රවාදී අගනාකම් වටිනාකම් තුළින් ගොඩනැගුණු අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමු’’.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශ්වකරුවෙක්’
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 October 2020 01:34 PM
තවම මත ප්‍රකාශ කිරීමට නොහැකි අවස්ථාවක් තමයි මේ උදාවෙලා පවතින්නේ. රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් දෙසාබානා අපබ්‍රංස මොනවාදැයි හරිහැටි විශ්වාසයට ගත නොහැක්කේ ය. ඒ මන්ද යත්, පසුගිය රජය පෙරළා දැමීමට ඒ්වකට විපක්ෂයේ හුන් වර්තමාන රජයේ ඇතැම් දේශපාලකයන් ආයුධය කරගත්තේද මෙම ප්රස්තුතයමය. එය එසේ උවත්, එදා සිංහයන් මෙන් සිංහනාද කළ ඔවුන් අද නිවට කැණහිළුන් මෙන් කෙඳිරිලි හඬ නඟනු පෙනේ.
NMWednesday, 28 October 2020 04:59 PM
කොහොමද කතාව.?
NuwanThursday, 29 October 2020 04:06 AM
මෙතන පැති දෙකක් තියනවා . එක, පාර්ශවකරුවා. දෙක, පාර්ශ්වය සමග කතා කරන කාරනය. එක කෙරෙහි විවාදයක් තියෙන්න බෑ. එක්සත් ජනපදය සමග අප තානාපති සබදතා පවත්වාගෙන යනවා. චීනය, රැසියාව සමගත් එහෙමයි. අප අනුන්ගෙන් ස්වායක්ත නෑ. දෙක තමයි බරපතල. මෙයාල මොනව ගැනද කතා කලේ. එම් සී සී හෝ ඒ හා සමාන වෙනත් දේද? ඇමති මන්ඩලේ ඉන්න ඊනියා දේශප්‍රේමීන් මේ ගැන දන්නවාද? මෙතන තමා ගැටලුව තියෙන්නේ. ලංකාව ස්වාධීන තීන්දුවක් ගන්නවනම් ඒක ජනමතයට පටහැනි වෙන්න බෑ. එහෙම නැත්නම් චීන සල්ලි, ඇමරිකන් සල්ලි කියල නෑ, පෙරේතකම නිසා අමාරුවෙ වැටෙන්න වෙනවා. අපි ආන්ඩුවෙන් ඉල්ලන්න ඕන එකම දේ තමය් ඇත්ත කියන්න කියල කියන එක.
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 29 October 2020 07:02 AM
නුවන් මහතා, ඔබතුමා නිවැරදියි. ඒත්, මේ රටේ කොයි දේශපාලකයන්ට වත් වැඩි බලයක් දීම භයානකයි. ඒත්, රටේ ජනතාව දුර දිග නොබලා ඒ බලය දුන්නා. ඒ නිසා දැන් ඒ අය මෙසේ හැසිරෙනවා. මේ වගේ ව්‍යසන යුගයක රටේ සෞඛ්‍ය ඇමතිකම දෙන්නේ ඒ ගැන අවබෝධය අඩු කෙනෙකුට. අපේම වාසනාව... මොනවා කරන්නද .. ?
prabha Wednesday, 28 October 2020 01:34 PM
වැටිලා තියෙන ශ්‍රී ලංකාව ශක්තිමත් කරන්න එයාලා ගාව බෙහෙතක් තියෙනවා එම් සි සි කියලා.
BamunuarachchiThursday, 29 October 2020 02:06 AM
ජෙප්පන්ගේ උද්ගොෂණයට බය වෙලා වෙන්න ඇති පොම්පියෝ හිටගෙන එම්සිසි ගිවිසුම අත්සන් කලේ නේද අම්මප.
Demuni Uduwara Wednesday, 28 October 2020 02:11 PM
එම අපේක්ෂාවන් පවතිත්වා.!
Mahinda Wednesday, 28 October 2020 04:55 PM
ගෝඨාභය යනු ශ්‍රී ලංකාවේ ඉහළම නායකයා ය. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය යටතේ නොවේ.
BamunuarachchiThursday, 29 October 2020 01:58 PM
රනිල් හෝ මංගල හෝ නොවේ...
NGO Viyath maga Wednesday, 28 October 2020 10:36 PM
ශ්‍රී ලංකා දේශප්‍රේමී රජය වැනි කිසිවක් සඟවා නොගෙන සියල්ල කීවේය.
ranjith Wednesday, 28 October 2020 11:04 PM
කෝ සිංහ නාඳ රඟ දක්වපු වීරයෝ.
මුණසිංහ Thursday, 29 October 2020 02:03 AM
ඔයාල ඇවිත් ගියාට කමක් නැහැ. අපේ වැඩ අපි බලා ගන්නම්. වත්මන් රජයත් අනවශ්‍ය ගිවිසුම් වලට ආවොත් වැඩ වරදීවි. එහෙම නොකරයි කියල අපි හිතනව.
rana Thursday, 29 October 2020 03:12 AM
“චීනයත් එක්ක ලංකාව කරන වෙළඳාම්වල වෙළඳ ශේෂය ඩොලර් බිලියන හතරකට වැඩියි. එහි වාසිය තනිකරම චීනයට. ඉන්දියාවත් සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 3.5ට වැඩියි. තනිකරම වාසිය ඉන්දියාවට. ඇමරිකා එක්සත් ජනපදය සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. තනිකරම වාසිය ශ්‍රී ලංකාවට. මෙයයි තිත්ත ඇත්ත , අපේ විශාල වෙලන්ද පොල වසා දමමුද ?? චිනාගෙ හොඳම පොල අමෙරිකාව ඒ අය වසා දමයිද ???
BamunuarachchiThursday, 29 October 2020 12:51 PM
ෂාහ් ඔබේ ආර්ථික විද්‍යා දැනුම අම්මප. ඇමරිකා එක්සත් ජනපද වෙළඳ ශේෂය පමණක් ලංකාවට වාසි වෙන්නේ කොහොමද කියා පැහැදිලි කරන්න. කොලේ වහල ගහන්නේ නැතිනම්.
BamunuarachchiThursday, 29 October 2020 02:01 PM
නරකද විජේසුන්දර මහත්තයාට පෝස්ට් කාඩ් එකක් දාලා ඔය ගැන කියන එක...?
Galapara Thursday, 29 October 2020 09:19 AM
රනා, ඔයාගේ තර්කය 100% හරි. පාලකයන් තේරුම් ගන්න.
BamunuarachchiSaturday, 31 October 2020 03:30 PM
රණා කියනකම් පාලකයෝ ඕව දැනගෙන ඉඳලා නැහැ. කමෝන් රනා
banda Thursday, 29 October 2020 10:14 AM
අපේ අපනයන වලින් වැඩි කොටසක් මිලදී ගන්නේ ඒරොප්පේ සහ ඇමරිකාව.
Ameila Leary Thursday, 29 October 2020 11:58 AM
එක්සත් ජනපදය ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් සමඟ හවුල් වීමෙන් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා අන්‍යෝන්‍ය අභිලාෂයන් ඉදිරියට ගෙන යමින් සිටී. කලාපයේ චීනයේ කාර්යභාරය පිළිබඳව එක්සත් ජනපද ලේකම් මයික් පොම්පියෝ. වර්ගීකරණය කරන ලද ඉන්ටෙල් චන්ද්‍රිකා අත්පත් කරගත් දත්ත හුවමාරු කර ගැනීම සඳහා දෙරට අතර දත්ත ගිවිසුමක් අත්සන් කර තිබේ.