(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර පල්ලකැලේ පොලිස් වසමට අයත් කුණ්ඩසාලයේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ වසර හයසියයක් පමණ පැරණි මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පාෂාණයකින් තනන ලද සඳගල නමින් හැඳින්වෙන මල් ආසනයක් හොරාගෙන ගෙන යෑමට ආධාර අනුබල දුන් බව කියමින් පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයකු සහ දික්වැල්ල පාර දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයකු බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලීසියේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
සඳගල නමින් හැඳින්වෙන මෙම මල් ආසනය පිහිටා තිබූ භූමිය සෙංකඩගල රාජධානියේ අවසාන සිංහල රජු වන ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ ගමන් මාලිගය පිහිටි වසර 600 ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බව කුණ්ඩසාලයේ පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් කුණ්ඩසාලයේ පොලිසියට කළ පැමිණිල්ලේසඳහන් කර ඇත.
දොඹකරයක් සහිත වාහනයකින් පැමිණි කණ්ඩායමක් මෙම සඳගල පුරා ගෙන ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් මස දහතුන් වෙනි දා රාත්‍රී කාලයේදීය.
පොලිස්පති සීඩී වික්‍රමරත්න ම ඩී වික්‍රමරත්න මහතා විසින් මෙය සොරා ගෙන යාම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට භාරදී තිබිණි.
මෙය හොරා ගෙන ගිය අය ගැනතොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන සොරාගත් සඳගලසොයා ගැනීමට රහස් පොලිසියේ සමුහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල පන්නන්න අනුබල දුන් දෙකක් මාට්ටු